The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
The Ba***ds of Bollywood නිකුත් වුනේ පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා Netflix ඔස්සේ. සීරීස් එක නිර්මාණය සහ අධ්‍යක්ෂණය කරන්නේ Aryan Khan. මේක ඔහුගේ පළවෙනි නිර්මාණය වීමත් විශේෂත්වයක්. 🔥
ඒක නෙවෙයි මේකෙ cast එක තමයි විශේෂම දේ. කතාව ප්‍රධානවම නිර්මාණය වෙන්නේ ආස්මාන් සිං කියන නවක බොලිවුඩ් රංගන ශිල්පියෙන් මූලික කරගෙන. මේ චරිතයට පණ දෙන්නේ Lakshya Lalwani. ඔයා 2023 වසරේ නිකුත් වුනු Kill චිත්‍රපටය සහ 2017 වසරේ විකාශනය වුනු Porus රූපවාහිනී කතාමාලාව බලපු කෙනෙක් නම් ඔහුව කොහෙත්ම නොදැන ඉන්න විදිහක් නෑ. 🤫
ඒ වගේම Bobby Deol, Sahher Bambba, Anya Singh, Raghav Juyal, Mona Singh ආදී බොලිවුඩ් නළු නිළියන් රැසක් අනෙකුත් ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.
ඊළඟට විශේෂම දේ මේකේ ආරාධිත රංගනයෙන් දායක වෙන කට්ටිය.
* Shah Rukh Khan
* Karan Johar
* Aamir Khan
* Emraan Hashmi
* Salman Khan
* Ranbir Kapoor
* Rajkumar Rao
* Arjun Kapoor
* Ranveer Singh
* Badshah
* Sara Ali Khan
* Ibrahim Ali Khan
වගේ තව හුඟ දෙනෙක් මේ කතා මාලාවේ ආරාධිත චරිත වලට රංගනයෙන් දායක වෙනවා. 🔥
එහෙනම් යමු කතාව පැත්තට.
මම මුලින් කිව්වා වගේ මේක දිවෙන්නේ බොලිවුඩ් වලට අලුතෙන් අඩිය තියන දිල්ලියේ ඉඳන් ආපු කොල්ලෙක් මූලික කරගෙන. එතනින් පස්සේ බලයට කෑදර චිත්‍රපට නිෂ්පාදකවරුන් ගැන, බොලිවුඩ් සිනමා කර්මාන්තය ඇතුළේ සිද්ධ වෙන පොඩි පොඩි දේවල් hints විදිහට වගේම බොලිවුඩ් තරු සහ ඔවුන්ගේ දරුවන් ගැන හොඳ අදහසක් දෙනවා.
කතාව ගැන තව මොනවත් කියන්නෙ නෑ spoil වෙන හින්දා. 😉
දැන් කියන්නම් The Ba***ds of Bollywood බලපු කෙනෙක් විදිහට මගේ අදහස. පළවෙනි එපිසෝඩ් හතර පුදුමාකාර ආතල්. පොඩි කම්මැලිකමක්වත් නැතුව බලන්න පුලුවන්. පස්වෙනි එපිසෝඩ් එකෙන් පස්සෙ ආතල් එක නවත්තලා කතාව වෙනම පැත්තකට අරන් ගියත් ඊටපස්සෙ ඉතුරුවෙන එපිසෝඩ් දෙක ටිකක් මදි වගේ මට හිතුනා. හරියට ඉවර කරගන්න විදියක් හිතාගන්න බැරුව ලියපු එකක් වගේ. (Just a Joke)
පෞද්ගලිකව මුල් එපිසෝඩ් වලදී බලාපොරොත්තු වුන විදිහට මම මේකේ අවසානයට කැමති නෑ. 🙂
විශේෂයෙන්ම මේකට මෙච්චර විශේෂ cast එකකුත් අරගත්ත එකේ අවසානය තව රසවත් කරන්න තිබුනා කියලා මට හිතුනා. ඒ වගේම කතාව ඉවර වෙන්නෙත් නොවිසඳුණු ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරලා. ඒ නිසා තව සීසන් එකක් ඒවි කියලා බලාපොරොත්තුවක් තියාගන්නත් පුලුවන්. 😌
කොහොමහරි නිකං ඉන්න වෙලාවට බැලුවා කියලා පාඩුවක් නැති සීරීස් එකක් කියලා කියන්න කැමතියි. මම බොලිවුඩ් නිර්මාණ බැලුවට බොලිවුඩ් ගැන එච්චර ලොකු දැනුමක් නැති හින්දා ලිපියේ කළින් කියපු දේවල්වල කොහේ හෝ වැරැද්දක් තිබුනොත් සමාව ඉල්ලා සිටිනවා.
එහෙනම් සිංහල උපසිරැසි එක්කම The Ba***ds of Bollywood බලන්න කියලා ආරාධනා කරනවා.











