CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2316 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 04, 2021Spain111 Min.
Your rating: 0
7.8 4 votes
Xtreme (2021) | මළවුන්ගෙන් නැගිටලා ආපු සහෝදරයා

 

(Xtreme (2021) Sinhala Subtitles) මැක්ස් තවත් ජෝන්වික් කෙනෙක්ද ? නැත්නම් ඊටත් එහා ගිය කෙනෙක්ද ? මටනම් හිතුනේ ඊටත් එහා ගිය කෙනෙක් කියල. ඔයලට මොනවද හිතෙන්නේ කියල බලල කියන්න.මේක ජුනි 04 වෙනිදා Netflix හරහා රිලිස්වුන එකක්. IMDb 5.9 අගයක් ලබාගෙන තියෙනවා. මගේ අනුවනම් මේ අගය මදි කියන එකයි. ඒක ඔයාල බැලුවම තේරෙයි. ෆිල්ම් එක තිරයෙ ඇදෙන කාලයනම් ටිකක් වැඩියි වගේ තේරෙයි ඒ පැයක් හා විනාඩි 51 ක් නිසා. නමුත් මූවි එක බලන කෙනෙකුට ඒක දැනෙන එකක් නෑ. ඔබට දැනෙන්නේ ජේසන් ස්ටැතම් හා වෑන් ඩෑම් එකතුවෙලා තැනුන කෙනෙක්ගේ මූවි එකක් බලනවා වගේ.

මොකක්ද කියන්න ඕනේ මේ මූවි එක ගැන. මේ වසරේ නෑ… මෑතකදීම මා දුටු සාර්ථක සටන් ජවනිකා සමග හොද තිර රචනයක් සෙට්වුන සිනමාවක්. සටන් කිව්වම මොන වගේ සටන්ද කියන ප්රශ්නයක් එනවා. හොලිවුඩ් නම් ප්රසිද්ධ වෙඩි තියාගන්නවටයි පිහියෙන් අනින ඒවට, කොරියන් චීනනම් ඉතින් ප්රසිද්ධ කඩු හරබයට. වියට්නාම් කිව්වම ඉතින් කික් බොක්සින් වගේ මිශ්ර මාෂල් ආට්ස්වලට. එතකොට මේ ස්පැනිෂ් මොකටද ප්රසිද්ධ ? ඒ අය ප්රසිද්ධ වුනේ ත්රිලර් සස්පෙන්ස් මූවිස්වලට. නමුත් මේ පාර කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඉහත කියපු රටවල්වල්වට ආවේණික ප්රසිද්ධ සටන් සිනමාවම එක්තැන් කරල එක්ස්ට්රීම් කියල සිනමාපටයක් සටන් සිනමාවට ලැදි රසිකයන්ට දීල තියෙනවා. සටන් ජවනිකාවලට කැමති රසිකයන් අනිවාර්යයෙන් නැරැඹීය යුතු සිනමාවක් ලෙස ඉහලින්ම රෙකමාදු කරනවා.මේක නිෂ්පාදනය කරල තියෙන්නේ Hitman 2 නිෂ්පාදක Daniel Benmayor විසින්. ප්රධාන චරිත මෙහෙයවන්නේ Maximo ලෙස Teo García ද Lucero ලෙස Óscar Jaenada මේ දෙදෙනාම සටන්කලාවේ ප්රවීන නලුවන් දෙදෙනෙක් වෙනවා. Teo García අපට මතක් කරල දෙන්නේ ප්රවීන නලු වෑන් ඩෑම්වයි.
සංගීතය හා කැමරාකරණය ඉතාම ඉහල තත්වයෙන් තියෙනවා. ඒ කැමරාකරණය Daniel Aranyó විසින්ද සංගීතය Julio de la Rosa විසින් දායකත්වය සපයා ඇත.දැන් අපි කතාව ටිකක් බලමු. මැක්ස් කියන්නේ කල්ලියක මිනි මරුවෙක් මැරයෙක් විදියට වැඩකරන්නේ. ලොක්කා එයාට හා එයාගේ මැරයන් කිහීප දෙනෙක්ට සලකන්නේ තමන්ගෙම දරුවන්ට වගේ. එයාගේම දරුවෙක් වෙන්නේ Lucero. මේ Lucero කියන්නේ ජපානේ Yakuza කෙනෙක්. යකුසා කියන්නේ ජපානෙ මහා භයානක පාතාල සංවිධානයක සාමාජිකයෙක්. මොවුන් මහා භයානක දරුණුතම මිනිමරුවන් වගේම සටන් කලාවේ අගතැන්පත්. ඉතින් මේ ලොක්කා Lucero වයි මැක්ස්වයි යවනවා ගනුදෙනුවක් පියවන්න කියල. ගනුදෙනුව පියවනවා වෙනුවට එතැන මේ දෙන්නා කරන්නෙ සමුල ඝාතනයක්. මැක්ස් මේකට වැඩි කැමැත්තක් නෑ. ඒ වගෙම තාත්තා කැමතිවෙන්නේත් නෑ. ඔන්න මේ Yakuza මොනවගේ තීරණයක් ගනීද ? බලන්නම ඕනෙ දැනගන්න.
“මිනිමැරීමෙන් ප්රශ්න විසඳන්න හා ජයගන්න පුලුවන් නම් මේ ලෝකය ලේ විලක් වනු නො අනුමානය”
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමිත රමේෂ් (Cinerulk )
IMDb 5.8 /10 5,199 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Dubbed | සිංහල හඬ කැවූ
Rampage (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madharasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gorilla (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean (2022) Sinhala Subtitles
Underworld: Endless War (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Venom: The Last Dance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published