CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Ring (2002) | කාටවත් නොකී රහසක්…

අද දෙන්න යන්නේ හොල්මන් කතාවක්…එසේ මෙසේ කතාවක් නෙමේ සුපිරි කතාවක්…මෙය සුපිරි කියන්නටම හේතුව මේ කතාව ආභාසයට අරගෙන අදත් හොල්මන් කතා නිර්මාණය වීමයි..ඒ වගේම Fear නැමැති පරිගණක ක්‍රීඩාවත් මේ බයිස්කෝප් එක ඇසුරු කරගෙන නිර්මාණය වූවක්..මේ බයිස්කෝප් එක රේටින් වල 7.2 කක් වැනි අගයක් ලබා ගෙන තියෙනවා.. බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Naomi Watts විසින්.ඇය විසින් රගපාන The International ,King Kong වැනි බයිස්කෝප් ඔබ සමහර විටෙක බලා ඇති..

අපි බයිස්කෝප් එකේ කතාව දෙසට හැරුණොත් කතාව පටන් ගැන්මේදීම තරුණියන් දෙදෙනෙක් යම් කිසි දෙයකට බය වී ඒ ගැන කතා කරන අතර..එයින් එක තරුණියක් එක මොහොතක නිවසේ තනිවෙන අතර ඉන් පසු සිදුවන්නේ රූපවාහිනීය ඉබේම ක්‍රියාත්මක වීමයි..ඉන් තැති ගන්නා තරුණියට අවසන සිද්ධ වෙන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය…බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණිය( Rachel ) මියගිය තරුණියගේ නිවසට යන අතර ඇයගේ පුතණුවන් යම් කිසි ගුප්ත බලවේගයක් විසින් මිය ගිය තරුණියගේ කාමරය වෙත ‍රැගෙන යයි..මේ මොහොතේ පුතා සොයා යන Rachel තරුණියගේ කාමරයේ දක්නට ලැබෙන්නේ ඇය මිය යෑමට දින කිහිපයකට උඩදී මිය ගිය තරුණිය විසින් විනෝද චාරිකාවකදී ගන්නා ලද ජායාරූප කිහිපයක් ගැනීමට ඇති බවත්ය..මින් පසු දින ඇය මේ ජායාරූප ටික ගන්නා අතර ඇයට දක්නට ලැබෙනුයේ ඒවා සේරම විරූපී වී ඇති බවත්ය..ඇය මොවුන් විනෝද චාරිකාව සදහා ගිය ස්ථානය සොයා යන අතර මෙහිදී එක්තරා වීඩියෝ පටයක් ඇයට සොයාගන්න ලැබෙයි..පසුව මෙය නරඹන අතර දක්නට ලැබෙන්නේ විකාර අත්භූත දර්ශනය..වීඩියෝ පටය ඉවරවෙනවාත් සමග දුරකථනය නාද වෙන අතර දුරකථනයෙන් කතා කරන තැනැත්තා පවසන්නේ ඇයට තව ජීවත්වීමට ඇත්තේ දින 7 ක් බවයි…

ඔන්න ඔතන ඉදන් කතාව බලන එක ඔබට බාරයි..මොකද්ද මේ වීඩියෝ පටයේ රහස කියලා…?

Comments