2025 වසරේ July 06 වෙනිදා විකාශය ආරම්භ කරපු මෙම කතා මාලාව මිනිත්තු 24 බැගින් වූ කොටස් 13ක් නිකුත් වීමට නියමිතයි. Romance,Comedy,Drama,School යන Genre වලට අයත්, Saka Mikami මහතාගේ Manga එක ඇසුරෙන් නිර්මාණය වුනු මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.8/10 ක අගයක් වගේම MyAnimelist හි 8.73 ක වගේ ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ Darling In the Franxx, Horimiya,Spy x Family,My Dress-Up Darling,Wind Breaker වැනි ඇනිමෙ නිර්මාණය කරපු CloverWorks Studio එක විසිනුයි. මෙහි Opening Theme එක වන “Manazashi wa Hikari” ගීතය Tatsuya Kitani විසින් ගායනා කරන අතර Ending Theme එක වන “Hare no Hi ni” ගීතය Reira Ushio විසින් ගායන කරනවා.

 

දැන් අපි යමු කතාව පැත්තට… මේ කතාවෙ Main Character දෙක වෙන්නේ Tsumugi Rintaro සහ Kaoruko Waguri කියන දෙන්නා. රින්ටරෝ කියන්නෙ ටිකක් බය හිතෙන පෙනුමක් තියෙන කෙනෙක් ඉතින් ගොඩක් අය රින්ටරෝව මඟහරිනවා. ඒත් ඉතින් ඒක එයාට ගානක් නෑ මොකද රින්ටරෝට ඉන්නවා එයාටම කියල හොඳම යාළුවො තුන්දෙනෙක්. ඉතින් අපේ කඕරුකෝ ගැන කිව්වොත් එයා ගොඩක් ලස්සන හුරතල් ගෑණු ළමයෙක්. ඒ වගේම හොඳට ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මෙයා යන ඉස්කෝලෙ හැමෝම මෙයාට කැමතියි.

ඉතින් මේ දෙන්නා ඉන්නෙ ඉස්කෝල දෙකක. රින්ටරෝ යන්නෙ Chidori Public High School එකට ඒ වගේම කඕරුකෝ යන්නේ Kikyo Private Academy එකට. ඉතින් මේ ඉස්කෝල දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ඉස්කෝල දෙකක්, Chidori වලට යන්නෙ සාමන්‍ය පවුල්වල ළමයි ඒ වගේම Kikyo වලට යන්නේ උසස්, ධනවත් පවුල්වල ළමයි. ඉතින් මේ Kikyo ඉස්කෝලෙ ඉන්න කෙල්ලො Chidori ඉස්කෝලෙ ඉන්න කොල්ලො දිහා බලන්නෙ ගොඩක් පහත් විදියට. කෙටියෙන්ම කිව්වොත් මේ ඉස්කෝල දෙක එකිනෙකාට වෛර කර ගන්නවා.

රින්ටරෝගෙ පවුලෙ අයට කේක් කඩයක් තියෙනවා ඉතින් රින්ටරෝ සමහර දවස්වලට කඩේ වැඩ කරනවා. දවසක් රින්ටරෝ කේක් කඩේ වැඩ කර කර ඉන්න කොට එයා දකිනවා එක Costumer කෙනෙක් (කඕරුකෝ) කේක් කකා ඉන්නවා. ඉතින් රින්ටරෝ එයා දිහා බලාගෙන ඉන්නවා දැක්කම එයා එක පාරටම නැගිටලා එතනින් දුවලා යනවා. ඊට පස්සෙ දවසෙ ආපහු එයා ඇවිල්ලා ඊයෙ මොකුත් කියන් නැතුව දුවලා ගිය එකට රින්ටරෝගෙන් සමාව ගන්නව. ඊට පස්සෙ තමයි මෙයාල දෙන්නගෙ ආදර කතාව පටන් ගන්නේ. ඉතින් මේ ලස්සන Anime එක බලන්න කියලා මන් ඔයාල හැමෝටම ආරධානා කරනවා.

Comments

August 24, 2025

Anik episodes tikath ikmanata dennnako 😭😭😭

    September 9, 2025

    මේක ongoing anime එකක් ඉතුරු ඒව තාම release වෙලා නෑ.
    සතියකට සැරක් එකෙක් එන්නෙ.

August 25, 2025

“The king eternal monarch” dennako please🙏🥹

August 25, 2025

Please complete this series quickly, please, please!

August 29, 2025

Ep 8 penna nane

    September 16, 2025

    ඉතිරි ටික ඕනෙ ඉක්මනට

September 1, 2025

Anik epi ekth dentko

    September 16, 2025

    ඉතිරි ටික ඕනෙ ඉක්මනට

September 4, 2025

අනික් episode ටිකත් ඉක්මනට ඔනේ ❤️‍🔥

September 6, 2025

Anik tikath ikmata onee maara lassana kathaawak ❤️‍🔥

September 7, 2025

apith episote tikath dannakoo ikmanata

September 8, 2025

මාර ලස්සන කතාවක් මේ කෙ අනික් ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා

September 11, 2025

Wow

September 14, 2025

Me series complete කරන්න please