CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVaralaru Mukkiyam (2022) | වෙනස්ම පොරක්
2022 දෙසැම්බර් 09 වෙනිදා රිලීස් උන මේ tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Romantic, Comedy, Action, Drama කියන Category එකට.. පැය 2යි විනාඩි 25ක් තිස්සෙ හිනා වෙවී බලන්න පුළුවන් මරු ෆිල්ම් එකක්… ලස්සන love story එකකුත් තියෙනවා😍♥️
මේක අධ්‍යක්ෂණය කරන්නේ Santhosh Rajan කියන අධ්‍යක්ෂකවරයා විසින්.. කතාවත් මෙයාගෙමයි..
ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන නළු Jiiva විසින්..මේක එයාගේ 2022 ආව 3 වෙනි ෆිල්ම් එක.. එතකොට ප්‍රධාන නිළිය අපි හැමෝම දන්න හුරුබුහුටි, ලස්සන කෙල්ල Kashmira Pardeshi 🥺♥️ ලස්සන රංගනයක් එයාගෙන් බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එකේ… එයාව දන්නේ නැති අය 2019 ආව Sivappu Manjal Pachai ෆිල්ම් එක බලන්න 🔥🥺
තව උප ප්‍රධාන චරිත සදහා අපිට නිතර දමිළ සිනමාවේ මුණ ගැහෙන Pragya Nagra, VTV Ganesh, K. S. Ravikumar, Rajendran වැනි ගොඩක් නළු නිළියන් දැක ගන්න පුළුවන්.. IMDB අගය අඩු උනත් අහක දාන්න ඕන ෆිල්ම් එකක් නෙවෙයි… ලස්සනයි ෆිල්ම් එක..🤩 Rom-Com ෆිල්ම්ස් වලට ආස අයට අරන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😍❤️
කතාව පොඩ්ඩක් කියන්නම්.
කාර්ති (Jiiva) කියන්නේ ගෙදරින් කකා මොකුත් වැඩක් නොකර youtube චැනල් කිය කිය බොරුවට කාලේ කන කොල්ලෙක් 😐 මෙයාගේ මේ වැඩ නිසා ගෙදරිනුත් ටිකක් බර බරේ.. ගෙදරින් දාන පොඩි කේස් එකකට තරහ වෙලා දවසක් මෙයා ගෙදරින් යන්න ලැහැස්ති වෙනවා 😒👍 එදා ඒ පැත්තට අලුතෙන් පවුලක් පදිංචියට එනවා.. ඒ ගෙදර ඉන්නව කෙල්ලෝ දෙන්නෙක්, එක්කෙනෙක් ජම්මු! අනික් කෙනා යම්මු! අපේ කාර්ති ගෙදරින් එලියට බහින්න හදනකොටම ජම්මු කාර්තිගේ ගෙදරට රස කැවිලි වගයක් අරන් එනවා.. කොල්ල මේ කෙල්ලව දැකල පිස්සු වැටිලා ගමනත් අමතක කරලා දාල ඒ කෙල්ල පස්සේ යනවා 😂♥️ ජම්මු වෙනුවෙන් එයාගේ ගෙදර ලගට වෙලා බලන් ඉද්දි, කාර්ති ජම්මුගේ අක්කව දකිනවා.. කොල්ලා නංගිට වඩා අක්කට වහ වැටෙනවා 🥰❤️ අන්තිමට කොල්ලා තීරණය කරනවා අක්කා සෙට් කරගන්න 😛 වැඩේ ලේසි නෑ… කොල්ලට පට්ට ගේමක් ගහන්න වෙනවා.. මාරම කට්ටක් කන්න වෙන්නෙ… මං මේ කිව්වේ මුල් පැය බාගේ විතරයි.. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ 😍♥️


