CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3686 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 05, 2024India183 Min.
Your rating: 0
9.3 90 votes
The Greatest of All Time (2024) | “ලෙයට එරෙහි ලෙය”
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මේකේ posters, teaser නිකුත් වෙනකොට ගොඩක් අය කිව්වා මේක Time Travel සීන් එකක් කියලා..හැබැයි එහෙම සීන් එකක් නම් තිබ්බේ නෑ මේකේ.. මේ අවුරුද්දේ සැප්තැම්බර් 5 වෙනිදා නිකුත් වුණ මේක අයත් වෙන්නෙ Science Fiction & Action / Thriller කියන කැටගරි එකට.. ධාවන කාලය නම් පැය 3යි විනාඩි 3ක්‌ වෙනවා.. ඒවගේම පලවෙනි දිනයේ තිරගත වීමෙන් ඉන්දියන් රුපියල් කෝටි 126+ ආදායමක් උපයන්නත් මේක සමත් වුණා.. මං මේ ලිපිය ලියන වෙලාව වෙනකොට දවස් 5ක්‌ වගේ කෙටි කාලයක් ඇතුලත ලොව පුරා සමස්ත ආදායම ඉන්දියන් රුපියල් කෝටි 288 පසු කරල තියෙනවා වගේම ලංකාවේ ආදායම කෝටි 16 පසු කරල තියෙනව 🌝🔥

අධ්‍යක්ෂණය – වෙන්කට් ප්‍රභූ
භාෂාව – දමිළ
ශානාරය – Sci-fi & Action
ධාවන කාලය – 183 මිනිත්තු
නිෂ්පාදන ආයතනය – AGS Entertainment
රංගනය – Vijay, Prashanth, Prabhu Deva, Ajmal Ameer, Mohan

අධ්‍යක්ෂණය – වෙන්කට් ප්‍රභූ

වෙන්කට් ප්‍රභූ කිව්වම නොදන්න දමිළ චිත්‍රපටි රසිකයෙක් නම් නැතුව ඇති.. මොකද මෙයා අමුතු අමුතු ජාතියේ ලස්සන වැඩ කරන අධ්‍යක්ෂක කෙනෙක් නේ.. Silambarasan T. R ගේ Maanaadu, වික්‍රම්ගේ Mankatha, එතකොට වෙන්කට් අධ්‍යක්ෂනය කරපු පලවෙනි තෙළිගු ෆිලුම නාග චෙයිතන්‍යාගේ Custody, සූර්යාගේ Massu Engira Masilamani වගේ ෆිල්ම්ස් ගොඩක් දෙනෙක් දන්න ප්‍රසිද්ද ෆිල්ම්ස්.. ඔන්න එයා එහෙම ආපු ගමන මේ සැරේ තලපතිව යොදාගෙන තලපති ස්ටයිල් ෆිලුමක් දීලා තියෙනවා.. කතාව නම් ලොකු අමුතු කතාවක් නෙවෙයි.. සාමන්‍ය කතාවක් තමයි තිබුනේ.. අර තලපතිගේ වැඩ කෑලි නිසා එපා නොවී බලන්න පුළුවන් කම තියෙනවා 🥰

තලපති විජෙයි – ගාන්ධි / ජීවන් / සන්ජේයි ලෙසින්

1992 සිනමාවට පිවිසුනු ජෝශප් විජේ චන්ද්‍රසේකර් නොහොත් තලපති විජේ මේ වෙනකොට සිනමාපට 68 වගේ ප්‍රමාණයකට රංගන දායකත්වය දීලා තියෙනවා වගේම දැන් ඔහු කොලිවුඩ් සිනමාව තුල හොල්ලන්න බැරි නළුවෙක් වෙලා ඉවරයි.. ශ්‍රී ලංකාව තුලත් වැඩිම ෆෑන් බේස් එකක් තියෙන නළුවා විදියට තලපති හදුන්වන්න මේ ආදායම් වාර්තා හොදටම ප්‍රමාණවත්.. තලපතිගේ හැරවුම් ලක්ෂය වුනේ 2004 නිකුත් වුන Ghilli චිත්‍රපටය..Ghilli ෆිලුම 2003 නිකුත් වුන මහේෂ් බාබු රගපෑ okkadu ෆිලුමේ රීමේක් එකක් උනත් ඒ ෆිලුමට පණක් දුන්නේ තලපති කියන කාරණේ හැමෝම දන්නවා.. ඔන්න ඔතනින් එහාට තලපති එයාගේ රසිකයන්ට එයාල බලාපොරොත්තු වෙන මට්ටමේ ෆිල්ම්ස් ගොඩක් අරගෙන ආව.. Madhurey 2004, Thirupaachi 2005, Pokkiri 2007, Kuruvi 2008, Kavalan 2011, Thuppakki 2012 වගේ ෆිල්ම්ස් ඒවාට හොද උදාහරණ 🔥

