CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1807 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 02, 2024South Korea126 Min.
Your rating: 0
8.7 13 votes
Uprising (2024) | යුද්ධය සහ කැරැල්ල

 

 

අද මන් ඔන්න කාලෙකින් ආපු සුපිරිම හිස්ටොරිකල් ෆිලුමක් අරගෙන ආවේ. නම තමා UPRISING. කොරියානු නම තමා 전,란 (ජොන්, රන්). කොරියානු නමේ තේරුම වෙන්නේ යුද්ධය සහ කැරැල්ල. මේ අවුරුද්දේ Highly Anticipated ෆිල්ම් අතරින් උඩින්ම තිබ්බ එකක් මේක. මාත් මේක එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉදියේ. මේ ඔක්තෝබර් 11 වෙනිදා Netflix හරහා රිලීස් වුන UPRISING පැය දෙකයි මිනිත්තු හයකට ආසන්න කාලයක් පුරාවට දිව යනවා. Midnight FM ෆිලුම අධ්‍යක්ෂණය කරපු Kim Sang Man තමා මේකේ අධ්‍යක්ෂණය කරන්නේ. Oldboy, The Handmaiden, Decision To Leave වගේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Park Chan Wook තමා තිර රචනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වෙන්නේ. Park Chan Wook අතගහපු වැඩක් නම් ඉතින් සුපිරියක් තමා කියලා ඔයාලත් දන්නවා ඇතිනේ. Historical, War, Action ගනයට අයිති වෙන මේ ෆිලුම Netflix හරහා නිකුත් වෙන්න කලින් ඔක්තෝබර් 02 වෙනිදා පටන් ගෙන 11 වෙනිදා ඉවර වුනු 29th Busan International Film Festival (BIFF) එකේදි Opening Film එක විදියට තිරගත වුනා.

චිත්‍රපටියේ සටන් ජවනිකා ගැන කිව්වොත් ආයේ පර්ෆෙක්ට්. සුපිරි කඩු සටන් ගොඩක් බලාගන්න පුළුවන්. ආයේ ඉතින් පටන්ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම්ම කට ඇරගෙන බලන් ඉන්න තමා තියෙන්නේ. මේ අවුරුද්දේ ආපු Top Notch වැඩක් තමා මේක. කාස්ට් එක පැත්තට ගියොතින් මන් පෞද්ගලිකව කැමතිම කොරියන් නළුවෙක් වෙන Kang Dong Won තමා ප්‍රධාන චරිතය කරන්නේ. කොරියන් ෆිල්ම් බලන කෙනෙක් නම් Kang Dong Won ව නොදැන ඉන්න විදියක් නෑනේ. Kang Dong Won ගොඩ කාලෙකට පස්සේ තමා මෙහෙම හිස්ටොරිකල් චිත්‍රපටියක් කලේ. Kang Dong Won ඇතුළුව Park Jeong Min, Kim Shin Rok, Jin Seon Kyu, Jung Sung Il සහ Cha Seung Won වගේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම නළු නිළියෝ සෙට් එකක් තමා UPRISING එකේ රංගනයෙන් දායක වෙන්නේ. හැමෝම තමන්ගේ චරිතෙට උපරිම සාධාරණයක් කරලා තියේ කියලා දෙකක් නැතුව කියන්න පුළුවන්❤️

    CAST – රංගන දායකත්වය

• Kang Dong Won – චොන් යොන්ග්

• Park Jeong Min – යී ජොන්ග් ර්යෝ

• Kim Shin Rok – බොම් දොන්ග්

• Jin Seon Kyu – කිම් ජා ර්යොන්ග්

• Jung Sung Il – කික්කවා ගෙන්ශින්

• Cha Seung Won – සොන්ජෝ රජු

  Summary – සාරාංශය

ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.

චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baicope)
IMDb 6.6 /10 1,073 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Sang-man
Director

Cast

Gang Dong-won isCheon-young
Cheon-young
Park Jeong-min isLee Jong-ryeo
Lee Jong-ryeo
Cha Seung-won isKing Seonjo
King Seonjo
Kim Shin-rock isBeom-dong
Beom-dong
Jin Sun-kyu isKim Ja-ryeong
Kim Ja-ryeong
Jeon Bae-soo isSang-moon
Sang-moon
Jo Han-chul isLee Deok-hyeong
Lee Deok-hyeong
Jeon Jin-oh isFisherman
Fisherman

Similar titles

Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
Fidaa (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Devils Stay (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Apocalypse (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
ABCD (Any Body Can Dance) (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Doctor Strange (2007)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Machi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Rollers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published