CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2189 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Hangover Part 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Hangover Part 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 2013United States100 Min.
Your rating: 0
7 10 votes
The Hangover Part 3 (2013) | වෘක රැළේ අවසානය….

2009 වසරේ ජූනි 9 වනදා Todd Phillips ගේ අධ්‍යක්ෂණයෙන් The Hangover සිනමා ලෝකයේ අත් පොත් තිබ්බ. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් මත් පැන් වලට තවත් බෙහෙතක් එක් කිරීමෙන්. උදේ නැගිටල බනලකොට උන් හිටි තැන් මතක නැහැ. ඒ අස්සෙ ඩොග් පේන්නත් නැහැ, කොහොම කොහොම හරි එක එක හෝඩුවාව ගානෙ හොය හොය ලාස් වේගාස් නගරයම දෙවනත් කල මේ මිතුරන් ආපහු ඩොග් හොයාගත්තෙ මේ ඔක්කොම පටන් ගත්ත තැනදිම කියල බලපු බහුතරයකට මතක ඇති. මේ වෙනකොට කළු ඩොග්, Mr. වාව් වගේ උදවිය අපි මේ සලරුව හරහා අඳුනගෙන අවසානයි. මෙ කතාව IMDB 7.2 ලැබුව වගේම $467,483,912ක Box office ආදායමක් උපයන්න සමත්කම් පෑව.

ඉතින් ඒ හයියෙන්ම Todd Phillips, The Hangover Part II නමින් මෙහි දෙවැන්න 2011 මැයි 26 වැනිද ලොවට තිළිණ කලා. මුල් කතාවෙ හිටපු වෘක රැළම තමයි ඉතින් මේ වතාවේ බඳින්න හදන්නේ ස්ටු. නමුත් ඒ ආසියාතික තරුණියක් ඉතින් කට්ටියම යනව තායිලන්තයට. වෙරි මත මේ උදවිය පස්සෙන් එනව වගේ. මේ වතාවෙත් නැගිටිනකොට උන් හිටි තැන් දන්න නැහැ. මේ ඔක්කොටම අර බදින්න ඉන්න තරුණියගේ තරුණ මලයත් පැලුනා නොව, මේ වතාවෙ අතුරුදහන් වෙන්න මිනිහ. ඉස්සර වගේම හෝඩුවාවන් හොය හොය නොදන්නා නගරයට කරක් ගහනව මුලින් සල්රුවේ මුණ ගැහුණ ලොවන හදුනන අපරාධ කාරයෙක් වන ලෙස්ලි චාව් එක්ක. මල ජංජාලයක් කරගෙන ස්ටූ මූණෙ පච්චයක් ගහගෙන, ඇලන් කොන්ඩෙ කපාගෙන, ඒ අස්සේ අයිස්වල තිබිල ඇගිල්ලක් පවා අහු වෙනව. කොහොම කොහොම හරි මුළ වගේම තමා පටන් ගත්ත තැනම අර තරුණ කොල්ල ඉන්නව. මේ වතාවෙත් මේ සන්තෑසියට වග කියන්න ඕනෙ ඇලන් තමා ඉතින්. පෙර වගේම අති සාර්ථකයෙ Box office ආදායම $581,464,305. IMDB දර්ශකයේ ලකුණු 6.5යි.

