EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමවක් නොවූ මවකගේ පළිගැනීමක වියරුව
සුභ දවසක් කියලාඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් අද මම ආවේ තීයවර් කුලෛගල් නඩුංග කියන 2025 නොවැම්බර් 21 වන දින කොලිවුඩ් සිනමාවෙන් එළියට දාපු දමිළ චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි
චිත්‍රපටය
නිෂ්පාදනය කරන්නේ G.S.Arts
අධ්‍යක්ෂණය කරන්නේ දිනේෂ් ලක්ෂ්මන්..
රංගනයට අයිශ්වර්යා රාජේෂ්, අර්ජුන් වගේ දායක වෙනව මේ චිත්‍රපටයට
සංගීතය මුසු කරන්නේ භාරත් අසේවගන්
මේ චිත්‍රපටයේ පැය 2 විනාඩි 07 පුරාවට කියන කතාව මම ටිකක් කෙටි කරලා ඔයාලට කියන්නම්
හරි අපි යමුකො කතාව පැත්තට
‘විශේෂ’ දරුවන් සඳහා වූ පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන අයිශ්වර්යා රාජේෂ්, දුෂ්ටයන් බිය ගැන්වීමට ‘යමක්’ කරමින් ඉන්නවා ඒ දුෂ්ටයන් කළේ කුමක්ද? පොලිස් පරීක්ෂක අර්ජුන් ‘ඒ’ අපරාධ පිටුපස සිටිනවාද? ඔහු අපරාධකරුවන් සොයා ගත්තාද? මේ චිත්‍රපටයේ තේමාව මෙයයි.
හඳුනානොගත් මිනිසෙක්, මුහුණ සඟවාගෙන කළු ඇඳුමක් ඇඳගෙන, සමහර අයව මරා දමනවා පොලිස් පරීක්ෂක අර්ජුන් තමයි මේ නඩුව විමර්ශනය කරන්නේ ඊටපස්සේ චෙන්නායි වල ඊගල් මහල් නිවාසය මෙම ඝාතනයට සම්බන්ධ බව එයා හොයාගන්නවා තියේවර් කුලයි නඩුංග කතාව එහි ජීවත් වන නව වීරයා, ඔහුගේ පෙම්වතිය වන අයිශ්වර්යා රාජේෂ්, මහල් නිවාස හිමිකරු රාම්කුමාර්, එහි ජීවත් වූ දැරිය සහ මිනීමැරුම් සහ මෙම පළිගැනීම පිටුපස ඇති සැබෑ සිදුවීම පිළිබඳව කියවෙන හරිම සංවේදී චිත්‍රපටයක් විදියට මට මේක හඳුන්වන්න පුළුවන්
කතාව ආරම්භ වන්නේ ජෙබනේශන් නැමැති ලේඛකයෙකුගේ කුරිරු ඝාතනයෙන්. කතාව ආරම්භයේ දී තරමක් වේගයෙන් ඉදිරියට යන්නේ නඩු විමර්ශනය, ඊටපස්සෙ සිද්ධ වෙන ඝාතන, අර්ජුන්ගේ සැකයන් සහ අයිශ්වර්යා රාජේෂ්ගේ චරිතය සමගයි. පළමු පරිච්ඡේදයේ දී, අයිශ්වර්යා පාසල් ගුරුවරියක් ලෙස පැමිණ නිහඬව තමන්ගේ රංගනය කරනවා. හැබැයි පස්සෙ ඇගේ චරිතය එකපාරට වෙනස් වෙනවා දුෂ්ඨයෙක් විදියට. ඇගේ ක්‍රියාවන් වෙනස් වන අතර ඇය සහ විශේෂ දරුවා වන කාවේරි කෙරෙහි දක්වන කෙරෙහි සෙනෙහස, වේදනාව සහ කෝපය සමඟ වෙනස් මුහුණුවරක් ගන්නවා ගැහැණු ළමයින් කෙරෙහි සැලකිල්ල, ලිංගික හිරිහැර, විකෘති පිරිමින්ගේ කුරිරු හැඟීම් සහ දඬුවම් සමඟ ගමන් කරන මෙම කතාවේ ඇගේ රංගනය ප්‍රශංසා කරන්න පුලුවන් මට්ටමක තමයි තියෙන්නේ … වාණිජ නොවන, සමාජීය ගැටළු ඇති සහ වීරවරියට වැදගත් වන කතාවක ආත්මාර්ථකාමිත්වයෙන් තොරව රඟපෑම ගැන අර්ජුන්ට ප්‍රශංසා කරන්න පුළුවන්
කාන්තාවන් එක්ක දරුවන්ගේ බැඳීම්, කිසිවෙකු විශ්වාස නොකරන්න. නරක මිනිසුන් සෑම තැනකම සිටින බවට පණිවිඩය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන අංගය වෙන්නේ
ඉතින් මම ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලල රසවිඳින්න කියලා…








