CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Manvat Murders (2024) TV Series | Season 01 | Complete

Manvat Murders (2024) TV Series | Season 01 | Complete

Oct. 03, 2024
Your rating: 0
10 1 vote

TV Series Info

 

හොඳයි අද මං ඔබට අරගෙන ආවේ 1970 කාලයේ ඉන්දියාව භීතියෙන් සලිත කළ බිහිසුණු සත්‍ය දාම ඝාතන සිද්ධියක් පදනම් කරගනිමින් අශීෂ් අවිනාෂ් විසින් අධ්‍යක්ෂණය කළ  ත්‍රාසජනක ටෙලිනාට්‍යයක් වන Manwat Murders2024 ඔක්තෝබර් 04 වැනිදා  SonyLIV වෙතින් නිකුත් වුණු මෙහි IMDb Ratings අගය 7.1/10ක ඉහළ අගයක් ගත්තා. එකල ‘ඉන්දියාවේ ෂර්ලොක් හෝම්ස්’ ලෙසින් හැඳින්වුණු කීර්තිමන් අපරාධ විමර්ෂණ නිළධාරියෙක් වුණු රමාකාන්ත් එස්. කුල්කර්ණි මේ කතාවේ ප්‍රධාන චරිතය වන අතර ඔහු මාන්වත්හි සිදුවුණු දාම ඝාතන සිදුවීමක් විසඳමින් ඉදිරියට ගෙන යන ආකාරය මේ කතාමාලාවේ කුතුහලය සහ සංත්‍රාසය දනවන අන්දමින් නිරූපණය කෙරෙනවා. මේ ටෙලිනාට්‍යයට පාදක කරගන්නේ රමාකාන්ත් එස්. කුල්කර්ණි විසින් රචිත සිය ස්වයං ලිඛිත චරිතාපදානය වන ‘අපරාධ වැලිතලයේ පියසටහන්’ (‘Foot prints on the Sands of Crime’) නම් විශිෂ්ඨ ග්‍රන්ථයයි.

රමාකාන්ත් එස්. කුල්කර්ණි විසින් රචිත සිය ස්වයං ලිඛිත චරිතාපදානය වන ‘අපරාධ වැලිතලයේ පියසටහන්’ (‘Foot prints on the Sands of Crime’) ග්‍රන්ථය (වමේ) සහ රමාකාන්ත් කුල්කර්ණි විශ්‍රාම යන දිනයේ ඔහු වෙත උපහාර පිදුණු අන්දම (දකුණේ)
 
මේ මාන්වත් ඝාතන සිදුවීම් මින් පෙරද විවිධ සිනමා නිර්මාණ වලට වස්තුවිෂය වී තිබුණා. 1981දී අමෝල් පාලේකර් විසින් අධ්‍යක්ෂණය කළ Akriet සිනමා පටය සහ 1978 නිර්මාණය වුණු Sarvasakshi  මීට උදාහරණ වෙනවා. මෙහි රමාකාන්ත් කුල්කර්ණි ලෙසින් කෘතහස්ත රංගන ශීල්පී අශුතෝෂ් ගෝවාරිකර්ගේ විශිෂ්ඨ රංගනය රසිකයන්ගේ වගේම විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. රමාකාන්ත් එස්. කුල්කර්ණි අපරාධ පරීක්ෂණ ගැන තමන්ගේම ක්‍රමවේදයන් ඔස්සේ සිදු කළ දක්ෂ නිළධාරියෙක්. ඉන්දියාවේ ජැක් ද රිපර් හෙවත් ඉරාදමන ජැක් ලෙස හැඳින්වුණු දාම ඝාතකයෙක් වුණු රමන් රාඝව් නැමැත්තා ද අත්අඩංගුවට ගන්නා ලද්දේ රමාකාන්ත් කුල්කර්ණි මහතා විසිනුයි. ඒ පිළිබඳව ඔහුගේ චරිතාපදානයෙහි සඳහන් වෙනවා.
 