ඔන්න ඊටපස්සේ තමයි විජේට අර Atlee කියන තරුණ සහ අළුත් අධ්‍යක්ෂකවරයව හම්බවෙන්නේ.. අට්ලී 2016 දි තලපතිට දෙනවා Theri කියලා ගින්දර ස්ටෝරියකුත් එක්ක පට්ට ෆිලුමක්.. මේක තිරගත වීමෙන් හිතපු නැති විදියට බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරනවා.. ඊටපස්සේ අට්ලී තලපතිට Mersal, Bigil වගේ තව සුපිරි ෆිල්ම් දෙකක් දෙනවා.. මේ වෙනකොට තලපති Screen එකේ වලඳක් හේදුවත් ඒක කෝටි 200 පන්නන මට්ටමට පත්වෙන්න ඒ ෆිල්ම්ස් සහ අට්ලී ලොකු හේතුවක් උනා කිව්වොත් හරි.. ඔහොම ගිහින් ගිය අවුරුද්දේ විජේ ලෝකේෂ් කනගරාජ් කියන අධ්‍යක්ෂකතුමා එක්ක එකතුවෙලා දුන්නු Leo ෆිල්ම් එක විජේ ෆෑන්ස්ල අතරේ උන්මාදයක් උනා 🥺❤️

ඔන්න ඉතින් ඊටපස්සේ තමයි මේ G.O.A.T එහෙමත් නැත්තම් The Greatest of All Time කියන ෆිලුම විජේ අපිට දෙන්නෙ.. විජේ දේශපාලනයට පිවිසෙන නිසා තාවකාලිකව සිනමාවට සමුදෙන තීරණේ නිසා විජේ ෆෑන්ස්ලට නම් මේක උණු කැවුම් වගේ භාණ්ඩයක්..සුපුරුදු විදියට මේකත් විජේගේ One Man Show එකක්‌ 😌 විජේ මුලින්ම dual role කරපු ෆිල්ම් එක තමයි 2007 ආපු Azhagiya Tamil Magan කියන්නේ.. ඊටපස්සේ විජේ බර ෆිල්ම් ගොඩක ඩබල් ඇක්ටින් කරානේ.. හැබැයි Azhagiya Tamil Magan ෆිලුමේ විලන් රෝල් එකක් කරාට පස්සේ විජේ විලන් රෝල් එකක් කරන ෆිලුම තමයි G.O.A.T  ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටියත් එක්කනේ විජේගේ විලන් රෝල් එකක් බලන්න.. Hero ත් තලපති වෙලා Villain ත් තලපති උනහම අමුතු ෆන් එකක් තියෙනවා 🤭

ගාන්ධි කියන Main Role එක නම් ලොකු වෙනසක් තිබ්බේ නෑ.. තලපති Leo එකේ කරා වගේම රංගනයක්‌ තමයි තිබුනේ.. ඊටපස්සේ ජීවන් එහෙමත් නැත්තම් සන්ජේයි කියන Villain Role එක ගත්තම නම් ගින්දර ටිකට තිබුනා.. ප්‍රධාන චරිතෙට වැදුනේ නැති විසිල් විලන් රෝල් එකට වැදුනා කිව්වොත් හරි.. තලපතිගේ ඇක්ටින් නම් “වේර ලෙවල් “ 🥵

