CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:D. J. Caruso, Daniela Saioni
Cast
Go Full Cast PagexXx:Return of Xander Cage (2017) | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ!
මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන මතක් කලොත්, ප්‍රධාන චරිතය වන සැන්ඩර් කේජ් විදියට සුපිරි නළු Vin Diesel,සුරූපී ඉන්දීය නිලි Deepika Padukone(දීපිකා අක්කගේ පලවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි මේ :-)), Donnie Yen,Tony Jaa,වගේම දෙවෙනි චිත්‍රපටියේ xXx වුන Ice Cube,සහ සුපුරුදු පරිදි Samuel L.Jackson රංගනයෙන් දායක වෙනවා. ඒවගේම සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar එහෙමත් මේකෙ ඉන්නවා. එහෙනම් කතාව ලාවට වගේ කියන්නම්..
මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරියට තේරුම්ගන්න නම් කලින් චිත්‍රපට දෙක බලන්න වෙනවා. මොකද කලින් සිද්ධියම නොවුනත් කතාව සම්බන්දයි. ඔන්න මේ වතාවෙත් ගිබන්ස් අලුතෙන් xXx වැඩසටහන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ගිබන්ස් දන්නවා මොකක්හරි සිදුවීමක් වෙන්න යන බව. ඉතින් ඔන්න ඔතනදී තමයි ගිබන්ස් ඉන්න තැනට චන්ද්‍රිකාවක් කඩාපාත්වෙන්නේ. :-). මේ චන්ද්‍රිකා සියල්ලක්ම පාලනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා පැන්ඩෝරා පෙට්ටිය කියලා. මෙතනදී ඒ පැන්ඩෝරා පෙට්ටිය කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඉතින් මේක ආයෙත් ලබාගන්න තමා අපේ වීරයා වන සැන්ඩර් කේජ්ව කට්ටිය ආයෙත් බදවගන්නේ. හැබැයි දෙවෙනි කොටසේදී කියන්නේ සැන්ඩර් මැරුනා කියලානේ. ඒත් සැන්ඩර් ලෝකයට මැරුනා වගේ පෙන්නලා තාමත් ජීවත්වෙනවා. එහෙනම් මොකක්ද මේ චන්ද්‍රිකා, පැන්ඩෝරා පෙට්ටියේ හුටපටේ කියලා කතාව බලලාම දැනගත්තනම් හොදයි නේද? මං කතාවේ කුතුහලය නැතිකරන්න අකමැති නිසා වැඩි දෙයක් කියන්න කැමති නෑ. මොනාවුනත් මේකේ ඇක්ෂන් ටිකනම් සුපිරියි ඈ!
- xXx (2002)
- xXx: State of the Union (2005)
- xXx: Return of Xander Cage (2017)