අපරාධ විමර්ෂණ නිළධාරී රමාකාන්ත් එස්. කුල්කර්ණි (වමේ සහ මැද) සහ ඔහුගේ චරිතය නිරූපණය කරන අශුතෝෂ් ගෝවාරිකර් (දකුණේ)
 
මේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන නළු නිළියන්
  • Ashutosh Gowariker රමාකාන්ත් කුල්කර්ණි ලෙසින්
  • Sai Tamhankar සමින්ද්‍රිබායි ලෙසින්
  • Makarand Anaspure උත්තම්රාවෝ භාරටේ ලෙසින්
  • Sonali Kulkarni රුක්මණීබායි ලෙසින්
  • Umesh Jagtap පොලිස් පරීක්ෂක පරන්ජේ ලෙසින්
  • Shardul Saraf  පොලිස් නිලධාරී දමෝදර් ශුක්ලා ලෙසින්
  • Ketan Karande  පොලිස් නිලධාරී පොන්ක්ෂේ ලෙසින්
  • Sagar Yadav කොස්තාපල් අම්බාදාස් ලෙසින්
  • Rupesh Jadhav කෛලාෂ් භරාටේ ලෙසින්
  • Kishor Kadam ඝණ්පත් සාල්වේ ලෙසින්
  • Mayur Khandge වාකට්කර් ලෙසින්
කොටස් අටකින් යුතු වන මේ කතා මාලාවේ සිංහල උපසිරැසි අද ඉඳන් බයිකොප් අඩවියෙන් ඔබ වෙතට ලැබේවි. මේකේ තියෙන කතාව මොකක්ද? 1972 නොවැම්බර් 14 සිට 1974 ජනවාරි 4 දක්වා කාලය තුළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාන්වත් නම් දුෂ්කර ගම්මානය සලිත කළ කාන්තා මිනීමැරුම් දාමයක අබිරහස සෙවීමට මාන්වත් හි පොලිස් දෙපාර්තමේන්තුව අපොහොසත් වන විට, මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් පොලිස් නිලධාරී රමාකාන්ත් ඒ වෙනුවෙන් අනුයුක්ත කෙරී මාන්වත් ගම්මානයට පැමිණෙනවා. ඒ වනවිට ඝාතනයට ලක්ව තිබුණේ කුඩා දැරියන් පස් දෙනෙකු සහ වයස අවුරුදු තිස් ගණන්වල මැද භාගයේ පසුවන කාන්තාවන් සිව් දෙනෙකුයි. මේ හැම මිනීමැරුමක්ම සඳහා බොහෝවිට පොරොවක් වැනි ආයුධයක් භාවිතා කර තිබෙනවා; මළසිරුරේ ලිංගික ප්‍රදේශ වල කපා කොටා දමා තිබෙනවා. මේ මිනීමැරුම් යම් ආකාරයක බිළි පූජාවක්, මන්ත්‍ර ගුරුකමක් ලෙස පෙනෙන්නට තිබුණා. මේ මිනීමැරුම් මාන්වත් පොලිසියට විසඳගන්න බැරි වුණාම manwath ගම්මානයේ මිනිසුන්ට තමන්ගේ පොලිසිය ගැනත් තිබුණු විශ්වාසය බිඳ වැටෙනවා.  මේ මිනීමැරුම් කවුද කෙරෙව්වේ? ඇයි පොලිසියට වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ? කුල්කර්ණිට එතැනදී මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? අද කොටසින් බලන්න.
Manvat Murders (2024) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
First air date Oct. 03, 2024
Last air date Oct. 03, 2024
Seasons S01 Complete
Average Duration tt33320881 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Ashutosh Gowariker isRamakant Kulkarni
Ramakant Kulkarni
Makarand Anaspure isUttamrao Barate
Uttamrao Barate
Kishore Kadam isGanpat Salve
Ganpat Salve

Video trailer

Similar titles

Tomorrow (2022) TV | Season 01 | Complete | With Sinhala subtitles
Brand New Cherry Flavor (2021) Complete TV Series With Sinhala Sub
Parasyte: The Grey (2024) TV Season 01 Complete
Resident Evil TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Girl from Nowhere (2018) Season 01 Complete
The Law Cafe (2022) TV S01 EP01-12
Good American Family (2025) TV Series | Season 01 | Complete
Moon Knight (2022) TV Series Season 01 Complete | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaitan (2023) TV S01 EP01-09 | Complete
The Walking Dead (TV Series 2010-2022) TV S01- S11 Complete Series
A Shop for Killers (2024) TV S01 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published