Prehistoric Planet (2023) TV S01 & S02 Complete
Year:2022
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-05 ✅
Season 02 (Complete) ✅
Episode 01-05 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
විද්‍යා ප්‍රබන්ධයන්ට වැඩි කැමැත්තක් දක්වන රසිකයන් වෙනුවෙන් තමයි මේ රූපවාහිනී කතා මාලාව මන් අරගෙන ආවෙ. බයිස්කෝප් අඩවිය ඔස්සේම පෙර උපසිරැසිකරනයට ලක් කර ඇති Planet Earth, Cosmos a Spacetime Odyssey වැනි විශිෂ්ට වාර්ථාමය විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවන් වටා එක්වුණු පිරිස අතරට තවත් එක් විශිෂ්ට වාර්ථාමය කතා මාලාවක් මන් මේ විදියට එකතු කරවනවා. වාර්ථාමය වැඩසටහනක් ලෙස පැවසූ වහාම බොහෝ දෙනෙක් එවැනි විශිෂ්ට හරවත් වැඩසටහන් මඟහැර යාම සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙ තත්වයක්.
නමුත් ඔබ ජීවත් වන තත්‍ය ලෝකය තුල ඔබ අනිවාර්‍ය වශයෙන්ම දනුවත්ව සිටිය යුතු ඉතාම රසවත් හා හරවත් කරුණු ගොන්නක්ම මේ වාර්ථාමය වැඩසටහන් තුළින් ඔබ වෙතට ගෙන එනු ලබනවා. ඒ වගේම ඔබ ප්‍රියතාවයෙන් නරඹන ලද ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් නිර්මාණයන් තුළින් ඔබව තත්‍ය ලෝකයේ විද්‍යාත්මක පිරිවිතරන්ගෙන් කෙතරම් දුරකට ඈත් කර තබා ඇතිදැයි ඔබට සිතාගතවත් නොහැකිවනු ඇති.
ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි…
ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට.
මේ කතා මාලාව IMDB දර්ශකය 8.5ක් දක්වාම කරකවන්න සමත්වෙලා තිබෙනවා වගේම Rotten Tomatoes දර්ශකයත් 90% ක් දක්වාම ගෙන ඒමට හැකිවෙලා තියෙන එකෙන්ම ඔබට තවත් මේ කතාමාලාව පිළිබඳව විස්තර කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ කතාමාලාව මඟින් අවසාන ක්‍රිටේසියස් යුගයට පෙර වසර මිලියන 66කට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ ලෝකය පරිඝනක සජීවීකරණය ඔස්සේ ඔබට දිගහැරේවි.












