CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2524 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 08, 2016United Kingdom108 Min.
Your rating: 0
10 3 votes
The Man Who Knew Infinity (2016) | අනන්තය දත් මිනිසා

2016 වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. හාඩි සමඟ ගොඩනගා ගත් මිත්‍රත්වය විදහා දැක්වෙන සත්‍ය කතාවක් මෙයට පදනම් වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMdB ratings) 7.2/10 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය, Matt Brown ගේ අධ්‍යක්ෂණයක්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා:
Dev patel – ශ්‍රීනිවාසම් රාමනුජන් ලෙස
Jeremy Irons – මහාචාර්ය ජී. එච්. හාඩි ලෙස
Devika Bhaise – ජානකි (රාමනුජන්ගේ බිරිඳ) ලෙස
Toby Jones – ලිට්ල්වුඩ් ලෙස
Jeremy Northam – බර්ට්‍රන්ඩ් රසල් ලෙස

1887 වසරේ දෙසැම්බර් 22 දින උපත ලද ශ්‍රීනිවාසම් රාමනුජන්, ඉන්දියාවේ කල්කටාවේ ජිවත් වුණු, අතිශය ආගමනුකුල ජිවිතයක් ගත කළ, බ්‍රාහ්මණ වංශික පුද්ගලයෙක්. ඔහුගේ කෙටි ජිවිත කාලය තුල, සාධනයකින් තොරව හුදු පරිකල්පනයෙන් ඉදිරිපත් කළ 3900 කට ආසන්න ගණිතමය ප්‍රතිඵල වැඩි ප්‍රමාණයක් අද වන විට සත්‍ය බවට සාධනය කෙරී තිබෙනවා. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා රාමනුජන් විධිමත් අධ්‍යාපනයක් ලබා නො තිබුණත්, ඔහුගේ සහජ ප්‍රඥාව යොදාගෙන, හුදෙකලාව ස්වයං අධ්‍යයනයෙන් කළ විවිධ ගණිත පර්යේෂණ ඇසුරින්, ඔහු විසින් දායාද කළ නව සිද්ධාන්ත නිසා ඔහුව ගණිත ඉතිහාසය තුල ඔයිලර්, ගවුස් සහ ජැකොබී වැනි විශිෂ්ට ගණයේ ගණිතඥයන් හා සම තත්වයෙහි ලා සලකනවා.

විධිමත් අධ්‍යාපනයක් නො ලැබුව ඔහු කොහොමද මෙහෙම විශිෂ්ට ගණිතඥයෙක් වුණේ? සාධනයකින් හෝ පැහැදිලිව වටහා ගත හැකි ඔප්පු කිරීමකින් තොරව ඔහු එම ගණිතමය ප්‍රතිඵල ලබා ගත්තේ කොහොමද? ඔහු ස්ව-අධ්‍යයනයෙන් ගණිත දැනුම ගවේෂණය කළා. ඔහු විශ්වාස කළේ තමන්ට මෙසේ නිවැරදි සමීකරණ හා සිද්ධාන්ත පිලිබඳ දැනුම ලබා දෙන්නේ ලක්ෂ්මි දෙවඟනගේ එක ස්වරුපයක් ලෙස සැලකෙන නමක්කාල්/ නාමගිරි දෙවඟන බව යි. මේ ගැන වරක් ඔහු මෙහෙම ප්‍රකාශ කළා,

“….කිසිම සමිකරණයකින් මට ඇති වැඩක් නැහැ,
ඒක දෙවියන්ගේ සිතුවිල්ලක් නෙවෙයි නම්….”

රාමනුජන්ගේ සුවිශේෂී දක්ෂතා වලින් එකක් නම් ක්ෂණිකව ගැටළු වලට පිළිතුරු දීමේ හැකියාව යි. වරක් ඔහුගේ කාමර සගයෙක් වුණු චන්ද්‍ර මහලනොබිස් ඔහුට ගණිතමය ගැටළුවක් ඉදිරිපත් කළා.

“1 සිට n දක්වා අංකනය කළ ගෙවල් සහිත විථියක ඔබ ඉන්නවා. ඒ අතර පිහිටන එක්තරා (X) නිවසකට වමෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා එකතුව සහ දකුණෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා වල එකතුව සමානයි නම්, සහ n සංඛ්‍යාව 50ත් 500ත් අතර සංඛ්‍යාවක් නම් x සහ n හි අගයන් මොනවාද? “

මේක පිළිතුරු කිහිපයක් තිබුණු ද්විවිචල්‍ය ගැටළුවක්. මේ ගැන හිතපු රාමනුජන් පිළිතුර ලෙස දුන්නෙ සන්තත භාගයක් (continued fraction).එහි ප්‍රශ්නයට පිළිතුරු සියල්ල අඩංගු වුණා. විමතියට පත් මිතුරා එය කළ අන්දම රාමනුජන් ගෙන් විමසු විට ඔහු කිව්වේ මෙහෙමයි,

“ඒක සරල යි. ප්‍රශ්නය අහපු වෙලාවේම මට තේරුණා, පිළිතුර සන්තතික භාගයක් බව. මොන සන්තතික භාගය ද කියලා මම මගෙන් ම අහනකොට උත්තරේ එක වරම මගේ මනසට ආවා.”
[“The Man Who Knew Infinity,”(1991),Kanigel, Robert, page 7 of Prologue]

