CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Iron Claw (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Iron Claw (2023) | වොන් එරික් ශාපය
The Iron Claw (2023) Sinhala Sub
The Iron Claw (2023) Sinhala Subtitle
The Iron Claw (2023) Sinhala Subtitles
IMDB 7.7 ක් පවත්වාගෙන ඇති මෙය හොඳ ප්‍රතිචාර ලැබූ ඉතා උණුසුම් ක්‍රීඩාවට සම්බන්ධ චරිතාපදාන ප්‍රබන්ධයක්.
වෘත්තීය මල්ලව පොර හෙවත් Professional wrestling යනු ලෝකයේ ඉතා ජනප්‍රිය එහෙත් ක්‍රීඩාවකට වඩා ප්‍රසාංගික කලාවක් ලෙස හැඳින්විය හැකි නරඹන්නන්ට විනෝදාස්වාදය සැපයීම මූලික කර ගත් අංගයක් ලෙස හඳුන් වන්න පුළුවන්.මෙහි සැබෑ මල්ලවපොර සහ සටන් කලාවන්හි අංග ඇතුළත් වුවත් යම් කිසි මෙහෙය වීමකට යටත්ව සැබෑ තරඟ ලෙස නරඹන්නන්ට ඒත්තු ගැන් වෙන සේ සිදු කරන ප්‍රදර්ශනාත්මක තරඟ පවත්වන අතර එහි ක්‍රීඩකයින් හෙවත් නළුවන් රසිකයින් අතර ඉතා ප්‍රසිද්ධ අයිකන බවට පත් වී තිබෙනවා. ඔබද මේ මල්ලව පොර ඕනෑ තරම් නරඹා ඇති අතර ඒවා බොහෝ දෙනෙක් ප්‍රිය කරන බවට සැකයක් නෑ. එමෙන්ම ඒවායේ ජනප්‍රිය ක්‍රීඩකයින් ගැනද ඔබ දන්නා බවට කිසිදු සැකයක් නෑ. එහෙත් ඒ වාගේම මේ තරඟ කොතරම් ව්‍යාජද යන්න බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. ඒ උනත් මේ හා සමගාමීව ශූරතාවන් සඳහා පවත්වන සත්‍ය මල්ලව පොරද තිබෙනවා. මේ ද්විත්වය හරහාම අති විශාල මුදලක් සංසරණය වෙනවා. ඉතිං කෙටි හැඳින් වීමක් කලේ මේ චිත්‍රපටය මල්ලව පොර සම්බන්ධ කතාවක් නිසා
වොන් එරික් පවුල මේ මල්ලවපොර ද්විත්වයටම සහභාගී උන එහි ආදිපත්‍යය රඳවා ගත් එය ඔවුන්ගේ ජීවනෝපාය කරගත් පරම්පරාවක්. මේ වන විට ඔවුන්ගේ තුන් වන පරම්පරාවත් මෙම ක්‍රීඩාවේ යෙදෙනවා. 1950 දශකයේ ෆ්‍රිට්ස් වොන් එරික් ආරම්භ කල මේ ගමන ඔහු ඔහුගේ පුත්‍රයින්ට දායාද කලා. එයින් එක පුතෙකු වූ කෙවින් වොන් එරික්ගෙ චරිතය වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. ඔහු තමයි මේ දෙවන පරම්පරාවෙන් ජීවතුන් අතර සිටින එකම සාමාජිකයා. සිය ජීවනෝපාය සඳහා මල්ලව පොර ක්‍රීඩාවට පිවිසෙන මේ පවුලේ පියාගෙන් පුත්‍රයින්ට මෙම ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට එන බල පෑම අති මහත්.කෙසේ වෙතත් ඔවුන් ඉතා එකමුතුව සිය කාර්‍යය ගෙන ගියත් ඒ තුලින්ම ඔවුන් එකිනෙකාට විවිධ ප්‍රශ්න ගොඩ නැගෙනවා. එහි ප්‍රතිඵල කෙසේ වේද? ජනතාව සඳහන් කරන වොන් එරික් ශාපය ඔවුන්ට කෙසේ බලපායිද?
දැඩිම, ශක්තිමත්ම සහ සාර්ථකව සිටින තෙක් කිසිවකට අපිට රිද්දන්න බෑ. ඒකයි ඔවුන්ගේ පවුලේ පාඨය. එහෙත්…












