CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5226 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023United Kingdom111 Min.
Your rating: 0
9.6 17 votes
The Last Kingdom: Seven Kings Must Die (2023) | රජවරු හත්දෙනෙක් මැරෙන්න ඕනේ? [සිංහල උපසිරසි] 18+

ක්‍රිස්තු වර්ෂ 9-10 ශතවර්ෂවල පූර්ව-මධ්‍යතන එංගලන්තයේ ආරම්භය ආශ්‍රිත පසුබිම අළලා Bernard Cornwell අතින් ලියවුණූ The Saxon Stories කියන නවකතා පෙළ තමයි The Last Kingdom හැටියට පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් කරළියට එන්නේ. ස්කොටියාව (ස්කොට් වරු), අයර්ලන්තය (වයිකිංවරු) වගේ විවිධ විවිධ පැතිවල අය මහා බ්‍රිතාන්‍යයේ බිම් පෙදෙස් අල්ලගත්ත මහ නිකං කලවම් මැල්ලුම් යුගයක්. ඉතිං, ක්‍රිස්තුවර්ෂ 924 දී ඇංග්ලෝ-සැක්සන්වරුන්ගේ පාලකයා වුණු මහා එඩ්වර්ඩ් රජතුමන්ගේ මරණින් මතු ඇතිවුණු අර්බුදකාරී තත්වය මැද, වෙසෙක්ස්, ඇංග්ලියාව, මර්ෂියාව, නෝතම්බ්‍රියාව වගේ කෑලිවලට කැඩිල තිබුණු බ්‍රිතාන්‍යය එකට එකතු කරලා එක කොඩියක් යටට ගේන්න, නෝතම්බ්‍රියාවේ බෙබන්බර්ග්හි Uhtred Uhtredson කියන ප්‍රභූවරයා පෙරටු කරගත්තු කණ්ඩායමක් එකලාසයක් වුණු හැටි ගැන තමයි මේ කතාවේ කියවෙන්නෙ. අපේ ප්‍රධාන චරිතය වෙන මේ ඌත්‍රඩ් කියන්නේ ඇත්තටම බර්නාඩ් ගොතපු චරිතයක්, නමුත් එ් චරිතය, ක්‍රි. ව. 1006 සිට 1016 දක්වා බැම්බර්ග් නගරයේ Earl පදවිය දරාපු Uhtred the Bold චරිතය ඇතුළු තවත් වැදගත් චරිත කිහිපයක සමමිශ්‍රණයක් හැටියට තමයි චිත්‍රපටයේ රචකයෝ අර්ථ දක්වන්නේ. කොහොමින්හරි ඒ නිසා තමයි මං හිතන විදිහට මේ ඌත්‍රඩ්ම කියන්නෙ තමන්ට වංශකතාවල ලියැවෙන්න ආසාවක් නැති බව.

එඩ්වඩ් රජතුමාගේ ඇවෑමෙන් සිංහාසනය උරුම කරගන්න ඉන්න ඇතල්ස්ටන් කියන කුමාරයා මේ වෙලාවේ තමන්ගේ “පෙම්වතා” වෙන (ඔව්, සමරිසි සම්බන්ධයක්… චැහ්!) ඉංග්ලිමන්ඩර් කියන සාමිවරයාගේ මායම් වැලකට අහුවෙලා ඉන්නෙ, තනිකරම ඇතල්ස්ටන්ගේ වගේම තමන් ඉදිරියට ඉස්සරහට මුණගැහෙන තවත් කීප දෙනෙකුගේ නිසැකයෙන්ම පිහිටලා තියෙන, “ඔයාට එහෙදි මෙහෙම වෙයි, ඒ නිසා මෙහෙම කරන්න” කිව්වොත් ඕන දහබලු වැඩක් කරන විදිහෙන් තියෙන අමූලිකා ශ්‍රද්ධාව සහ මෝහය තමයි මේ ඉංග්ලිමන්ඩර්ගේ ආයුධය. ඔහු මහා ජන සංහාරයකට මුල පුරන්නේ මේ විදිහට ඇතල්ස්ටන්ව බ්‍රේන්වොෂ් කරලා…

ඉතිං, මොනවයින් මොනවා වෙයිද, අන්තිමට අල්ලපු අත්තත් පයගහපු අත්තත් නැති වෙයිද, එංගලන්තයම සොහොන් පිටියක් වෙයි ද, එහෙමත් වුණා නම් අද එංගලන්තය කියල තියෙන්නෙ මොකක්ද?

නිකං කරකෝලා අත ඇරියා වගේ නම් සමාවෙන්න, දැනටම පාන්දර දෙකයි වෙලාව. කාගෙන සබ් එක ඇදන් යද්දි දවල් රෑ තේරුමකුත් නෑ නෙවැ. ඉතිං, Alexander Dreymon, Elaine Cassidy, Agnes Born, Harry Gilby, Zak Sutcliffe, Ewan Horrocks, Mark Rowley, Pekka Strang සහ Cavan Clerkin ප්‍රමුඛ ශක්තිමත් පාත්‍රවර්ගයක එකතුවෙන්, මේ අවුරුද්දේ, අපේ විදිහට ගත්තොත් අලුත් අවුරුද්ද දවසේ නෙට්ෆ්ලික්ස් වෙතින් දොරට වැඩුණු මේ සලරුව IMDb මාපකයේ ලකුණු 10න් 7කත්, තක්කලිමීටරේ 88%කත්, Audience Score 73%කත් ඉහළ ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. පුරා හෝරාවන් දෙකක් පුරාවට ප්‍රේක්ෂකයා ලොමුදැහැ ගැන්වෙන මේ සලරුවේ තිර රචනයට එකතුවෙන්නේ Martha Hillier සහ Bernard Cornwell. අධ්‍යක්ෂණය කළේ Edward Bazalgette. නිෂ්පාදනය කානිවල් ෆිල්ම්ස්. වෙතින්. අහිතක් හිතන්න එපා, අමෙරිකානු MPAA ආයතනයෙන් මේක ශ්‍රේණිගත කරල තියෙන්නේ Mature Audiences (TV-MA) කැටගරියට.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විතානගේ දුවිඳු තරින්ද පෙරේරා (Baiscopelk)
IMDb 6.9 /10 24,230 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Alexander Dreymon isUhtred of Bebbanburg
Uhtred of Bebbanburg
Harry Gilby isAethelstan
Aethelstan
Laurie Davidson isIngilmundr
Ingilmundr
Elaine Cassidy isQueen Eadgifu
Queen Eadgifu
Rod Hallett isConstantin
Constantin

Similar titles

Athidhi (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dev (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karnan (2021) Sinhala Subtitles | watch Online
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forgive Us All (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Genisys (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • shehan sp May 21, 2023 Reply

    thanks saho……thawa me wage legendary films genna puluwan nam,good luck

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published