CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

(Tillu)² | Tillu Square (2024) | සිංහල උපසිරැසි සමඟ

2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ
උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක.
ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් කලින්ම කරලා පෙන්නුවා මේ චිත්‍රපටයෙන්.

ටිල්ලු කිව්ව ගමන් දැන් හැඳින්වීම් ඕනෙ නෑ ඔයාල දන්නවා මිනිහගෙ හැටි. ඉතිං මේ චිත්‍රපටය පෙර පැමිණී DJ Tillu චිත්‍රපටයෙ දෙවන කොටස. අනිවාරෙන්ම ඒ චිත්‍රපටය නොබලා මේක බලල තේරුමක් නෑ. ඩිරෙක්ට්ම සම්බන්ධ කරලා තියෙන්නේ පළමු කොටස එක්ක.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා රාධිකා එක්ක උනු හුටපටයෙන් ටිල්ලු හොඳටම තැලිලා තැලිලා අන්තිමේ පාඩමක් උගන්නපු බව. මේකෙත් ඒවගේම සිද්ධියක් වෙන්නේ, ඒකත් කලින් ෆිල්ම් එකේ විදියටමයි වෙන්නේ. ඉතිං ඔයාල බලන්න ඒ මොකක්ද කියලා බ්‍රේක් නැති කටක් තියෙන ටිල්ලුගෙ ජීවිතේට මේ පාර පාත් වෙන කරදරේ ගැන තමයි චිත්‍රපටයේ යන්නේ.

Comments