CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Kankhajura (2025) | TV Series | Season 01 | Complete

Kankhajura (2025) | TV Series | Season 01 | Complete

May. 30, 2025
Your rating: 0
8.7 3 votes

TV Series Info

 

මේක  crime thriller ඝනයට වැටෙන කොටස් අටක web series එකක් . මේක ඇත්තෙන්ම ඊශ්‍රායල් වෙබ් කතා මාලාවක් වන Magpie (Adam Bizanski)හි ඉන්දියානු නිල ප්‍රති නිර්මාණයක්(Official adaption).

මෙය සහෝදරයින් දෙදෙනෙක් වටා ගෙතුන කතා පුවතක්. මිනී මැරුමකට අවුරුදු 14කට ආසන්න කාලයක් සිර ගත වී සිටින බාල සහෝදරයා අශූ නිදහස් වී නැවත පැමිනෙද්දී වැඩි මහල් සහෝදරයා මැක්ස් ඔහුව භාර ගන්නවා. කාලය සමග වෙනස් වී ඇති නවීන ලෝකය හා මුසු වෙන්න අශූ උත්සාහ දරන අතර ඒ වෙන විට ඉතා දියුණු ව්‍යාපාරිකයෙක් වී සිටින මැක්ස් සිය වංචා කාරී ව්‍යාපාර වලින් සහෝදරයා ඈත් කර තැබීමට උත්සාහ කලත් අශූ උත්සාහ කරන්නෙ කොන්දේසි විරහිතවම මැක්ස්ට සහය වීමටයි. ව්‍යාපාරයේ හවුල් කරුවන් වන මැක්ස්ගේ කුඩා කල සිටම අතිජාති මිතුරන් දෙදෙනා අශූගේ පැමිණීම එතරම් හොඳ දෙයක් ලෙස දකින්නේ නෑ. කෙසේ වෙතත් සිහින ව්‍යාපෘතිය වන නිවාස පුරයක් ගොඩ නැගීමේ කටයුතු ඉදිරියට කෙරී ගෙන යනවා.

මැක්ස් කියන්නේ උපතින්ම ගොත ගහන පෙනුමෙන් ඉතා අහිංසක චරිතයක්. සිය සහෝදරයා සහ ඔහුගේ මිතුරන්ගෙ අඩත්තේට්ටම් යටතේ වුවත්  කුඩා කල සිටම ඔහුගේ වීරයා වෙන්නෙ සහෝදරයා. අශූ සිර ගත වීමට හේතුවත් ඔහුගේ සහෝදරයා සහ මිතුරන් දෙදෙනා බව පැවසෙනවා. ඉතිං ඔහුගේ නැවත පැමිණීම ම්ක්ස්ගැ ජීවිතයට කෙසේ බලපායිද? අද සිට බ්ලා ගන්න පුළුවන්.

මුලින් ටිකක් සුපුරුදු පරිදි කම්මැලි ගතියක් දැනුනත් යන්න යන්නම මේ කතාව ඉතා කුතුහලය දනවන සුළු ලස්සන කතාවක් සේ ඇදී යනවා. ඒ නිසා දිගටම බලන්න පාඩුවක් නෑ.

චන්දන් අරෝරාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි ශ්‍රී ලංකා රසිකයින් අතර පවා ඉතා ජනප්‍රිය මලයාලි නළු රොශාන් මැතිව් සහ මෝහිත් රානා ප්‍රධාන චරිත මවනවා. සාරා ජේන් ඩයස්, මහේශ් ශෙට්ටි, නින්නද් කමත් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

Kankhajura (2025) | TV Series | Season 01 | Complete
Kankhajura (2025) | TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
First air date May. 30, 2025
Last air date May. 30, 2025
Seasons S01 Complete
Average Duration tt30820007 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

One Ordinary Day (2021) TV Series Season 01 Complete
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series
The Night Manager (2023) TV S01 Complete
The Wheel of Time (2024) S01-S03 | Complete
Marry My Husband (2025) TV Series | S01 | Complete
The Mandalorian (2019) TV S01-S03 Complete
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]
Trigger (2025) TV Series | S01 | Complete
King the Land (2023) S01 EP01-16 Complete
Death’s Game (2023) TV Season 01 Complete
Chief of War (2025) TV Series | S01 | EP01-08 | Incomplete
Outer Banks (2020) TV Series S01 -S04 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published