CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The School for Good and Evil (2022) | “මායා පාසල”

මේක ඇත්තටම රිලීස් වුනේ 2022 ඔක්තෝම්බර් මාසයේ 19.Netflix ආයතනයෙන් තමයි මේක රිලීස් කලේ. ඉතින් දන්න අය දන්නවා Netflix එකෙන් වැඩක් කලොත් ආයේ අහන්න දෙයක් නෑ සුපිරියි කියලා. ඉතින් මේකත් කිවුවා වගේම ඔයාගේ මනස වෙනත්ම මානයකට අරන් යන සුපිරිම ෆිල්ම් එකක්. Fantasy/Drama ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය පැය දෙකයි විනාඩි 27ක් පුරාවට දිවෙනවා. Netflix කරපු කොලිටි වැඩක් නිසාම කතාව සුපිරි නිසාම මේ චිත්‍රපටිය IMDb 5.9/10 ක ඉහළ රේටින් එකක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඔයාලා කවුරුත් බලලා ඇතිනේ හැරී පෝටර් (Harry Potter) චිත්‍රපට මාලාව. ඒක අපි කවුරුත් අදටත් ගොඩක් ආදරය කරන චිත්‍රපටි මාලාවක්නේ. අන්න ඒ වගේ චිත්‍රපටියක් තමයි මේකත්. හැරී පෝටර් වගේම නැති වුනත් ඒ හා සමානව මේ චිත්‍රපටියේ කතාවත් දිවෙනවා.

කොටින්ම කිවුවොත් මේ The School for Good and Evil චිත්‍රපටියෙත් මායා පාසලක් තමයි කතාවට පදනම් වෙන්නේ. ඉතින් කතාවේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ සොෆී, අගතා, ටෙඩ්‍රොස්, රෆාල්, ලෙසෝ ආර්යාව සහ ඩොවී ආර්යාව. තවත් චරිත ගොඩක් ඉන්නවා. ඉතින් සොෆී කියන්නේ කුමාරිකාවක් විදිහට ජීවත් වෙන්න සිහින දකින ලස්සන ගෑණු ළමයෙක්. අගතා කියන්නේ මායාකාරියෙකුගේ දුවක් වගේම සොෆීගේ හොදම යාළුවා.
ඉතින් අගතායි, සොෆීයි ජීවත් වෙන්නේ ගැවල්ඩොන් කියන ගමේ. මේ ගමේ ඉන්න මිනිස්සු අගතාට එච්චර කැමති නෑ, මොකද එයා මායාකරියෙකුගේ දුවක් නිසා.

අගතාගේ යාළුවා නිසා සොෆීටත් මේ ගමේ මිනිස්සු නපුරුකම් කරනවා. ඒත් සොෆී නම් ඒ කාටවත්ම බයක් ඇති කෙල්ලෙක් නෙවෙයි.ආ… සොෆීගේ අම්මා පුංචි කාලයේදීම නැතිවෙනවා. ඒ නිසා එයාව හදාවඩා ගන්නේ එයාගේ තාත්තා අලුතින්ම කසාද බැදපු කුඩම්මා තමයි. ඉතින් සොෆී කුඩම්මට එච්චර කැමති නෑ මොකද එයා නිතරම සොෆීට වැඩ පවරන නිසා. ඒ විස්තර ටික එහෙම තියෙනකොට, චිත්‍රපටියක් වුනාම ඒකේ හොද වගේම නරක පැත්තකුත් තියෙනවානේ. ඉතින් හැම කතාවකම වගේ මේ කතාවෙත් දුෂ්ඨ චරිතයක් ඉන්නවා.එයා තමයි රෆාල් කියන්නේ. ඔන්න ආයෙත් හැරී පෝටර් චිත්‍රපටිය පැත්තට යන්න වෙනවා. මොකද මං කිවුවේ මේ කතාවත් ඊට සමානව යනවා කියලා ඒකයි.

ඉතින් හැරී පෝටර් කතාවේ ඉන්නවානේ නපුරුම චරිතය විදිහට මුළු අදුරු ලෝකයේම ලොක්කා වොල්ඩර්මෝට්. ඉතින් මේ චිත්‍රපටියෙත් අදුර නැත්නම් නපුරේ ලොක්කා විදිහට ඉන්න චරිතේ තමයි රෆාල් කියන්නේ. ඉතින් මේ රෆාල්ට තව සහෝදරයෙක් ඉන්නවා. එයා තමයි මම අර කලින් කියපු පාසලේ විදුහල්පතිතුමා. මේ පාසලේ උගන්වන්නේ හොද වගේම නරක මායාවන්. අන්න ඒ නිසා තමයි කතාවේ නමත් The School for Good and Evil කියලා දාලා තියෙන්නේ. ඉතින් රෆාල්ට ඕන වුනේ නරක මායාවන්ගෙන් මේ මායා පාසලත් තමන්ගේ සහෝදරයාවත් එයාගේ නපුරු වැඩ වලට එරෙහි වෙන හැම කෙනෙක්වම විනාශ කරලා දාන්නයි.

