EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Old Gun (1975) | මරණයේ දූතයා

 

ජුලියන් ඩැන්ඩියු යනු 1944 දී  නෝමන්ඩි ආක්‍රමණය අතරතුර මොන්ටොබාන් වල රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ බිරිඳ සහ පෙර විවාහයේ දියණිය සමඟ ඔහු සාමකාමී ලෙස ජීවත් වේ. ඩැන්ඩියු ජර්මන් ආක්‍රමණයට බෙහෙවින් විරුද්ධය. එනිසාම ඔහු තුවාල ලත් ප්‍රංශ විප්ලවකාරී පාක්ෂිකයින්ට ප්‍රතිකාර කරයි. මෙනිසාම ඔහුට නිතිපතා තර්ජනද ඇතිවේ. මොන්ටොබාන් වලට ඇතුළු වන ජර්මානුවන්ගේ වර්ධනයත් ඔහුට එල්ලවන තර්ජනත් සමඟ ඔහු සිය පවුලේ අය ඔහුගේ ළඟම යාළුවා මාර්ගයෙන් ඈත ගමකට පිටත් කර හරියි. වැඩි පරිස්සමට පවුලේ ආරක්ෂාව ගැන හිතන ඩැන්ඩියුට තමන්ගේ සමීපතමයන් අහිමි වෙන්නේ එතැන් සිටයි..

1975 දී රොබට් එන්රිකෝ විසින් අධ්‍යක්ෂණය කල Le Vieux Fusil නැත්නම්  The Old Gun චිත්‍රපටය තමයි මේ. මෙහි  ජුලියන් ඩැන්ඩියු ලෙස පිලිප් නොයිරෙට්, ක්ලාරා ලෙස රෝමි ෂ්නයිඩර් සහ ෆ්‍රැන්කොයිස් ලෙස ජීන් බෝයිස් රංගනයෙන් දායක වේ.

මෙම චිත්‍රපටය වෙනුවෙන් 1976 දී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම සංගීතය වෙනුවෙන් සීසර් සම්මානය දිනා ගත් අතර හොඳම අධ්‍යක්ෂණය, සහාය නළුවා, රචනය, කැමරාකරණය, සංස්කරණය සහ ශබ්දය වෙනුවෙන් නම් කර ඇත.

1975 අගෝස්තු 22 තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය විනාඩ් 103ක ධාවන කාලයකින් යුක්ත වන අතර මෙහි IMDb අගය 7.5/10 වේ.

එහෙනම් අදට මං සමුගන්නම්.. හැමෝටම සුබ දවසක්..

Comments