vatar: The Last Airbender කියන්නේ ඇනිමේෂන් රසිකයින් අතර බොහොම ගෞරව ආදරයට පාත්‍ර වූ සීරිස් එකක්. ඒවගේම IMDb දර්ශකයේ 9.3ක වගේ ඉතාම ඉහළ අගයක් ලබා ගෙන, සම්මාන පවා දිනා ගැනීමට හැකි වුණු සීරිස් එකක්. ඉස්සර ITN නාලිකාව හරහා මේකේ සිංහල හඬකැවූ කාටූන් එකත් විකාශය කළා නේ. ඉතින් මේ වගේ හොඳ සීරිස් එකකට ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් ගහන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ අනුව 2005 වසරේ නිකුත්වුණු මේ සීරිස් එකට, ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් 2010 වසරේ නිකුත්වුණා. IMDb 4ක අගයක් තියෙන ඒ ෆිල්ම් එක නම්… ෆෑන්ස්ලා ප්‍රසාදයෙන් පිළිගත්තේ නෑ කියලා විතරක් කියමුකෝ.

ඉතින් ෆිල්ම් එක නන්නත්තාර වුණාට පස්සේ, ඊට වඩා source material එකට අනුකූල ඇඩැප්ටේෂන් එකක් ගේන්න තමයි Netflix ආයතනය බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් IMDb දර්ශකයේ මේ සීරිස් එකට 8.1ක අගයක් ලැබිලා තියෙනවා. මටත් සීරිස් එක ගැන හරි අදහසක් දෙන්න බෑ, මොකද මං තාම බැලුවේ පළවෙනි එපිසෝඩ් එක විතරක් නිසා. අනිත් හේතුව තමයි මං ඇනිමේටඩ් සීරිස් එක සම්පූර්ණයෙන්ම බලලා නැති වීම. (ඉස්සරහට ඒක සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා).

සීරිස් එක ගැන විස්තර කතා කළොත් නම් කලිනුත් කිව්වා වගේ මේක නිකුත් කරන්නේ Nickelodeon ආයතනය සමඟ හවුල්වුණු Netflix ආයතනය විසින්, ඒවගේම කතාමාලාව එපිසෝඩ් 8කින් සමන්විතයි. අපි කණ්ඩායමක් තමයි එපිසෝඩ් 8ට උපසිරසි ගේන්න සැලසුම් කරන් ඉන්නේ. Gordon Cormier (ඈන්ග්), Kiawentiio (කටාරා), Ian Ousley (සාකා), Dallas Liu (සුකෝ කුමරු) ආදී ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. මං පැහැදිලි කරනවට වඩා සීරිස් එකේම වචනවලින් අහගන්නකෝ.

ජලය. භූමිය. ගින්දර. වායුව. සහස්‍රකයක් පුරාවට, මේ ජාතීන් හතර සමාදානයෙන් ජීවත්වුණා. එම සාමය උදා කළේ ඇවටාර්. ඔහු, සතර මහා භූතයන් (ජලය, ගින්දර, වායුව, භූමිය) ගේ කෙළ පැමිණීමේ හැකියාවෙන් සහ ජාතීන් අතර සමබරතාවය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුත් අයෙක්. එක් ඇවටාර් කෙනෙක් මියගියාම, සදාකාලික චක්‍රයක් වගේ, ඔවුන්ගේ ආත්මය වෙනත් ශරීරයක ඉපදෙනවා. අවසන් ඇවටාර්ගේ මරණින් පස්සේ, අලුත් ඇවටාර් තවම මතුවුණේ නෑ. ඉතින්, කෲර අග්නි රාජධානියේ උතුමාණන් වන සෝසින් විශ්වාස කරනවා අනුකම්පා විරහිත යුධ ව්‍යාපාරයකින් මුළු ලෝකයම යටත් කරගැනීමට ඔහුට කාලය පැමිණ ඇති බව. ඔහුගේ පළමු පියවර ඔහුට බාධාවක් විය හැකි එකම කෙනාව විනාශ කිරීමයි. සතර මහා භූතයන් කෙළ පැමිණීමේ හැකියාවෙන් යුත් ඊළඟ තැනැත්තා. ඇවටාර් වීමේ වගකීමට තවම සූදානම් නැති එයාබෙන්ඩර් කෙනෙක්.

Comments

Leave a Reply to Jinuth Cancel

February 24, 2024

Ado anith tikath danoko brother

February 25, 2024

Ithuru tikath ikmnata dannako

February 25, 2024

Anik episode 4 ikmnata dannako

February 25, 2024

anith episode tikath ikmanta daanna

February 25, 2024

Ithuru episodes tikth dnna brother

February 25, 2024

මරු ඒ අනිත් ටිකත් ඉක්මනට දාමු

February 25, 2024

5

February 25, 2024

Epi 8ma daannakoo ikmanata

February 25, 2024

ko anik episode tika

February 26, 2024

Avatar kiyanne itin aye gammak tamai hoda seen teno quality ekat teno🌚💯🍷

February 26, 2024

Thanks ccinesubz
ඉතුරු එපි 2ත් ඉක්මන්ට දාන්න♥️

February 26, 2024

season 2 balaporoththuwen innawa

March 2, 2024

Season 2t ikmnt m onee🙂

March 3, 2024

Annimation cartoon එකත් දාන්ට

March 12, 2024

Patta

March 13, 2024

One piece eke sub dannako bro

May 17, 2024

Anith tika thama awe ndd

November 5, 2025

Thanx brother