ඔන්න සිංහල සබ් මේ වෙනකන් නොතිබ්බ ලංකාවේ සැලකිය යුතු ෆෑන් බේස් එකක් ඉන්න කටක් ඇරලා හොඳයි කියලා කියන්න පුළුවන් ටීවී සීරිස් එකකට සබ් අරගෙන ආවා. මේ තමයි “Outer Banks” Outer Banks කියන්නේ 2020 අවුරුද්දේ Netflix හරහා විකාශය ආරම්භ කරපු Teen drama, Action-adventure, Mystery සහ Thriller කියන ශානරයන්ට අයත් කතාමාලාවක්. මේක IMDb 7.5 ක අගයකුත්, කුණු තක්කාලි 79% ක අගයකුත් ලබාගෙන තියෙනවා. 2020 පටන් ගත්තට මේ ටීවි සීරිස් එක තාම ඉවර නෑ, දැනට ඒ කියන්නේ 2025 අවුරුද්දේ මුල වෙනකොට සීසන්ස් 4 ක් නිකුත් වෙලා ඉවරයි. මේ වෙනකොට පැතිරෙන Rumors වලට අනුව නම් 5 වෙනි සීසන් එකෙන් කතාව අවසානය දකිනවා කියලා විශ්වාසයක් තියෙනවා.. තාම 5 වෙනි සීසන් එක ගැන හරි දැනුම්දීමක් සිදුවෙලා නෑ..

කතාව දිවයන්නේ Outer Banks එහෙමත් නැත්තම් OBX කියන දූපත් සමූහයක් වටා.. උතුරු කැරොලිනාවේ සහ ගිනිකොනදිග වර්ජිනියාවේ වෙරළ තීරය දිගේ විහිදෙන බාධක දූපත් සමූහයක් තමයි මේ. මේ දූපත් අතර වගුරුබිම් පිහිටලා තියෙනවා.. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ අවුරුදු 16-22 ක් අතර ළමයි එහෙමත් නැත්තම් තරුණ වියට පා තබමින් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටිකක්.. අපි බලමු කවුද මේ අය කියලා.

ජෝන් බී, ජේජේ, කියාරා සහ පෝප් කියන ළමයි අයිති වෙන්නේ දූපතේ පෝග් (Pogue) කියන පිරිසට.. ඒ කියන්නේ දූපතේ “කට් එක” කියලා හඳුන්වන ප්‍රදේශයේ ජීවත් වෙන අය. එතකොට ටොපර්, කෙල්ස්, සාරා සහ රේෆ් කියන්නේ සුඛෝපබෝගී ජීවිත ගතකරන කුක් (Kooks) කියන පිරිසට අයත් අය.. පෝග්ලගෙන් කියාරා කියන්නේ යම්තාක් දුරට හොඳට සල්ලි බාගේ තියෙන කෙල්ලක් වගේම එයා ඉස්සර කුක් සමාජයට අයිති වුණ කෙනෙක්.. ජේජේ කියන්නේ තමන්ගේ තාත්තගේ වද හිංසා වලට ගොදුරු වුණ මත්ද්‍රව්‍ය පැත්තට බර සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. පෝප් කියන්නේ හොඳ දැනුමක් තියෙන මොළකාරයෙක්. කුක්ලා ගැන බැලුවොත්.. සාරා, රේෆ් සහ වීසී කියන්නේ වෝඩ් කැමරන් එහෙමත් නැත්තම් මිස්ටර් සී ගේ ළමයි තුන්දෙනා.. ටොපර් කියන්නේ කතාව පටන් ගන්නකොට සාරා ගේ පෙම්වතා.

ජෝන් බී රොලේජ් කියන්නේ ඉන්න තැනක් නැති, තමන්ගේ අතුරුදහන් වෙච්ච තාත්තා වෙනුවෙන් දුක් වෙන තරුණ ළමයෙක්. මෙයාගේ තාත්තා තමයි “ලොකු ජෝන් රොලේජ්” කියලා හඳුන්වන්නේ.. කතාව පටන් ගන්නකොට පෙන්නන්නේ ‘අගතා’ කියලා ලොකු සුළි කුණාටුවක් ඇතිවෙලා ඒ ඔස්සේ වෙලා තියෙන විනාශය. මේ වගේ තත්වෙක මේ පෝග්ලා වගුරු බිම හරහා බෝට්ටුවකින් යන අතරමග දකිනවා වතුර යට ගිලිලා තියෙන තව බෝට්ටුවක්.. මෙයාලා ඒකට ගිහින් එතනින් හොයාගන්නවා බෑග් එකක්.. ඒක ඇරලා බලනකොට ඇතුළේ තියෙන්නේ මාළිමාවක්. මේ මාළිමාව අයත් වෙන්නේ ලොකු ජෝන් කියන ජෝන් බී ගේ තාත්තට. පරම්පරා ගාණක් තිස්සේ උරුම වෙන මේ මාළිමාව අන්තිමට ජෝන් බී ටත් උරුම වුණා. ඒත් අතීතේ දිහා බලනකොට මේ මාළිමාව අයිති වුණ හැම කෙනෙක්ම අකාලේ මියගිහින් තියෙනවා.

