CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5661 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 07, 2020India145 Min.
Your rating: 0
9.2 13 votes
Varane Avashyamund (2020) | සීමා මායිම් නොමැති ආදරය…

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් ” සහ “ශසිත් සඳරුවන් (සඳේ) (Baiscopelk)
IMDb 6.9 /10 2,940 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suresh Gopi isMajor Unnikrishnan
Major Unnikrishnan
Shobana isNeena
Neena
Kalyani Priyadarshan isNikhitha / Nikki
Nikhitha / Nikki
Urvashi isDr. Sherly
Dr. Sherly
KPAC Lalitha isAkashavani
Akashavani
Lalu Alex isManuel
Manuel
Major Ravi isMajor Athma Ram
Major Athma Ram
Johny Antony isDr. Bose
Dr. Bose

Similar titles

The Lion King (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maari 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meenakshi Sundareshwar (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Layover (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Park (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • prasad January 24, 2023 Reply

    ලස්සනයි ගොඩක් ලස්සන කථාවක්…..

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published