ඔන්න ඔහොම කාලේ ගෙවිය යනකොට Todd Phillips මෙ පිස්සුව අවසාන කරන්න තීරණය කරපු බවත්, අවසානය The Hangover Part III (2013) නමින් අපේ අතර එනව කියන එක ගැනත කතා ලෝකෙ පුරා පැතිර ගියා. ඉතින් ඒ අවසනය 2013 වසරේ මැයි මාසෙ 23 අපි අතට එනව. මේ වතාවෙත් නළු නිළියො සමානයි. ඒ තමයි ෆිල් ලෙස පසුගිය වසරේ හොදම නළුවාට පිරිනැමෙන ඔස්කා සම්මානයට නාම යෝජනා ලද, 2011 වසරේ “People” සගරාවට අනුව “Sexiest Man Alive” ලෙස තේරී පත් වූ Bradley Cooper, ස්ටූ ලෙස Ed Helms ත්, ඇලන් ලෙස Zach Galifianakis සමඟ සුදු ඩොග් ලෙස Justin Bartha හා කළු ඩොග් ලෙස Mike Epps මෙවරත් තමන්ගේ දස්කම් පානව. මේ හැමෝම එක්ක මෙවරත් Mr. චාව් ලෙස Ken Jeong එක්කාසු වෙනව. අනික් නළු නිළියොත් ගොඩක්ම මුල් කතා වල හිටපු උදවියම තමයි. අර පළමු කතාවේ උන්න පුංචි බබා “කාලෝස්” පවා අවසානයට එක්කාසු වෙනව. මෙවර IMDB අගය 6.2යි. මේ වෙනකොට Box office ආදායම $272,874,000. බොහොම සාර්ථක සිනමා නිර්මාණ ත්‍රිත්වයක් විත්තිය මේ ආදායම් දැක්කම පේනවනේ. චිත්‍රපට තුනක් තුලි අප සිනා සාගරයක ගිල්වූ මොවුන් නිළ වශයෙන් යන්න ගිහින් මේ වෙනකොට. අපිට ඉතුරු කල අවසාන මතකය තමයි මේ ඔබ වෙත මම් සමීප කරන්න උත්සාහ කරන්නෙ.

අවසාන මතකය මෙහෙමයි. මේ වතාවේ මංගල සාද නැහැ. ඇලන් කරන පිස්සු වැඩකට තරහ අරගෙන ඔහුගේ පියා මෙලොව හැර යනව. ඔහුගේ පිස්සු ඉවසන්නම බැරි තැන මේ මිතුරන් හා පවුලේ උදවිය ඔහුගේ ප්‍රතිකාර නැවත පටන් ගන්න හා ඔහුගේ පාළුව මකන්න යම් තැනකට ඔහු ගෙනියන්න එකග කර ගන්නව ඒත් ඉතින් මගක් යනකොට මේකා “බෑ” කියනවනෙ… එතකොට පරක්කු වැඩී වාහනේ හප්පලා මැරයො කට්ටියක් මොවුන් පැහැරගෙන යනව. හේතුව බලනකොට මුල් කතාවේ වුන සිදුවීමක්, මෙයාලට ලැබෙනව මෙහෙයුමක් ඒ තමයි මාෂල් නැමැත්තාට අයත් Mr. චාව් විසින් සොරාගත් ඩොලර් මිලියන 21ක් වටිනා රත්‍රන් තොගයක් නැවත ගෙනත් බාර දීම. මේක හරියටම කෙරෙනකම් ඩොග්ව තියාගන්නව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට. චාව් මේ වෙනකොට හිරේක ඉදල ඒකෙනුත් පැනල. මිනිහ පිස්ස වුනාට දක්ෂය, කපටියනේ. කොහොම කොහොම හරි ඇලන්ට නම් තවම චාව් එක්ක සම්බන්ධකම් තියනව. චාව් හමු වෙනව… මේ පාර මෙයාලගෙ උත්සාහය වෙන කෙනෙක් මත් කරන්න.. ඒ තමා චාව්. ඒක හරියාවිද? මොනවා නම් මෙ පිස්සො රැළ කරගනී ද? රත්‍රන් කොහේ නම් තියනව ඇති ද? චාව් ඩොග්ගේ ජීවිතය බේරගන්න ඒ ටික දෙන්න සූදානම් ද? මේ සියල්ලේ අවසානය කෙබදු වේවිද කියල බඩ පැලෙබකම් හිනා වෙවී මිනිත්තු 100 ඇතුලත ඔයාලටම බලාගන්න පුලුවන් දැන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 5.8 /10 333,129 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jack Gill
Director

Cast

Bradley Cooper isPhil Wenneck
Phil Wenneck
Ed Helms isStu Price
Stu Price
Justin Bartha isDoug Billings
Doug Billings
Ken Jeong isMr. Chow
Mr. Chow
John Goodman isMarshall
Marshall
Jeffrey Tambor isSid Garner
Sid Garner
Mike Epps isBlack Doug
Black Doug

Similar titles

The Golden Compass (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The The Lion King (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prisoners (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Simmba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guilty (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eedo Rakam Aado Rakam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ambili (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chip ‘n Dale: Rescue Rangers (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alita: Battle Angel (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published