<img class=”aligncenter size-full wp-image-137104″ src=”https://cinesubz.net/wp-content/uploads/2025/10/One-Punch-Man-2015.jpg” alt=”” width=”1280″ height=”720″ />

ඉතින් සුපිරි වීරයෝ ගැන කිව්වාම මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ? සුපිරි බලයක් තියෙන, මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයත් අනතුරේ දාගෙන සටන් කරන සුපිරිම සෙට් එකක්නේ මේ “සුපිරි වීරයෝ” කියන්නේ. විවිධාකාරයේ උපද්‍රව වලින් මෙයාලා මිනිස්සුන්ව බේරගන්නවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුවයි ඒ තරම්ම කැපවෙන්නේ. ඉතින් මේකත් අන්න ඒ වගේ සුපිරිම බලයක් තියෙන, සුපිරි වීරයෙක්ගෙ කතාවක්. මිනිහගේ නම තමා “සයිතමා”. ඇත්තම කිව්වොත් පොර ආතල් එකට තමයි සුපිරි වීරයෙක් වෙලා තියෙන්නේ. මිනිහට තියෙන බලය කොච්චරද කියනවනම්, ඕනෑම විදිහේ සතුරෙක් මිනිහා “වන් පන්ච්” එකකින් ඉවර කරනවා. ඒ නිසයි “වන් පන්ච් මෑන්” වෙන්නෙ. 👊 දැන් ඔයාලා හිතයි, ඉතින් වන් පන්ච් එකකින් ඔක්කොම ඉවරයක් කරනවනම් මෙලෝකේ රහක් නෑ නේද කියල? නෑ, මේක ඇත්තටම ආතල් එකේ හිනාවෙන ගමන් බලන්න පුලුවන් සුපිරිම ඇනිමේ එකක්. ආතල් වගේම තමා මේකේ තියෙන ෆයිට්ස් ආ…. 🔥 ගැම්මක් තමයි.

ඉතින් මේ ඇනිමේ එකත් “වන් පන්ච් මෑන්” මන්ගා එක මූලාශ්‍ර කරගෙන තමා නිර්මාණය වෙන්නේ. මේ මන්ගා එක ඇත්තටම සුපිරිම ආර්ට් වර්ක් එකක් තියෙන මන්ගා එකත්. පසුගිය කාලයේ සෑහෙන කතාබහකටත් ලක්වුණා මේ මන්ගා එක. මන්ගා එක නිර්මාණය වෙන්නෙ දෙදෙනෙකුගේ එකතුවෙන්. වන් පන්ච් මෑන් කතාව “One” විසින් නිර්මාණය කරනකොට, ඒක සිතුවමට නගන්නේ “Yusuke Murata” විසින්. මේ දෙපළගේ එකතුවෙන් තමයි මන්ගා එක එළියට එන්නෙ.

ඉතින් මන්ගා එක මූලාශ්‍ර කරගෙන ඇනිමේ එක නිර්මාණය කරන්නේ “MAD House” ස්ටුඩියෝ එක විසින්. ඉතින් මේ ස්ටුඩියෝ එකනම් සුපිරි ඇනිමේ සෙට් එකක් එළියට දාපු තැනක්. 🔥 ඒ වගේම මේක Action, Adult cast, Comedy, Parody, Seinen, Superpower කියන genres වලට තමා වැටෙන්නේ. ඒ වගේම ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL 8.50 ක අගයක් මේ ඇනිමේ එකට ලැබිලා තියෙනවා. ඉතින් ඕක තමා මූලික තොරතුරු වෙන්නෙ.

ඉතින් කලින් කිව්වා වගේම මේ ආතල් එකට වීරයෙක් උන පොරකගෙ කතාවක්. මිනිහට ඕනෙම එකෙක් ඉවර කරන්න වන් පන්ච් එකක් විතරයි ඕනේ.

Comments