CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2392 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 [No Ads]
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 02, 2016United Kingdom133 Min.
Your rating: 0
10 2 votes
The Light Between Oceans (2016) | ආදරණිය ලූසි-ග්‍රේස්

මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නළුවයි නිළියයි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . දකිනකොට දන්නවා ඇති. නළුවා විදියට රංගනයෙන් දායක වෙනවා “Michael Fassbender” ඔහුව හැමෝම දන්නේ එක්ස් මෑන් එකේ හිතුවක්කාර “මැග්නේටෝ” විදියට. තව ඔහු “Assassin’s Creed”, “Steve Jobs“, “Macbeth” ඇතුළු තවත් දැවැන්ත චිත්‍රපට කිහිපයකයකට රංගනයෙන් දායක වුනා. නිළිය නම් ඉතින් ගොඩක් අය දන්නවා ඇති “ජේසන් බොර්න් ” ගාවට යහළුවෙකු ලෙස පැමිණි සතුරා විදියට! රංගනයෙන් දායක වෙන්නේ “Alicia Vikander” ඒ වගේම ඇය “The Danish Girl“, “The Man from U.N.C.L.E.” යන ෆිල්ම් වලට රංගනයෙන් දායක උනා. මේ ෆිල්ම් එකට මට උපසිරැසිය කරන්න මෙච්චර පරක්කු උනේ, BluRay පටය නිකුත් උනාට පස්සේ තමා හොද උපසිරැසියක් නිකුත් උනේ අන්තර්ජාලයට. කොහොමහරි මට පුළුවන් තරම් ඉක්මනට මම උපසිරැසිය නිර්මාණය කරලා අපේ බයිස්කෝප් යාලුවන්ට ඔන්න ලබාදුන්නා. දැන් අපි යමු ෆිල්ම් එක පැත්තට.

ටොම් ශර්බෝන් කියන්නේ යුද්ධය නිම කර පැමිණි යුධ වීරයෙක්. ඔහු රැකියාව විදියට තෝර ගන්නවා ප්‍රදිපාගාරයන් රැකබලාගන්නෙක් විදියට. ඔහුට තාවකාලික රැකියාවක් ලැබෙනවා බටහිර ඕස්ට්‍රේලියාවේ දුපතක. මේ දුපත තමා ඔහුගේ ජීවිතය අනිත් පැත්ත ගහන්නේ. ඉසබෙල් කියන තරුණිය මුණ ගැහෙනවා මේ ටොම් ශර්බෝන් ට. මේ කතාවේ කතා විලාශය එහෙන් පිටින්ම වෙනස්, ආචාරශීලි ලෙස හැමකෙනා එක්කම කතා කරන්නේ, ඒ විදියටම මම උපසිරැසිය නිර්මාණය කරා. ඉසබෙල් සහ ටොම් විවාහා වෙලා අර කාත් කව්රුත් නැති දුපතේ පදිංචියට යනවා. එහෙ ගත කරපු අව්රුදු 3 නේදී ඇය දරුවන් දෙදෙනෙකු බලාපොරොත්තු උනත් ඒ අවස්ථා දෙකේදීම ඇගේ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර මිය යනවා. මේ විදියට අසරණ වෙලා ඉන්න ඉසබෙල් ගේ ජීවිතය වෙනස් කරේ. මුහුදේ ගහගෙන ආපු ඩිංගි බෝට්ටුවක්. ඒ ඩිංගි බෝට්ටුවේ මිය ගිය පුද්ගලයෙකුයි, ජිවත් වෙන කුඩා දරුවෙකුයි ඉන්නවා. ඉතින් ඒ කුඩා දරුවා වටා තමා කතාව ගෙතී යන්නේ. මේ දරුවාගේ අම්මා ජිවත් වෙනවා වගේම, ඇය හැම විදියකින්ම මේ දෙන්නව හොයාගන්න උත්සාහා කරත් ඒ හැම විදියක්ම අසාර්ථක වෙනවා. ඇත්ත අම්මා මේ දරුවාව හොයා ගනියිද, හදාගත්ත අම්මටයි තාත්තටයි ආවසානයේ මොනවයින් මොනවා වෙයිද. ඇයි මේ දරුවාගේ නම ලුසී-ග්‍රේස් උනේ! මේ වගේ ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා මම අදට ඔබෙන් සමු ගන්නවා.

මම හැමෝටම ආරාධනා කරන්නවා මේ ෆිල්ම් එක බලන්න කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ පොතක් පාදක කරගෙන.

The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Light Between Oceans (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවින් නිසල් ධනුෂ්ක (Baiscopelk)
IMDb 7.2 /10 59,021 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michael Fassbender isTom Sherbourne
Tom Sherbourne
Alicia Vikander isIsabel Sherbourne
Isabel Sherbourne
Rachel Weisz isHannah Roennfeldt
Hannah Roennfeldt
Bryan Brown isSeptimus Potts
Septimus Potts
Jack Thompson isRalph Addicott
Ralph Addicott
Caren Pistorius isAdult Lucy-Grace
Adult Lucy-Grace
Florence Clery isLucy-Grace
Lucy-Grace
Anthony Hayes isSergeant Vernon Knuckey
Sergeant Vernon Knuckey
Emily Barclay isGwen Potts
Gwen Potts
Leon Ford isFrank Roennfeldt
Frank Roennfeldt

Similar titles

Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saakshyam (2018) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Override (2021) Sinhala Subtitles | Watch Online
The Hunger Games: Mockingjay – Part 1 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: The Winter Soldier (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Look Up (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chemical Hearts (2020) Sinhala Subtitles
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Master Z: The Ip Man Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Girl (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published