CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1833 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Venky Mama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Venky Mama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 13, 2019India149 Min.
Your rating: 0
10 3 votes
Venky Mama (2019) | අපූරු මාමයි බෑනයි

චිත්‍රපටයෙ ප්‍රධාන නළු දෙපල Venkatesh සහ Naga Chaitanya ගැන කිව්වොත් අධ්‍යක්ෂකවරයා මේ දෙන්නව චිත්‍රපටියෙත් මාමයි බෑනයි විදිහට තමයි නිරූපනය කරවන්නෙ. ඒ කොහොමත් මෙයාල මාමයි බෑනයිනෙ එයාලගෙ ඇත්ත ජීවිතේ. වෙන්කි(වෙන්කටේශ්) ගැන කිව්වොත් චිත්‍රපටයට හොද සාධාරණයක් එයාගෙ රන්ගනය තුලින් කරන්න සමත්වෙලා තියානව. ඔයාල දැකල ඇති එයාටම ආවේනික කොමඩි ස්ටයිල් එකක් තියනවනෙ. ඉතින් එයා ඒක හොදට මේකෙදි පාවිච්චියට අරගෙන තියානව(අධ්‍යක්ෂවරයා මෙයාගෙන් ඒව හොදට එලියට ගන්න, නිරූපණය කරවන්න සමත්වෙලා තියනව). ඒක ඔයාලට හොදටම තේරෙයි චිත්‍රපටය නරඹද්දි. ඒ වගේම තමයි නාග චයිතන්‍යා. මේ දෙන්නගෙ එකතුවත් මේ චිත්‍රපටයට සුපිරියටම ගැලපෙනව කියලයි මම නම් හිතන්නෙ. ප්‍රධාන නිලි යුවල ගැන කතා කරොත් Raashi Khanna සහ Payal Rajput, Rx 100 (2018), RDX Love (2019), ඔය චිත්‍රපට දෙකෙන් ගොඩක් ජනප්‍රිය වුනු පායල්ට මේකෙ නම් අනිත් චිත්‍රපටි වලට වැඩිය සංස්කෘතියට බර චරිතයකට පන පොවන්න තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ මොනව වුනත් එයාගෙ චරිතෙට එයා හොද සාධාරණයක් කරල තියනව. Raashi ගැනනම් කියන්න දෙයක් නැහැ ඔයාල දන්නව එයාගෙ ඉදිරිපත් කිරීම. චිත්‍රපයටයෙ සෙසු චරිත වලට Prakash Raj, Nassar, Rao Ramesh, Aditya Menon වගේ සුප්‍රසිද්ධ නලු නිලියො යොදාගෙන තියනව.

හැමදේම ඉගැන්නුව මාම, මට එයා නැතුව ජීවත්
වෙන්නෙ කොහොමද කියල, කියල දුන්නෙ නැහැ සර්.

කතාව ගැන කියනකොට ඔයාල දැනටමත් දන්නවනෙ මේක මාම බෑන සම්බන්ධ කතාවක් කියල. ඔව් වෙන්කි සහ කර්තික් මාමයි බෑනයි. කාර්තික්ගෙ දෙමව්පියන් එහෙමත් නැත්තම් රාමනාරායනගෙ වැඩිමල් දියනිය සහ ඇගේ ස්වාමිපුරුෂයා විවාහ වෙන්න එයාලගෙ හදහන් ගැලපෙන්නෙ නැතිව තිබියදී ඇයගේ පියානන්ගෙ දැඩි විරුද්ධත්වය මැද විවාහ වෙනව. නාරායනන්ගෙ විස්වාසය එයාල විවාහ වෙලා ලැබෙන පලවෙනි දරුවගෙ පලවෙනි උපන්දිනය වෙනකොට එයාගෙ දුව සහ ඔහුගෙ ස්වාමිපුරුෂයා මියයන බවයි. ඒ කියන්නෙ රාමනාරායන කියන්නෙ ජ්‍යොතිෂයවේදියෙක්. ග්‍රහයන් අනුව කෙනෙකුගෙ අනාගතය කියන්න පුලුවන් දක්ෂයෙක්. කිව්වත් වගේ කාර්තික් ඉපදිලා එයාට අවුරුද්දක් වෙන්න හෙටයි කියල එයාගෙ පලවෙනි උපන්දිනයට කලින් දවසෙ එයාගෙ දෙමව්පියන් අනතුරකින් මිය යනව. ඉතින් එදා ඉදන් වෙන්කි කාර්තික්ව තමන්ගෙ දරුවෙක් වගේ බලා ගන්නව. කොටින්ම කිව්වොත් කාර්තික් ඉස්සෙල්ලම කියන වචනෙත් “මාමා” කියන එක. ඒ තරම් බැඳීමක් ආරම්භ වෙනව ඒ විදිහට. එතනටත් රාමනාරායනගෙ හදහන් ප්‍රශ්න එකතු වෙනව. ඒ මොනවද? ඒ වගේම චිත්‍රපටයෙ සුපිරි ක්‍රියාදාම පෙලක්ම අවසානෙට තියනව. ඒ ටිකත් බලන්න. චිත්‍රපටයෙ කතාව ගැන එච්චර තමයි කියන්න බලාපොරොත්තු වෙන්නෙ.

ග්‍රහයන්ට වැඩිය, සාත්තර වලට වැඩිය
මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස උසස්…
හදහන කියන්නෙ විස්වාසයක්,
ඒත් ආදරය කියන්නෙ ඇත්තක්.
ආදරයට ඕනම දෙයකින් දිනන්න පුලුවන්…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් (Baiscopelk)
IMDb 5.4 /10 1,464 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bobby Kolli
Director

Cast

Venkatesh isVenkataratnam Naidu / Venky Mama
Venkataratnam Naidu / Venky Mama
Naga Chaitanya Akkineni isCaptain Karthik Shivaram
Captain Karthik Shivaram
Nassar isRamanarayana
Ramanarayana
Prakash Raj isBrigadier Vijay Prakash
Brigadier Vijay Prakash
Adithya Menon isColonel Ajay Ahuja
Colonel Ajay Ahuja
Kishore isMajor Anwar Sadat
Major Anwar Sadat

Similar titles

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles
Veerapandiyapuram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shark: The Beginning (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Awe! (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published