දවසක් රෆාලුයි එයාගේ සහොදරයා ඒ කියන්නේ පාසලේ විදුහල්පතිතුමයි අතර දැවැන්ත සටනක් වෙනවා. මේ සටනේදී රෆාල් තමන්ගේ සහෝදරයාට එරෙහිව පාවිච්චි කරන්නේ රුධිර මායාව කියන එක. ඒක බොහොම භයානක මායාවන් විශේෂයක්. ඉතින් මේ සටනෙන් මොකද වුනේ කියලා මම කියන්න යන්නේ නෑ
මොකද ඔයාගේ කෘතුහලය තියන්න ඕනි වෙන නිසා. ඉතින් රෆාල් සහ අදුරු පැත්ත ඔහොම තියෙනකොට අපි ආපහු යමු කතාවේ ලස්සන පැත්තට.

ඉතින් මං කිවුවනේ සොෆී සහ අගතා ගැන. මේ සොෆී ගොඩක් කැමතියි සුරංගනා කතා පොත් කියවන්න.
දවසක් සොෆීයි අගතායි යනවා ගැවල්ඩොන්වල නගරයට. මේ ගියාම මේ දෙන්නා සුරංගනා කතා පොත් තියෙන එකම එක කඩේකට යනවා.එතනදී සොෆී අහනවා අලුත් සුරංගනා කතා පොත් නැද්ද කියලා කඩේ අයිති මුදලාලි නෝනාගෙන්.ඉතින් මුදලාලි නෝනා එතනදී සොෆීටයි, අගතාටයි අමුතුම කතාවක් කියනවා එයාලා කවදාවත් අහලා තිබුනේ තැනි. ඒ තමයි හොද සහ නරක කියලා මායා පාසලක් තියෙනවා. ඒ පාසලට ළමයි බලෙන් ගෙනියනවා කියලා. අහස රතු පාට වුන දවසක රූ ළමයෙක් අදුරු බලවේගයක් විසින් පැහැරගත්තා කියලත් මේ පොත් කඩේ මුදලාලි නෝනා සොෆීට කියනවා. ඉතින් මෙහෙම කියනකොට සොෆීටත් ඕන වුනා ඒ පාසලට යන්න. ඒ පාසලට යන ක්‍රමය ගැනත් සොෆී දැනගෙන එයා මහ රෑ කැලේට තනියම යනවා.

එයාටත් ඕන වුනේ අර අදුරු බලවේගයට කියලා ඒ මායා පාසලට යන්නයි. මේකට අගතා කැමති වුනේ නෑ. එයාට සැකයක් හිතිලා එයත් රෑ කැලේට එනවා සොෆීව බලන්න. ඉතින් දෙන්න ඔහොම මහ රෑ කැලේ ඉන්නකොට අර කිවුවා වගේම අහස ලේ වගේ රතු පාට වෙලා දිලිසෙන ඇස් දෙකක් තියෙන අදුරු බලවේගයක් මේ දෙන්නා ලගට ආවා. ඒත් එක්කම ඒ අදුරු බලවේගය සොෆීව ඇදගෙන ගියා.ඒ පස්සෙන් අගතා දුවගෙන ගියා. ටිකක් දුර යනකොට මේ අදුරු බලවේගය සොෆීව අත හැරලා යනවා. ඒත් ඇසිල්ලකින් මේ කෙල්ලෝ දෙන්නවම අරගෙන ලොකු පක්ෂියෙක් අර මායා පාසලට යනවා. ඉතින් එතන ඉදන් වෙන දේ ගැන මම තවත් කියන්න යන්නේ නෑ මොකද ඔයා චිත්‍රපටිය බලලම ඒ ත්‍රාසජනක අත්දැකීම විදින්න.

Comments

Leave a Reply to natha Cancel

November 7, 2022

🙋😋

December 22, 2022

Sub gnne kohenda

    Cinesubz December 22, 2022

    Video ekatama add karala thiyenne permanat

April 21, 2023

this is great web ever