CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3051 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 01, 2013Japan110 Min.
Your rating: 0
9.3 6 votes
Berserk: The Golden Age Arc III – The Advent (2013) | අන්ධකාරයේ පියාපත් දිග හැරෙයි! (18+)

 

Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) සහ දෙවැන්න වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey (2012) චිත්‍රපට දෙකෙන් පසුව එහි මීළඟ අදියර එහෙමත් නැතිනම් තුන්වන හෙවත් අවසාන අදියර දිග හරින්නයි මේ සූදානම් වෙන්නෙ. Berserk (1997) කතා මාලාවේම කතාව රැගත්, නමුත් ඇතැම් සිදුවීම් වෙනස් කරමින් ඒ රසයම තවත් වැඩි කරමින් Remastered Version එකක් විදිහට අරන් එන මේ Movie Trilogy එක ප්‍රචණ්ඩකාරී බවින් වගේම ලිංගිකත්වය අතින් ඉදිරියෙන් ඉන්න බවක් මම ඉහත කී පළමු සහ දෙවන චිත්‍රපට නරඹපු කෙනෙක් නම් ඔබට වැටහෙන්නට ඇති. ඒ අනුව මේ තුන්වෙනි චිත්‍රපටයත් ඒ රසයන්ම සමගින් අරන් එන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය සහිතව බව මම මුලින්ම මතක් කරනවා.

Berserk: The Golden Age Arc III – The Advent (2013) Sinhala Subtitles

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි මුල් චිත්‍රපට දෙක සේම මේ අවසාන චිත්‍රපටයත් නිර්මාණය වෙන්නේ. 2013 වසරේදී නිකුත් වුනු Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටයේ සහ Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටයේ Sequel එක වෙන මෙය සුපුරුදු පරිදි Studio 4°C අතින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ සහ මුල් චිත්‍රපට දෙකේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.8 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.2 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 47 ක් පුරා දිවෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.

මම මුලදී සඳහන් කළා වගේම 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ තුන්වැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. ඒ වගේම කතාව Sexual පැත්තට පෙරට වඩා වැඩි නැඹුරුවක් කරල තිබෙනවා කියල කියන්න පුලුවන්.

අවුරුදු සියයක් තිස්සේ අත්කරගැනීමට නොහැකි වුනු ඩොල්ඩ්‍රි ජයග්‍රහණය ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලිය හිමි කරගනිද්දී, ඔවුන්ට තම මිඩ්ලන්ඩ් රාජ්‍යයේ ඉහළම තැනට යන්නට මඟ පෑදෙනවා. එහෙත් හැමදෙයක්ම අවසානයේ ග්‍රිෆිත්ගේ වගේම උකුස්සාගේ කල්ලියේ කොඳු නාරටිය බඳු වුනු ගට්ස්ගේ උකුසු කල්ලිය හැරයාමේ තීරණය නිසාවෙන් ග්‍රිෆිත් වගේම උකුසු කල්ලියත් නොසිතූ ආගාධයකට ඇද වැටෙනවා. අවසානයේදී ග්‍රිෆිත්ගේ එක්තරා වැරදි ක්‍රියාවක් නිසා ඔහු රාජද්‍රෝහියෙක් බවට හංවඩු ගැසී උකුසු කල්ලියත් රාජ්‍යයේ ද්‍රෝහීන් විදිහට නම් කෙරෙනවා. ග්‍රිෆිත් මිඩ්ලන්ඩ් දේශයේ සිරකරුවෙකු වෙද්දී අනිත් පැත්තෙන් ගට්ස් තමන්ගේම හීනය සොයා නික්මෙන තැනින් Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටය අවසාන වෙනවා. සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ යම් කිසි පෙර නියම කිරීමකට අනුවයි. සෑම දෙයක්ම ගලා යන්නේ හේතුඵල වාදයට අනුවයි. ඔවුනොවුන්ගේ දෛවය ඔවුනොවුන්ගේම ලේ වැගිරීමකට තුඩු දේවි නම්? මේ හැම දෙයක්ම සත්‍යයක් යැයි කියන්නට පුලුවනිද? තම පරම සිහිනය සොයන ග්‍රිෆිත් සහ ගට්ස්ගේ හමුවීම ලියවී තිබෙන්නේ කෙසේද?

ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව, ජීවිතය සහ මරණය කියන කාරණා අධිස්වාභාවිකත්වයත් සමඟින් මුසු කර අරන් ආපු මේ Berserk Movie Trilogy එක Berserk (1997) කතා මාලාවට වඩා දරුණු අවසානයක් ලබා දෙන බවයි මගේ හැඟීම වෙන්නේ. එහෙනම් නරඹල හොයාගන්න ඒ හැඟීම මොන වගේද කියලා. ඒ වගේම චිත්‍රපටය කතා මාලාවම නොවන බවත් ඔබ දන්නවා. මේ චිත්‍රපට මාලාව ආරම්භයේදීත් මම සඳහන් කළා වගේම මෙහිත් වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ අවසාන චිත්‍රපටය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් comment කරන්න අමතක කරන්න එපා. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ අවසානය එක්ක Berserk (2016) කතා මාලාව තුළින් මීළඟට මුණ ගැසෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලංකන් Weebs (Baiscopelk)
IMDb 7.8 /10 12,004 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Hiroaki Iwanaga isGuts (voice)
Guts (voice)
Toa Yukinari isCasca (voice)
Casca (voice)
Takahiro Sakurai isGriffith (voice)
Griffith (voice)
Takahiro Fujiwara isPippin (voice)
Pippin (voice)
Minako Kotobuki isRickert (voice)
Rickert (voice)
Rikiya Koyama isAdon Coborlwitz (voice)
Adon Coborlwitz (voice)
Yoshiaki Matsumoto isCorkus (voice)
Corkus (voice)
Kenta Miyake isNosferatu Zodd (voice)
Nosferatu Zodd (voice)
Kazuki Yao isGaston (voice)
Gaston (voice)
Yuki Kaji isJudeau (voice)
Judeau (voice)

Similar titles

Commando (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CIA: Comrade in America (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch: Part 2 The Other One (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seetimaarr (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Big Brother (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Descendants (2015) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica A Quest for Heroes (2014) | Sinhala Subtitles
Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Thisal Adithya September 2, 2024 Reply

    balapu supirima aime ekak thama.. Puluwan mn mekema Black Swordsmen Arc kiyana eke sub ekath dannko…..
    PleaaPlease …

Leave a Reply to Thisal Adithya Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published