රාමනුජන් ට අනුව, නමක්කාල් දෙවඟන ඔහුට දර්ශනය වී, ඔහුට ගණිතමය සමීකරණ යෝජනා කරන අතර, ඔහු විසින් පසුව එය සත්‍යාපනය කර බලයි. එවැනි එක සිද්ධියක් ඔහු සඳහන් කරන්නේ මෙසේ යි:

“නින්දේ අතරතුර, මා අසාමාන්‍ය අත්දැකීමක් ලැබුවෙමි. රුධිරය ගලා ඒමෙන් නිර්මාණය වුණු රතු තිරයක් මට දර්ශනය විය. එක්වරම මතු වූ අතකින් එහි ලියැවෙන්නට පටන් ගත්තේ ය. ඒ අතින් ඉලිප්සීය අනුකල ගණනාවක් ලියැවිණි. ඒ සියල්ල මගේ මතකයේ රැඳුනි. අවදි වූ සැණින් මා ඒ සියල්ල කොළයක ලියා තැබුවෙමි!”
[Ktz. Michael(2011). Tibetan Dream Yoga. Bodhi Tree Publications.]

ඔහුගේ ගණිතමය සොයාගැනීම් සටහන් පොත් හතරක අන්තර්ගත වුණු බව කියවෙනවා. එයින් තුනක් ඔහු එංගලන්තයට යන්නට පෙර සිදු කළ ගණිතමය ගවේෂණ වෙනවා. ඒ සටහන් පොත් තුන 1957 දි වෙළුම් දෙකකින් යුතුව ඉන්දියාවේ Tata Institute Of Fundamental Research (TIFR) මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඔහුගේ සිව්වන සටහන් පොත හඳුන්වනු ලබන්නේ “අතුරුදන් වූ සටහන් පොත ” නමිනු යි. අපිළිවෙලට සැකසුණු පිටු 87කින් සමන්විත වුණු එම සිව්වන සටහන් පොත , රාමනුජන්ගේ මරණයෙන් පසු හාඩි වෙත යවනු ලැබුවේ ඔහුගේ භාර්යාව විසින්. රාමනුජන් ඉන්දියාවට නැවත පැමිණි පසු ඔහුගේ ජිවිතයේ අවසන් කාලය තුල කළ ගණිතමය සොයාගැනීම් එහි අන්තර්ගත වුණා.
ඔහුගේ ජිවිතයේ අවසන් වසරේදී, වසර ගණනාවක් තිස්සේ අභිරහසක් ව පැවතුණු දළ තීටා ශ්‍රිත ()Mock Theta Functions) අනාවරණය කර ගත්තා.

මනුෂ්‍ය නො වන ප්‍රාණීන්ගේ ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ අධ්‍යාත්මිකව දියුණු කරගත් මනසින් දැනුම ලබාගෙන ගොඩනගා ගන්නා සංකල්ප හෝ ප්‍රවාද බටහිර විද්‍යාවෙන් හෝ ගණිතයෙන් පිළිගන්නේ නැහැ. නමුත් එය පුරාණ පෙරදිග රටවල දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි සැලකෙන්නේ. රාමනුජන් එවැනි ක්‍රම භාවිතයෙන් ගණිතමය සොයාගැනීම් ගණනාවක් කළා. ඔහුගේ මිත්‍ර හාඩිගේ දැඩි බලකිරීම මත යි රාමනුජන් තමන්ගේ නව ගණිත ප්‍රවාද තර්කානුකුල ලෙස සාධනය කරන්නේ. මේ අනුව රාමනුජන් නම් අගනා දියමන්තිය ඔපදැමීමේ කිර්තිය හිමි වන්නේ මහාචාර්ය ජී. එච්. හාඩි මහතා හට යි.

චිත්‍රපටය ආරම්භයේදී ම මේ වගේ අපුර්ව වැකියක් ප්‍රකාශය කෙරෙනවා,
“මා හිතන්නෙ, හැමවිට ම ඉංග්‍රීසි ජාතිකයෙකුටත්, ඉන්දියානුවෙකුටත් එකිනෙකා පැහැදිලිව වටහා ගැනීමට අපහසු යි.”
නමුත් මේ අපුර්ව සිනමා කෘතියෙන් විවරණය වෙන්නෙ බටහිර සිනමාකරුවෙකුගේ ඇසින් රාමනුජන් නම් සාම්ප්‍රදායික ඉන්දීය මිනිසාව දුටු අන්දම, සහ ඔහු ව වටහා ගත් අන්දම යි.

මේ විශිෂ්ට ගණිතඥයාගේ විචිත්‍රාද්භුත, සංවේගජනක ජිවිත කතාන්දරය දැන් ඔබට සිංහල උපසිරසි සහිතව රස විඳින්න පුළුවන්.

The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ (Baiscopelk)
IMDb 7.2 /10 58,670 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

San Davey
Director

Cast

Dev Patel isSrinivasa Ramanujan
Srinivasa Ramanujan
Jeremy Irons isG. H. Hardy
G. H. Hardy
Toby Jones isLittlewood
Littlewood
Stephen Fry isSir Francis Spring
Sir Francis Spring
Kevin McNally isMajor MacMahon
Major MacMahon
Jeremy Northam isBertrand Russell
Bertrand Russell
Shazad Latif isChandra Mahalanobis
Chandra Mahalanobis

Similar titles

Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Figures (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Incoming (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Steppenwolf (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detained (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Occupant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Letter Room (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published