Netflix හරහා නොවැම්බර් 07 වෙනි සිකුරාදා දින සිට නිකුත් වුන As You Stood By කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නෙ VIP වගේ ජනප්‍රිය කතාමාලාවක් නිර්මාණය කරපු Lee Jeong-lim අධ්‍යක්ෂකවරිය විසින්. Parasyte: The Grey, Our Blooming Youth වගේ කතාවල හිටපු Jeon So-nee සහ Squid Game, All of Us Are Dead, Strong Girl Nam-soon වගේ සුපිරි කතා වලින් ජනප්‍රිය වුන Lee You-mi තමයි මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ. Crime, Thriller, Mystery, Drama කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක ගෘහස්ථ හිංසනය සහ අපරාධමය සිදුවීම් ඇතුළත් නිසා 18+ (Mature) පිරිස් වෙනුවෙන් තමා නිර්දේශ කරලා තියෙන්නෙ. ජපාන ජාතික Hideo Okuda ගේ ‘Naomi and Kanako’ කියන ජනප්‍රිය නවකතාව පාදක කරගෙන නිර්මාණය වුන කතාවක් තමා As You Stood By කියන්නෙ. ඉංග්‍රීසි නම As You Stood By වුනාට කොරියන් ටයිට්ල් එක (Dangsin-i Jukyeotda) එක්ක බැලුවම ‘ඔබ මැරුවා’ (You Killed) වගේ අර්ථයක් තමයි තියෙන්නෙ.

Comments