CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Moon (2023) | හඳට යාම

2023 අවුරුද්දේ අගෝස්තුවල තිරගත වුණු The Moon කියන චිත්‍රපටියට.Ratings ගැන කිව්වොත් Mydramalist 8.3 කුත් IMDb 6.1 කුත් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙනවා. මේක Sci-fi/Adventure ගණයටයි වැටෙන්නේ

කතාව ගැන කියනවා නම් මෙහෙමයි, මේ 2029 අවුරුද්ද. ඇමරිකාවෙන් ඇරෙන්න තව කවුරුත් හඳට ගිහින් නෑ. කොරියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ සංගමෙන් අයින් වෙලා ලෝකෙන් හඳට යන දෙවෙනි රට වෙන්න හදන්නේ. එයාලා මීට අවුරුදු පහකට කලිනුත් රොකට් එකක් ගගනගාමියො තුන් දෙනෙක් එක්ක ඇරියත් ඒ රොකට් එක පුපුරලා ගිහින්. ඉතින් මේ අවුරුද්දේ එයාලා තව රොකට් එකක් හඳට අරිනවා. පෘථිවියෙන් එළියට යනකං ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒත් කරුමෙට වගේ සූර්යාගේ ඉඳන් එන සූර්ය සුළං වලට මේ රොකට් එකට මූණ දෙන්න වෙනවා. මේ පාරත් රොකට් එකේ ගගනගාමියො තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං මේ තුන් දෙනා සුළං වලින් හානි විච්ච රොකට් එක හද හද ඉන්න තැනින් තමා කතාව පටන් ගන්නේ… ( ඊට කලින් පොඩි විස්තර වගයක් යනවා ) 

මං මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ ඔයාලටම බලන්න දෙනවා… මට නම් මේක ලස්සන චිත්‍රපටයක්. කවුරුත් මේකට උපසිරැසියක් හදලා තිබ්බේ නැති නිසා මම උපසිරැසිය හදන්න ගත්තේ මේ චිත්‍රපටය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා… 

හරි එහෙමනං කතාවේ තව විස්තර කිව්වොත් මේක Kim Yong Hwa අධ්‍යක්ෂකතුමාගේ සිත්තමක්… කොරියන් කතා බලන ඔයාලා දන්නවා ඇතිනේ Along with the Gods film series එක. ඒක ඔය අධ්‍යක්ෂකතුමාගේ… නළු නිළියෝ ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිත 3ක් තියේ… 

Hwang Sun Woo විදියට D.O රඟපානවා. එයා දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ බෑන්ඩ් එකක් වෙන EXO එකේ ප්‍රධාන ගායන ශිල්පියා. එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් Bad Prosecutor(2023),100 Days My Prince(2018)/ජාතික රූපවාහිනියේ අහිමි මතක,My Annoying Brother(2016),Along with the Gods(2017/2018) ,… විශේෂයෙන්ම කියන්න ඕන D.Oට මේ චිත්‍රපටය‌ වෙනු‌ව‌ෙන් දකුණු කොරියාවේ ජනප්‍රියම සම්මාන උළෙලවල් දෙකක් වන  Blue Dragon Film Awards හා Grand Bell Awardsහිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ උණා වගේම 32වන Buil Film Awardsහිදී වසරේ තරුවට හිමි සම්මානය ලැබුණා.

Kim Jae Guk විදියට Sol Kyung Gu රඟපානවා. එයා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදිත් සම්මාන ගත්ත දක්ෂ චිත්‍රපට නළුවෙක්..එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The Boys (2022), A Normal Family (2023),Man of Men (2019),Birthday (2019),… 

Comments