Terminator Zero (2024) TV S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත..
Cast
Go Full Cast Page
මේ Terminator Zero කතාව ඇරඹෙන්නේ කාල රාමු දෙකකින් ඇරඹෙන කතාවක් විදිහටයි. වර්තමානය 1997 වර්ෂය. ජපානයේ ටෝකියෝවේ එක්තරා පුද්ගලයෙක් අතින් එක්තරා විශේෂ නිර්මාණයක් නිපදවෙමින් පවතිනවා. ඒ වෙද්දි ජපානයත් රොබෝ තාක්ෂණය අතින් බොහෝ දියුණුවක් ලබල තියෙනවා. “මැල්කොම් ලී” නම් තාක්ෂණික විශේෂඥයා අතින් නිමවෙන මේ නිර්මාණය නමින් “කොකොරෝ” නම් වෙනවා. ඒක එක්තරා විදිහක කෘතිම බුද්ධියක්. ඒ වගේම මේ කෘතිම බුද්ධියට සමාන්තරව “ස්කයිනෙට්” නම් බුද්ධි ජාලයක් තවත් පැත්තකින් ක්‍රියාත්මක කරන්නට නියමිතව තියෙනවා. ඒ අතරේ තමයි මුළු ලෝකයම නොබෝ දිනකින් ඉතාමත් ක්ෂණයෙන් විනාශ වී යන අයුරු මැල්කොම් ලී සිහිනෙන් දකින්නේ. මේ බියකරු සිහිනය නොබෝ දිනකින් සැබෑ වීම වැළැක්වීම වෙනුවෙන් මැල්කොම් ලී තමන්ගේ කෘතිම බුද්ධිය වෙන කොකොරෝව ක්‍රියාත්මක කරන්න තීරණය කරනවා. හැබැයි මේ ක්‍රියාවන් වළක්වන්න යම් පුද්ගලයින් දෙදෙනෙක් මැල්කොම් ලී හඹා එනවා. මීළඟට 2022 වර්ෂය. එනම් වසර 25 ක් අනාගතය. මේ පුද්ගලයින් දෙදෙනා එන්නේ මේ අනාගතයේ ඉඳලයි.
අවුරුදු 25 ක් අනාගතයේ ඉඳන් එන මේ දෙන්නා කවුද? ඒ විදිහට අනාගතයේ ඉඳන් එන්නේ ඇයි? මැල්කොම් ලීගේ කෘතිම බුද්ධිය ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකි වේවිද? ස්කයිනෙට් ජාලය කියන්නෙ මොකක්ද? මැල්කොම් දුටු බියකරු සිහිනය සැබෑ වේවිද? මේ කුතුහලය පිරුණු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ කතා මාලාව ඔස්සේ සොයා ගැනීමට ඔබට හැකි වේවි. සුපුරුදු ත්‍රාසය, ක්‍රියාදාමය, භීතිය, කුතුහලය, ලේ වැගිරීම් ඔස්සේ දිවෙන මේ විද්‍යා ප්‍රබන්ධය කිසි සේත්ම ඔබේ බලාපොරොත්තු කඩ නොකරාවි. ඉතින් මේ කතා මාලාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. මේක ජපන් භාෂාවට ගැලපෙන්න නොහදන්න මම තීරණය කළේ මේ කතාවට ජපන් හඬ කැවීමේ තියෙන අඩු පාඩු බොහොමයක් නිසාමයි. කොහොමත් මේක ජපන් බසට වඩා ඉංග්‍රිසී බසට ගැලපෙන කතාවක් නිසා ඉංග්‍රීසියෙන්ම නරඹන එක තමයි හොඳම තේරීම වෙන්නෙ. ඒ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් කිහිපයකුත් ඇතැම් තැන්වල ඇතුළත් වෙන බවත් මතක් කරනවා. නරඹන්න එහෙනම් Terminator විශ්වයේ නවතම ආගමනය.





