CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Inspector Rishi (2024) TV S01 Complete

Inspector Rishi (2024) TV S01 Complete

Mar. 29, 2024
Your rating: 0
8.8 17 votes

TV Series Info

කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පරීක්ෂක වරුන් දෙදෙනෙක් වන අයියනාර් සහ චිත්‍රාගේ සහය ඇතිව මේ කුඩා කඳුකර ගම්මානයේ වනරාට්ච් යක්ෂනිය සිදු කරනු ලබන විස්මයාකාර ඝාතන මාලාව විමර්ශනය කරනවා. බුද්ධිමත්, කාර්යක්ෂම රිෂී මේ ඝාතන වලට වැරදිකරු වනරාට්ච් බව කියන කතා පිළිගන්නේ නැහැ. ඔවුන්ට රහස් එළිදරව් කරගැනීමට හා මේ පැහැදිලි කළ නොහැකි අභිරහස පිටුපස තිබෙන සත්‍යය සෙවීමේ වගකීම පැවරී තිබෙනවා. මොවුන් තිදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග හරහා ගමන් කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් සීමාව දක්වාම පරික්ෂා කරන අත්භූත බලවේග සමඟින් සටන් කිරීමට සිදු වෙනවා.

 

Suzhal: The Vortex (2022), Vadhandhi: The Fable of Velonie (2022), Dhootha (2023) වැනි අභිරහස් කතා මාලා ගෙන ආ ඇමසන් ප්‍රයිම් විසින් ගෙන එන නවතම අභිරහස් කතා මාලාව තමයි ඉන්ස්පැක්ටර් රිෂී. උඩින් සඳහන් කරපු සීරීස් බලලා නැත්නම් බලන්න කියලා නිර්දේශයක් කරනවා. අද දින(මාර්තු 29) විකාෂණය ඇරඹුණු මේ කතා මාලාව නන්දිනී JS විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. නවීන් චන්ද්‍රා, ස්‍රීක්‍රිෂ්ණා දයාල්, කන්නා රවී, මාලිනි ජීවරත්නම්, සුනේනා, කුමාර්වේල්, ගජ්රාජ්, මයිම් ගෝපි, වසන්ති(ඒජන්ට් ටීනා) ආදී බොහෝ දෙනෙක් රඟපානවා.

 

මේ සීරීස් එක දෙමළ වුණත් ඇත්තටම නවීන් චන්ද්‍රා තෙළිඟු නළුවෙක්. නවීන් චන්ද්‍රා මෑතකදී තිරගත වුණ Jigarthanda Double X (2023) චිත්‍රපටයේ දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වුවා. කියන්න දෙයක් නැහැ, ඒ චරිතය එයා වෙනුවෙන්ම ලියාපු එකක් වගේ ඉදිරිපත් කළා. නවීන්ට මේ වගේ කතා මාලාවක් ලැබීම ඔහුගේ දක්ෂතාවයන් විදහා පෙන්වීමට ලොකු අවස්ථාවක්.

 

මීට Imdb රේටින් අගය ලෙස දැනට 7.4ක් හිමි වෙලා තියෙනවා. අභිරහස් කතා මාලා ප්‍රිය කරන අය කැමති ආකාරයේ මිනිත්තු 40-45ක් දිවෙන කොටස් 10කින් යුත් කතා මාලාවක්.

Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6 2 votes
First air date Mar. 29, 2024
Last air date Mar. 29, 2024
Seasons S01 Complete
Average Duration tt31701070 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Naveen Chandra isRishi Nandhan
Rishi Nandhan
Kanna Ravi isAyyanar Moorthy
Ayyanar Moorthy
Malini Jeevarathnam isChitra Lokesh
Chitra Lokesh
Sunaina isKathryn Shobana
Kathryn Shobana
Shri Krishnadayal isSathya Nambeesan
Sathya Nambeesan
Vela Ramamoorthy isMangai's Father
Mangai's Father
Geetha Kailasam isIrfan's Wife
Irfan's Wife

Similar titles

Betaal (2020) Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Beyond (TV Series 1999) Season 01 Completed
A Good Day to be a Dog (2023) TV S01 Complete
The Fragrant Flower Blooms with Dignity (2025) TV Series | S01 Complete
Alice in Borderland (2022) TV  Complete Season 01-03 | Complete
Love Alarm (2019) TV S01 & S02 Complete
In From the Cold (2022) TV Series Season 01
Aakhri Sach (2023) S01 Complete
Foundation (2021) S01 Complete Sinhala Subtitles
Marvel’s Iron Fist (TV Series 2017-2018) TV S01 & S02 Complete
The Queen’s Gambit (2020) TV Series  Complete Season 01
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published