ඒවගේම මේ De Aging තාක්ෂනය මේකේ නියමෙටම යොදාගෙන තිබුනා.. ඔයාලට මතක ඇති 2019 ආපු Gemini Man ෆිලුමේ අවුරුදු 50 ක්‌ විතර වෙච්ච විල් ස්මිත්ව අපිට අවුරුදු 30ක විතර Young look එකකින් පෙන්නුවා.. මෙතන කරල තියෙන්නේත් අන්න ඒ දේමයි.. මුල් ටිකේ මේක බලද්දී Gemini Man මතක් නොවුනාමත් නෙවෙයි 🥲🤭 ඉන්දියාවේ මේ තාක්ෂනය යොදා ගැනුනු Dunki, Kalki වලට වඩා මේ ෆිලුමේ ඒ තාක්ෂනය කැපී පේන්න තිබුන.. ඒවගේම මේකේ තලපතිට හොද Title Card එකක්‌ සහ තලපති ෆෑන්ස්ල බලාපොරොත්තු වෙන මට්ටමේ ගින්දර Entry එකක් දීලා තිබුනා.. මේකේ එන whistle podu ගීතය තලපති විසින්ම ගායනා කිරීමත් විශේෂත්වයක්.. ඔන්න බලන්නකෝ එහෙනම් තලපති ෆෑන්ස්ලටම කියාපු ෆිලුමක් 🔥

Prabhu Deva – කල්‍යාන් ලෙසින්

ප්‍රභූගෙන් නම් මීට වඩා වැඩක් ගන්න තිබුනා කියන එකයි මගෙ අදහස නම්.. එයාගේ නර්තන හැකියාවෙන් උනත් වැඩ අරන් තිබුනා මදි.. හැබැයි එයාට දීලා තිබුණු චරිතෙට නම් සදාරණයක් කරල තිබ්බ ❤️

Prashanth/ Ajmal Ameer /Jayaram – SATS නිලධාරීන් ලෙසින්

තුන්දෙනාම එයාලගෙ චරිත වලට ලොකු සදාරණයක් කරල තිබ්බ.. හැබැයි අමීර් වගේ නළුවෙක්ගෙන් වැඩ ගත්ත මදි.. එයාට ලොකුවට ෆිලුමේ වැඩක් තිබ්බෙත් නෑ වගේ දෙයක් පෙනුනා.. හැබැයි Ajmal, Prashanth, Jayaram එයාලගේ duty එක හොදටම කරල තිබුනා ❤️

Yogi Babu මැදදී ඇවිල්ල ආතල් එකක් දීලා යයි කියලා හිතුනට ෆිලුම ක්ලයිමැක්ස් එක දක්වා ගේන්න එයාගෙනුත් ලොකු දායකත්වයක් ලැබිල තිබුනා..

මෙලොවින් සමුගත් ජනප්‍රිය දමිළ නළු Vijayakanth ගේ කැමියෝ එකක් තිබුනා මුලින්ම.. Artificial Intelligence තාක්ෂනයෙන් තමයි ඔහුගේ මුණ නිර්මාණය කරල තිබුනේ.. ඒ කැමියෝ එක ෆිල්ම් එකට හොද ගැම්මක් අරන් දුන්න 🔥

“Sivakarthikeyan” මේ කැමියෝ එකට තමයි තලපතිට පස්සේ වැඩියෙන්ම විසිල් හම්බුනේ.. Screen Time එක විනාඩි 1 හමාරක් වගේ කාලයට සීමා වෙලා තිබුනත් සිවා ඇවිල්ල ෆිලුමට මාරම ගැම්මක් එකතුකරා.. හැබැයි ඉතින් ආව ගියා 🥲❤️

Trisha Krishnan – Matta Song එකේ Young තලපති එක්ක Dance එකක් තිබුනා.. ඒ කැමියෝ එක වේර ලෙවල් තිබ්බ 🥺❤️ සමහර Dance Steps නම් Ghilli ෆිලුමේ Appadi Podu සින්දුවේ Dance Step වලට සමානව සකසල අපිට Ghilli ෆිලුමත් මතක් කරා ❤️

