EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මළවුන් දුටු යුධ ටැංකි මෙහෙයුම.

Fury , T34 ෆිල්ම් වලට පස්සේ ආපු සුපිරිම Tank Battle ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි… යුද්ධ චිත්‍රපට වලට ආස අයට, විශේෂයෙන්ම යුද ටැංකි සටන් බලන්න ආස අයට මෙන්න නියම ෆිල්ම් එකක්… The Tank (2025). නිකන්ම යුද්ධයක් පෙන්නනවට වඩා මේකේ අන්තිම වෙනකම්ම කුතුහලය තියෙන කතාවක් යන්නේ.

කතාව මෙහෙමයි… 1943 අවුරුද්ද, දෙවැනි ලෝක යුද්ධයේ දරුණුම කාලයක්. රුසියාවේ ඩිනයිපර් පෙරමුණේ (Dnieper Front) ජර්මන් හමුදාව පරාජය වෙමින් පස්සට යන වෙලාවක්. මේ අතරේ ලුතිනන් ගර්කන්ස් (Gerkens) ඇතුළු පිරිසකට ලැබෙනවා විශේෂ රහසිගත මෙහෙයුමක්. ඒ තමයි “Operation Labyrinth”. මේ මෙහෙයුම භාර වෙන්නේ තනි Tiger ටැංකියකට. එයාලගේ ඉලක්කය තමයි අතුරුදහන් වෙලා ඉන්න කර්නල් හාර්ඩන්බර්ග්ව (Colonel von Hardenburg) සහ රහසිගත ලිපිගොනු වගයක් ආපහු ගේන එක. හැබැයි මේ ගමන ලේසි නෑ. සතුරු රුසියන් ටැංකි මැද්දෙන්, බිම් බෝම්බ මැද්දෙන් මේ තනි ටැංකියට යන්න වෙන ගමන හරිම ත්‍රාසජනකයි. විශේෂයෙන්ම ටැංකිය ගඟක් යටින් කිමිදිලා යන සීන් එක එහෙම පට්ටම කොලිටි.

හැබැයි මේක නිකන්ම ඇක්ෂන් ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. කතාව ඉස්සරහට යද්දී මේ මෙහෙයුම ඇත්තටම මොකක්ද? කර්නල් හාර්ඩන්බර්ග් ඇත්තටම ඉන්නවද? නැත්තන් මේක මෙයාලගේ හිතේ මැවිච්ච මායාවක්ද කියන එක ගැන Psychological Mystery එකකුත් හැදෙනවා. ෆිල්ම් එකේ දෙබස් සහ අන්තිම ටික මාරම ගැඹුරුයි.

“යුද්ධයේ අවසානය දැක ඇත්තේ මියගියවුන් පමණි” (Only the dead have seen the end of war) කියන තේමාව මේ ෆිල්ම් එකෙන් සුපිරියටම පෙන්නනවා.

Comments

January 18, 2026

🌳❤️

January 20, 2026

🤍