CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1366 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 03, 2024China119 Min.
Your rating: 0
9.6 11 votes
A Place Called Silence (2024) | සිංහල උපසිරැසි සමඟ

 

චෙන් යූටොන්ග් කියන්නේ උපතින්ම කතා කරන්න බැරි ගැහැණු ළමයෙක්. එයා ජිංහ්වා උසස් බාලිකා පාසලේ ඉගැනුම ලබන්නේ. මුලින් විශේෂ අවශ්‍යතා ඇති අයගේ පන්තියේ හිටියත්, පස්සේ එයා සාමාන්‍ය ළමයි අතරට එවන්නේ, ඇයගේ ඉගැනීමේ දක්ෂතා නිසා. හැබැයි, මේ පන්ති මාරු කිරීම, ලොකු කරදර ගොඩකට ආරම්භය කියලා කිසිම කෙනෙක් විශ්වාස නොකරන්න ඇති.

විදුහල්පතිතුමාගේ දියණියත් ඉගැනුම ලබන්නේ මේ පාසලේමයි. හැබැයි, එයා එක විදියක චණ්ඩියෙක්. අසරණ දුබල ගැහැණු ළමයි තෝරගෙන, එයාලාට හිරිහැර කරන එක මෙයා ඇතුළු කණ්ඩායමේ විනෝදාංශයක්. මේ හිරිහැර වලට නිතර අහුවෙන කෙනෙක් තමයි ටොන්ග්. ඒත් එක දවසක්, මේ හැමදේම ඉවසාගෙන දරාගෙන ඉන්න පුළුවන් සීමාව පනිනවා. නතර වෙන්නේ මිනිමැරුම් ගණනාවකින්. මේ ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය දිගටම බලන්නම වෙනවා.

Sam Quah විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. රඟපෑමෙන් දායක වෙනවා, Eric Wang (ලින් සයිෆු), Ning Chang (ලී හන්), Francis Ng (ඩායි සහෝදරයා), Wang Sheng Di (චෙන් යූටොන්ග්) ඇතුළු පිරිසක්. චීන භාෂාවෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 193ක් පමණ මේ වෙනකොටත් උපයගෙන තියෙනවාලු.

මට හිතාගන්න බැරි එක කාරණයක් තියෙනවා. මේ චිත්‍රපටිය A Place Called Silence (2022) චිත්‍රපටියේ රීමේක් එකක්. ඒ කතාවම වෙන නළු නිළියන් යොදාගෙන කරපු එකක්. චිත්‍රපටියක් නිකුත් වෙලා අවුරුදු දෙකකට පස්සේ, ඒ චිත්‍රපටියේ රීමේක් එකක් කරන එක ටිකක් අසාමාන්‍යයි නේද? අනික, මේ චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂණය කරන්නේ එකම අධ්‍යක්ෂකවරයා. ඇයි මෙහෙම කලේ කියන එක තේරුම්ගන්න බැරි කාරණයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් (Zoomlk)
IMDb 6.4 /10 935 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Wang Shengdi isXiao-Tong
Xiao-Tong
Cai Ming isMother Xu
Mother Xu
King Shih-Chieh isFang Juezhong
Fang Juezhong
Xu Jiao isHui-Jun
Hui-Jun
Mo Cheng isTeacher Zhang
Teacher Zhang

Similar titles

Your Fault (2024) | Culpa Tuya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blowback (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Court – State Vs. A Nobody (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gumraah (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cherry (2021) Sinhala Subtitles
I Care a Lot (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published