කතාවේ ප්ලොට් එක තමා සරලවම මේ පෝග්ලා නිධන් දඩයමක යෙදෙනවා.. රත්තරන් ඩොලර් මිලියන 400 ක වටිනාකමකින් යුතු නිධානයක්.. රෝයල් මර්චන්ට් කියන පෞරාණික නෞකාවේ තමයි මුලින් මේ නිධානේ තිබිලා තියෙන්නේ. ඉතින් එයාලා මේක හොයාගන්න ලොකු මහන්සියක් ගන්නවා.. නිධානේ ඇත්තටම තියෙන්නේ මහමුහුදෙද නැත්තම් වෙන තැනකද කියලා මෙයාලට හොයාගන්න වෙනවා. මේ වෙනුවෙන් මෙයාලා නොසෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙනවා.. ඉතින් කතාව ගලාගෙන යන විදිහට ඔයාට ඒ ඔක්කොම තේරුම් යයි. මීට වැඩිය කියන්න ගිහින් බොරුවට ස්පොයිල් කරගන්න ඕන නෑනේ.

කාස්ට් එක ගැන බලනකොට, ජෝන් බී චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Chase Stokes, පෝප් චරිතයට Jonathan Daviss, සාරා චරිතයට Madelyn Cline, ජේජේ චරිතයට Rudy Pankow, කියාරා චරිතයට Madison Bailey, ටොපර් චරිතයට Austin North සහ වෝඩ් කැමරන් චරිතයට Charles Esten වගේම තවත් දක්ෂ නළු නිළියන් පිරිසක් මේ වෙනුවෙන් රංගනය ඉදිරිපත් කරනවා.

මේ ටීවි සීරිස් එක රූපගත කරලා තියෙන්නේ දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ බාබඩෝස් වල.. වෙනස්ම වයිබ් එකක් වගේම ලස්සන දර්ශන සහ මියුසික් එක්ක වෙනම ලෝකෙකට අරගෙන යන්න පුළුවන් නිර්මාණයක් මේක.. ඔයාට හොඳ අත්දැකීමක් වෙයි මේක කියලා විශ්වාස කරනවා.. ඒ වගේම පුළුවන් ඉක්මනට ඊළඟ සීසන් ටිකෙත් සබ් දෙන ගමන් 5 වෙනි සීසන් එකට උණු උණුවේ සබ් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා..

Comments

January 12, 2025

මචන් උබලා කරන මේ වැඩෙ නම් පට්ට. තව මේකට 18+ කැලී තියනවද කියලා ආදල පොස්ට් එකේම දන්න පුලුවන් නම් එක මරු. ෆිල්ම් එකක් ගෙදර අයත් එක්ක බලන අයට තමා බ්‍රො මේකේ අගේ දන්නේ. 🙂

January 20, 2025

මචං මේකේ අනිත් ටික ඉක්මනට දාපන්කෝ .. 🙂 ආසාවෙන් බලන්න ඉන්නේ මේක.

January 25, 2025

❤️thnx broth

February 1, 2025

Anith season tikth one ❤️

February 2, 2025

Ithuru season tika onee

February 8, 2025

Season 3ත් ඕනෙ

February 8, 2025

ikmanata denna bro

February 9, 2025

Season 3 &4 ohomma danna

February 9, 2025

Season 3 denw nedoi

February 11, 2025

Season 3 ikmanta Dennakoo

February 11, 2025

Season 3 ikmnata dennakoo

February 13, 2025

Next season please

February 14, 2025

S3 dannedda 😓

February 14, 2025

Anith season tikath denna

February 14, 2025

Season 3 ona

February 15, 2025

parakku wadi sahodaraya sinhala subtitle natthuwa hari okkama balala iwarai

thawa kalen balla puluwanne

ela tanks

February 17, 2025

season 3 plz

February 18, 2025

waiting for Season 3

February 19, 2025

Season 3/4 oni

February 20, 2025

Season 3 ekath damma nm maru 🙏

February 21, 2025

Machan ithuru akath ikmanatama dennoo

February 26, 2025

Ithuru tika naddoo…

February 27, 2025

season 3 ake 8 idan tika dannako.

February 27, 2025

Meke season 3 ithuru episode tikath dala season 4 eke okkama tikath danna thawa dragon (2025) kiyala tamil movie ekath danna

March 4, 2025

Anith tikath ikmnta dennakoo🥺

March 4, 2025

Ilaga episode tika ikmnta dennako ♥️😁

March 6, 2025

season 3 last episode eka danne nadda ??

March 7, 2025

Ilaga episode tika dannko ❤️👾

March 9, 2025

Ithuru tik Dan ndd

March 10, 2025

Se 3 ikmanata onaa

    March 12, 2025

    * Se 4

July 15, 2025

මේකෙ අනිත් ටිකත් දෙන්නකො♥️😍