The Day of the Jackal (2024) TV S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඉතීන් සිනෙසබ් රසික ජනතාවනි,කොහොමද සැප සනීප,සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් සුපිරිම Crime, Drama, Action ගණයට වැටෙන රූපවාහිනී කතා මාළාවකට,
මේ කතාව Frederick Forsyth’s විසින් 1971 රචිත, “ The Day of the Jackal ” නවකතාව ඇසුරෙන් Paul Wilmshurst, Anu Menon, Brian Kirk විසින් අධ්‍යක්ෂනය කරපු, Sam Hoyle, Ronan Bennett, Gareth Neame විසින් නිෂ්පාදනය කරපු, Ronan Bennett, Shyam Popat, Jessica Sinyard විසින් රචිත Peacock සමාගමෙන් රසික ජනතාව වෙත 2024 නොවැම්බර් 14, අරගෙන ආපු පට්ටම කතාවක්,
මේ සදහා රංගනයෙන් දායක වෙනවා Eddie Redmayne,Lashana Lynch,Úrsula Corberó.Chukwudi Iwuji,Khalid Abdalla,Lia Williams,Eleanor Matsuura,Sule Rimi,Ben Hall,Jonjo O’Neill,Charles Dance,Nick Blood වගේ ප්‍රසිද්ධ නලු නිලියො සෙට් එකක්ම ඒ වගේම මේ කතාව සම්මන ගනනාවකට නිර්දේෂ උන නියමම කතාවක්,
“ ම්ම්ම් කොහොමද, කොතනින්ද පටන් ගන්නෙ “ The Day of the Jackal ” මේ කතාවෙ කතා නායකයා තමා “Eddie Redmayne” අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මෙයා ගැන, අති දක්ෂ, සම්මාන පිට සම්මාන ගත්ත නලුවෙක් මෙයා ගැන තාම අමතකයි නම් “Fantastic Beasts” චිත්‍රපටයේ ප්‍රධන නලුවා බ්‍රීෆ් කේස් එකක සත්තු වත්තක්ම අරන් යන අති දක්ෂ මායාකාරයා, ආ දැන් මතක් උනා නේද, අන්න මැන් තමා මිනිහා, The Day of the Jackal රූපවාහිනී කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන “Eddie Redmayne” මේ කතාවටත් උපරිම සාදාරනයක් කරලා තියනවා කියලා පටන්ගැන්මෙදිම කියන්න පුලුවන්. මේකෙ නමෙන්ම කියන්න පුලුවන්නෙ මොන වගේ කතාවක් ද කියලා, Jackal, Jackal කියන්නෙ හිවලටනෙ, එතකොට “Eddie Redmayne” නොහොත් හිවලා, අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීනයෙක්,ඉහල පුහුනුවක් ඇති ඝාතකයෙක්, මිනිහගෙ ජොබ් එක තමා කුලියට මිනීමරන එක, ඉතින් මුලින්ම, කතාවෙ මුලින්ම මිනිහා ස්නයිපර් ශොට් එකක් තියනවා ඒක නම් පිස්සුවක්, අන්න එතනදි සහ එතන ඉදන් Jackal නොහොත් හිවලා කියන නම මේ කතාවට නියමෙට ගැලපෙනවනෙ කියල තේරුම් ගන්න මහ වෙලාවක් යන් නෑ, එතනින් මිනිහා ලස්සනට බේරිලා යන හැටි සාක්ෂි විනාස කරන හැටි හරි ලස්සනට ගලාගෙන යනවා,, ඔන්න එතකොටම එනවා කතාවට Lashana Lynch මෙයාව දන්නවනෙ, දන්නෙ නැත්තන් The Woman King, Captain Marvel බලන්න, අන්න මැණිකෙ ඉන්නවා ඒවගෙ, ලින්ච් එහෙම් නැත්නම් කාතවෙ හැටියට බියන්කා, කියන්නෙ MI6 මූලස්ථානයේ, අවි විශේෂඥයෙක්,එතකොට අපේ හිවලා තිබ්බ ස්නයිපර් පාර හැතැම්ම දෙකකට වැඩියි, ආන්න එතකොටයි බියන්කා සෙට් වෙන්නෙ අපේ හිවලා පස්සෙ පන්නන්න.., ඊට පස්සෙ……, ඊට පස්සෙ ටික කිව්වොත් කතාව චකබ්ලාස්ට් වෙනවා…., ඉතින් ආදරණීය රසික ජනතාවනි තවත් උපසිරසිකින් හම්බෙමු… එතකන් පරිස්සමට ඉන්න ඕනා., මම කසුන් කාවින්ද අදිකාරම්.,













