Cast
Go Full Cast Page
මේ වතාවේ මං අරගෙන ආවේ සත්‍ය කතාවක් පදනම් කරගත්ත දාම ඝාතකයෙක් සම්බන්ධව නිර්මාණය කෙරුණු ඉතාලි ටෙලිවෘතාන්තයක්. ඒ තමයි Stefano Sollima විසින් අධ්‍යක්ෂණය කළ Monster of Florence නම් ඉතාලි ටෙලිනාට්‍යය. මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවුණේ මෙහි සත්‍ය සිදුවීමට පසුබිම් වුණු ෆ්ලොරන්ස් සහ ඒ ආසන්න ප්‍රදේශ වලයි. මෙහි මෙහි සිනමාරූපණ අධ්‍යක්ෂක Paolo Carnera උත්සාහ කළේ මේ මිනීමැරුම් සිදුවුණු කාල වකවානුවට ගැළපෙන පරිදි පසුතල සහ සිදුවීම් ගොඩනඟමින් වාර්තා වැඩසටහනක් මෙන් හැකිතාක් නිවැරදිව මේ ටෙලිනාට්‍යය නිර්මාණය කිරීමටයි. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් මේ වනතෙක් අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වුණු, 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව විවිධ දෘෂ්ඨි කෝණ ඔස්සේ විස්තර කෙරෙනවා. පසුගිය ඔක්තෝබර් 22 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය කෙරුණු මේ ටෙලිනාට්‍යය IMDb දර්ශකයේ 6.4/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. ඒ වගේම Rottentomatoes වෙබ් අඩවියේ 62%ක Tomatometer අගයක් ලබාගන්නට සමත් වුණා.









