
මේ චිත්‍රපටය තිරගත උනේ 1984දි. ටිකක් පරණයි තමා. ඒත් කිසිම පරණ ගතියක් නම් පේන්නෙ නෑ. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ John G.Avidsen විසින්. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Ralph Macchio,Elisabeth Shue, Noriyuki Morita යන රංගන ශිල්පීන්. මෙය ඉහල වාණිජ සාර්ථකත්වයක් ලැබු චිත්‍රපටයක්. 1984 වර්ෂයේදි වැඩිම ආදායමක් සෙවු චිත්‍රපට අතරින් මෙයට හිමි උනේ 5වෙනි තැන. මේ චිත්‍රපටය ලැබු සාර්ථකත්වය නිසාම මේ චිත්‍රපටය ඇසුරින් තවත් චිත්‍රපට 3ක් නිර්මාණය උනා. එමෙන්ම 2010 වර්ෂයේදි නිකුත් වු Will Smith විසින් නිෂ්පාදනය කෙරෑ The Karate Kid කියන චිත්‍රපටයට පාදක උනෙත් මේ නිර්මාණයම තමා. මේ චිත්‍රපටය හොඳ IMDB අගයකුත් ලබා තියෙනවා. එම අගය 7.2 ක්. චිත්‍රපටය ගැන කිව්වොතින් නම් මේක කිසිම කම්මැලිකමක් නැති මුල ඉදන් අගටම එකම ගැම්මෙන් නරඹන්න පුළුවන් ගොඩක් ලස්සන කතාවක්. ඒ වගේම මේක වයස් භේදයකින් තොරව ලොකු පොඩි හැමෝටම එක වගේ රස විඳින්න පුළුවන් එකක්.
දැන් මං මේකේ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. මේ කතාව පටන් ගන්නෙ ඩැනියෙල් ලාරෑසෝ නැමැති පාසල් සිසුවෙක්නේ. ඔහු තම මවත් සමග තමා ජීවත් වෙන ප්‍රදේශය අතහැර ඉතා දුර බැහැර ප්‍රදේශයකට ජීවත් වීමට පැමිණෙනවා. මොහුට සිදුවෙනවා මේ ප්‍රදේශයේ නව පාසලකට ඇතුල් වෙන්න. මොහුට මේ පාසලේ ඉගෙනුම ලබන තවත් සිසුන් කණ්ඩායමකගෙන් නොයෙක් හිරිහැර වලට ලක්වීමට සිදුවෙනවා. මේ අභියෝගයට ඩැනියෙල් මුහුණ දෙන්නෙ කොහොමද කියලා තමා මේ කතාවෙන් නිරෑපණය වෙන්නෙ. මෙහිදි ඩැනියෙල්ට සුවිශේෂි පුද්ගලයකුගෙන් කරාටේ ඉගෙනීට අවස්ථාවක් ලැබෙනවා. ඉතිං ඩැනියෙල් ඒ අභියෝගයට මුහුන දෙන හැටි ඔයාලම චිත්‍රපටය බාන් බලන්න. කලිනුත් කිව්වා වගේ මේක නම් ආයි ආයි බලන්න හිතෙන සුපිරිම බයිස්කෝප් එකක්. ඕගොල්ලො මේක කලින් නරඹලා තිබ්බත් ආයි බලන එකේ කිසිම අවුලක් නෑ. මොකද ඒ තරමටම මේක එපා නොවන නිර්මාණයක්. කොච්චර බැලුවත් ඇති හිතෙන්නෙ නැති එකක්
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 600.01 MB | English | |
BluRay HD 720p | 1.26 GB | English | |
BluRay FHD 1080p | 2.34 GB | English |