CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1582 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2024India142 Min.
Your rating: 0
8.5 6 votes
Yudhra (2024) | සිංහල උපසිරැසි සමඟ

 

ඉතින් තවත් අලුත්ම හින්දි ක්‍රියාදාම සලරුවකට සබ් එකක් අරන් තමයි ආවෙ. 2024 සැප්තැම්බර් 20 දින සිනමාශාලා වලට මුදාහැරි අතර ඉන්දියාව තුල ආරම්භක දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 4.52 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත්වුනා. ඒ තමයි Yudhra. විනාඩි 142 ක ධාවන කාලයකින් යුතු යුද්‍රා, Action, Thriller, Drama යන කැටගරි වලට අයත් වෙනවා. හොඳ කතාවකුත් තියෙනවා. ලස්සන සිංදු තුනකුත් තියෙනවා. ඒ ඔක්කොටම වඩා සුපිරි ඇක්ෂන් ටිකක් නම් ෆිල්ම් එක පුරාම බලාගන්න පුලුවන්. මේකෙ දෙබස් සහ නිෂ්පාදනය ප්‍රවීන නලු ෆර්හාන් අක්තාර්ගෙන්. ඒ වගේම Dil Chahta Hai නිෂ්පාදක Ritesh Sidhwani සම නිෂ්පාදනයෙන් එකතු එනවා. War, Pathaan, Tiger 3 යන ෆිල්ම් වල තිර රචක Shridhar Raghavan ගේ තිර පිටපතක්. ඒ පැත්තෙන් ප්‍රවීනයෝ ටිකක් එකතු වුනාට රඟපෑමෙන් එකතු වෙන්නෙ නැගී එන පරපුරේ මුහුණු ටිකක්. ප්‍රධාන චරිතය වන රුද්‍රාගෙ චරිතයට පෙනී ඉන්නෙ Siddhant Chaturvedi. ඔහු සමග Malavika Mohanan (නිඛාත්), Raghav Juyal (ෂෆීක්), Gajraj Rao (කාර්තික්ර් රාතෝර්), Ram Kapoor (රෙහ්මාන්) සහ Raj Arjun (ෆිරෝස්) රඟපෑමෙන් එකතු වෙනවා.
රුද්‍රා පොඩි කාලෙ ඉඳන්ම වසයි. දෙමාපියන් ඇක්සිඩන්ට් එකකින් මැරුණට පස්සෙ, ඔහුගෙ පියාගෙ පොලිස් යාලුවන් වන කාර්තික් සහ රෙහ්මාන් ඔහුව හදාගන්නවා. රුද්‍රාට මාරෙට කේන්ති යනවා. පාලනය කරගන්න බෑ. වලියටම තමයි බර. ඔහු හැදෙයි කියල හිතල ජාතික ශිෂ්‍යභට පුහුණු ඇකඩමියටත් සම්බන්ධ කරනවා. නමුත් හරියන්නෙ නැති තැන රෙහ්මාන් ඔහුට මෙහෙම කියනවා.
“ඔයා හරියට ඔයාගේ තාත්තා වගේ. ගිරිශ් ඔයා වගේමයි. ඔහු ඕනෑම දෙයක් කතා කරන්න කලින් තරහ ගන්නවා. ඔහු අවදානම් ගන්න, සටන් තෝරාගන්න ප්‍රිය කලා. හරියටම ඔයා වගේ. ඒත් ඔයාලා දෙන්න එක විදියකින් වෙනස්. ගිරිෂ් තමන්ගෙ තරහ අපතේ හැරියෙ නෑ. ඔහු ඒක නිවැරදි ආකාරයෙන් භාවිතා කලා. කුඩු මුදලාලිලාට විරුද්ධව සටන් කළා. සමහර විට ඔහු මිය ගියෙත් ඒ නිසා. අපිට ඔප්පු කරන්න බැරි උනා, ඒත්…ඔවුන්ගේ අනතුර අහම්බයක් නෙමේ. ඒක කොන්ත්‍රාත් එකක්. මට ඕනෙ මගේ මිනිහෙක් උන්ගෙ ජාලයට දාන්න. පොලීසිය වෙනුවෙන් රහසිගත ඒජන්ට් කෙනෙක් විදිහට සේවය කරන්න කැමතිද? මේ මෙහෙයුම පටන් ගත්තෙ ඔයාගෙ පියා. ඔයාට පුලුවන් ඒක ඉවර කරන්න’. ඉතින් රුද්‍රාගෙ ජීවිතයට මොන මොන විනාශ එයිද? ඔහුගේ දෙමාපියන්ගේ මිනීමරුවා කවුද? අවසානයේ ඔහු කේන්තිය පාලනය අරන්න ඉගෙන ගනීවිද? චිත්‍රපටය බලමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.8 /10 12,390 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ravi Udyawar
Director

Cast

Malavika Mohanan isNikhat Siddiqui
Nikhat Siddiqui
Siddhant Chaturvedi isYudhra Rathore
Yudhra Rathore
Gajraj Rao isKarthik Rathore
Karthik Rathore
Shilpa Shukla isRenuka Bharadwaj
Renuka Bharadwaj
Ram Kapoor isRehman Siddiqui
Rehman Siddiqui
Sharvari Deshpande isPrerna Dixit
Prerna Dixit
Saurabh Gokhale isGirish Dixit
Girish Dixit

Similar titles

K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Srikanth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 1 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Power (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 2 – Attack of the Clones (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Jora Kaiya Thattunga (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published