Wednesday (2022) TV Series | S01 & S02 Complete
Year:2022
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 02 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
හරි අපි හැමදේකට කලින් කලින් කතා සමය මතක් කරන් ඉමු නේද?
කලින් කතා සමයෙදි අපි දැක්කෙ නෙවර්මෝර් එහෙමත් නැත්තම් විශේෂිතයො ඉගෙන ගන්න සුවිශේෂී පාසලට මේ වෙන්ස්ඩේ ඇඩම්ස් යන එක ඊටපස්සෙ ඔන්න ඔය පාසල අවට එක පාරටම මිනී මැරුම් කිහිපයක් වෙන්න ගන්නව කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විදියට.ඉතින් මේ වෙන්ස්ඩේ ඔය අතරෙ ටයිලර් කියල කොලු ගැටයෙක් එක්ක ටිකක් ෆිට් වෙනව, ඔන්න ඔය අතරෙ වෙන්ස්ඩේ දැනගන්නව හයිඩ් කියල සතෙක් තමා මේ මිනී මැරුම් කරන්නෙ.ඔන්න ඕකට සැකපිට සේවියර් කියල චිත්‍ර අදින කොල්ලෙක්ව අත් අඩංගුවට පත් වෙනව.ඔය කොහොමින් කොහොම හරි වෙන්ස්ඩේගෙ හැකියාව ඒකියන්නෙ කෙනෙක්ව ස්පර්ශ කරාම උනේ මොකක්ද කියල දැනගන්න එක හින්ද මේ හයිඩ් කවුද කියල දැනගන්න මේ වෙන්ස්ඩේට පුලුවන් වෙනව. ඒ කොහොම උනත් අපේ මේ වෙන්ස්ඩේගෙ පළමු හාදුව ටයිලර්ට දෙද්දි තමා මේ දේ දනෙගන්නෙ. කොහොම හරි වේ ටයිලර්ව අල්ලගන්න පුලුවන් වෙන්නෙ අපේ ඊනිඩ් අන්තිමේ කොහොම හරි වෘකයෙක් වෙන එකෙන්. අන්තිමේදි අපි දැක්ක විශේෂම දේ තමයි මේ වෙන්ස්ඩේට “මං ඔයා දිහා බලන් ඉන්නව” කියල එන මැසේජ් එක.
ඒ විදියට තමයි, පළමු කතා සමය අවසන් උනේ. හරි එහෙනම් අපි බලමු දෙවෙනි කතා සමය ගැන.
එහෙනම් දෙවෙනි කතා සමයෙ පොඩි කිව්වට ටිඅකක් ලොකු වෙනස්කමකුත් දැකගන්න හම්බෙනව. ඒ තමයි අපේ සේවියර්ට වෙලා තියෙන අකරතැබ්බය. අපිට දෙවෙනි කතා සමයෙදි මේ කැරැක්ටර් එකව දකින්න හම්බෙන්නෙ නෑ. ඒකට මේකෙ අධ්‍යක්ෂක කියල තියෙන්නෙ
කලින් වෙච්ච සිදුවීම් එක්ක සේවියර් වෙනත් පාසලකට මාරු කරල ඉන්නෙ.
ඒත් ඇත්තටම සිද්දිය වෙන එකක්. මේ චරිතයට පණ පොවන Percy Hynes White ලිංගික අපරාධ චෝදනාවකට හසු වෙලා එයාගෙ චරිතය මේ කතාවෙන් ඉවත් කරල තියෙනව.
හරි එහෙනම් මේ කතා සමය ගොඩක් විනෝද ජනකයි, කොටින්ම කිව්වොත් නෙට්ෆ්ලික්ස්ලගෙ ඉන්ට්‍රො එකත් පට්ට. කතාව ගොඩක්ම අර වෙන්ඩේට එන මැසේජ් එක වටා කැරකෙන්න අරන් අපි හිතන්නෙ නැති විදියට කතාව ගලාගෙන යනව වගේම අපේ කුතුහලය භීතිය දුක සතුට ආදරය වගේ දේවල් ගොඩක් මේ කතා සමයෙන් අපිට බලාගන්න පුලුවන්.













