CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Wild Robot (2024) | සමගිය බලය වේ!
he Wild Robot චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2016දී පීටර් බ්‍රවුන් විසින් එනමින්ම රචනා කල නවකතාවක් පාදක කරගෙනයි. මේ නවකතාවට සම්බන්ධ තවත් ග්‍රන්ථ දෙකක් The Wild Robot Escapes නමින් 2019දී සහ The Wild Robot Protects නමින් 2023දී නිකුත් වෙලා තියෙනවා. The Wild Robot චිත්‍රපටය නිකුත් වී ජනප්‍රියවූ වහාම බොහෝ දෙනෙක් ක්‍රිස් සැන්ඩර්ස්ගෙන් ඇසූ පැනය වූයේ අනිත් නවකතා ත්‍රිත්වය ආභාෂයෙන් තවත් චිත්‍රපට මාලාවක් නිපදවනවාද යන්නයි. පසුගිය 12දා එයට පිළිතුරු සපයමින් මේ චිත්‍රපටයේ තවත් දිගුවක් ගොඩනැගෙන බවට සැන්ඩර්ස් මහතා විසින් සනාත කර තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා. එහෙනම් ඒ සුබ ආරංචියත් එක්ක වැඩි කතා නැතුව අපි මේ චිත්‍රපටයේ තොරතුරු පොඩ්ඩක් බලමු.
The Wild Robot (2024) චිත්‍රපටය මේ වෙද්දි 8.4ක දැවැන්ත IMDb අගයක් ලබාගන්නත්, 98% ඉහළ කුණු තක්කාලි අගයක් ලබාගන්නත් එමෙන්ම 96%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Animation/ Sci-fi/ Survival යන කාණ්ඩයන්ට තමයි මෙම චිත්‍රපටය වර්ගීකරණයට ලක් කරලා තියෙන්නේ. Lupita Nyong’o, Pedro Pascal, Bill Nighy, Mark Hamill, Ving Rhames වැනි සුපිරි නළු කැළක් මෙහි තම හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. ඩොලර් මිලියන 156ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබන්න හැකිවුන මේ චිත්‍රපටය ලොවපුරා බෙදා හරින්නේ යුනිවර්සල් ආයතනය මගිනුයි. පටන්ගැනීමේ ඉඳන්ම ඔයාලට එක පිම්මට ලස්සන චිත්‍රපටයක් රස විඳින්න ඉඩ දෙන්න ඕන නිසා චිත්‍රපටයේ කතාව ගැන නොකිය හිටියනම් හොඳයි කියලා හිතනවා. එහෙනම් ඔයාලා මේ විශිෂ්ට සිනමාපටය නරඹලා අදහස් දක්වලා යන්න කියලා ඉල්ලනවා.
Share
Links
Comments
November 23, 2024
November 23, 2024