ඒවගේම මේ ෆිලුමේ සංගීතය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Yuvan Shankar Raja විසින්.. Songs, Bgm සුපිරිම කියලා කියන්න බැරි උනත් සාමන්යෙන් හොද මට්ටමක තිබුනා කියලා කියන්න පුළුවන් 🔥

අනික් කාරණේ තමයි මේකේ අපිට ගොඩක් කොලිවුඩ් ෆිල්ම්ස්, ගොඩක් තැන් වලදි මතක් කරල දුන්න.. දෙබස් වලින් සින්දු වලින් පවා ❤️ ඒ අතරින් ගොඩක් ඒවා තලපතිගේ සහ වෙන්කට්ගේ වීමත් විශේෂත්වයක්.. ෆිලුම බලද්දී බලන්නකෝ ඔයාලටත් ඒ ෆිල්ම්ස් මතක් වෙනවද කියලා 😉

කතාව නම් ලොකුවට කියන්න දෙයක් නෑ.. විශේෂ ත්‍රස්ත විරෝධී බලකායේ නිලධාරීන් පිරිසක් වටා තමයි කතාව යන්නෙ.. ඔවුන් කරන මෙහෙයුමකදී ඔවුන් නොදැනුවත්ව මෙනන් කියන ත්‍රස්තවාදියාගේ පවුල පිටින් ඝාතනය වෙනවා.. ඉතින් මේ ත්‍රස්තවාදියා ජීවිතය බේරාගෙන මේ බලකායේ නිලධාරී ගාන්ධි කියන කෙනාගෙන් පලිගන්න එන එක තමයි කතාව පුරාවටම තියෙන්නේ.. විශේෂත්වය තමයි ගාන්ධි කියන නිලධාරීයාගේ පුතා ජීවන්ව, අවුරුදු 5 දීම මැරුණා කියලා බොරුවක් පෙන්නලා පැහැරගෙන, මෙනන්ගේ බාරයට අරන් තාත්තාගෙන් පලිගන්න පුතාව යොමු කරන්න පෙලබෙන එක සහ ඒ වෙනුවෙන් ජීවන්ගේ මනස වෙනස් කරන එක..

ගාන්ධිගේ පුතේ ජීවන් වයස අවුරුදු 5 දි ජිවිතක්ෂයට පත්වීම..

ගාන්ධිගේ පවුල් ජීවිතය සම්පුර්ණයෙන්ම කණපිට හැරීම..

ගාන්ධිට රැකියාවෙන් ඉවත් වීමට සිද්ද වීම..

ඊට අවුරුදු ගානකට පස්සේ ජිවිතක්‍ෂයට පත් වෙච්ච ජීවන් නැවත පැමිණීම..

ඊටපසුව සිද්දවන ගාන්ධිගේ බලකායේ ප්‍රධාන නිලධාරී නසීර්ගේ සහ සාමන්‍ය නිලධාරී අජේයිගේ මරණ..

ඒ මරණ වලට වගකිව යුත්තා කවුරු උනත් ඒ කෙනාගෙන් පලිගන්න සැරසෙන ගාන්ධි 😈❤️

එහෙනම් ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම මේ සුපිරිය බලන්න කියලා 🔥 

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.6 /10 13,964 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay isGandhi / Jeevan
Gandhi / Jeevan
Prashanth isSunil Thiagarajan
Sunil Thiagarajan
Prabhu Deva isKalyan Sundaram
Kalyan Sundaram
Ajmal Ameer isAjay Govindharaj
Ajay Govindharaj
Mohan isRajiv Menon
Rajiv Menon
Jayaram isNazeer
Nazeer
Sneha isAnusuya
Anusuya "Anu" Gandhi
Laila isDr. Radhika Thiagarajan
Dr. Radhika Thiagarajan
Meenakshi Chaudhary isSrinidhi Thiagarajan
Srinidhi Thiagarajan

Similar titles

Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vivegam (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrambam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Titanic: 25 Years Later with James Cameron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaithi (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Sound Problem FIXED
Che: Part Two (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nuwan October 20, 2024 Reply

    ❤️👌

  • Pramod November 3, 2024 Reply

    2024 release උන martin මුවි එකේ sinhala subtitles dennako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published