CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6522 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 21, 2022United States123 Min.
Your rating: 0
6.1 10 votes
Don’t Worry Darling (2022) | ‘ආදරය වෙනුවෙන්, නව ලෝකයක් කරා’ [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි නාට්‍යමය චිත්‍රපටයක්. නිකම්ම නාට්‍යමය චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ නාට්‍යමය චිත්‍රපට අනුකණ්ඩ දෙකක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Black Swan, American Psycho, Black Mirror: Bandersnatch, Fight Club, Get Out වගේ මේකත් “Psychological thriller” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් මනෝවිද්‍යාත්මක පැතිකඩ අලලා නිර්මාණය වුන ත්‍රාසජනක චිත්‍රපටයක් නමුත් අර කලින් කිව්වා වගේ මේක තනිකරම ඒ අනු කාණ්ඩය විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ මේක සම්පුර්ණයෙන්ම වගෙ “Drama” චිත්‍රපටයක් විදිහටත් හදුන්වන්න පුලුවන්.

මුලින්ම කියන්න ඕන ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ 20′ කාලයෙදී නිකුත් වුන හොදම නිර්මාණ හා සමාන ඒවා නම් මේක ඒ තරම් සුදුසු නැති වෙන්න පුලුවන්. ඒත් පැය 02 කුත් මිනිත්තු 3ක් පුරාවටම කුතුහලය හා ත්‍රාසය පිරුණු සුපිරි නාට්‍යමය චිත්‍රපටයක් නම් ඔයාලා ඉන්නෙ හරිම තැන වෙන්න පුලුවන්. මෙහි අධ්‍යක්ෂණය Olivia Wilde යටතේ. ඇය තමයි මින් පෙර Booksmart චිත්‍රපටය නිර්මාණය වුනෙ. චිත්‍රපටයේ දකින මුහුණු වෙන්නේ Florence Pugh, Harry Styles, Gemma Chan, Chris Pine වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා Olivia Wilde එහෙමත් සම්බන්ධ වෙලා තියෙනවා.

ඒවගේම කියන්න ඕන වෝනර් බ්‍රදර්ස් ආයතනය ඩිස්කවරි ආයතනය මිලදී ගත්තට පස්සේ සිද්දවුන අයහපත් දේක ප්‍රතිඵලයක් විදිහට මේ වසරේ අගෝස්තු මාසය වෙද්දී දැනගන්න ලැබෙනවා වෝනර් බ්‍රදර්ස් ආයතනයට මේ වසර වෙනුවෙන් තවත් චිත්‍රපට තුනක් වෙනුවෙන් පමණක් චිත්‍රපට නිකුත් කිරීමට මෙන්ම ප්‍රචාරණ කටයුතු කිරීමට ප්‍රමාණවත් මුදල් තියෙන්නෙ කියලා. ඒ තමයි ‘Don’t Worry Darling‘, ‘Black Adam‘, ‘House Party‘ චිත්‍රපට ත්‍රිත්වය. අද අරගෙන ආව චිත්‍රපටය කියන්නෙ ස්ටුඩියෝවේ ප්‍රධානින් ලොකු බලාපොරොත්තුවකින් හිටිය එකක්. ලොකුවට ආදායම් වාර්තා වලට හිමිකම් කියන්න බැරි වුනත් මේ චිත්‍රපටයේ පිරිවැය මෙන් දෙගුණයක්, ඒ කිව්වේ ඇ.ඩො.මි. 83.4ක මුදලක් පමණක් ඉපයීමට මේ චිත්‍රපටය මේ වෙද්දී සමත් වෙලා තියෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි, ජැක් හා ඇලිස් කියන්නෙ කැලිෆෝනියාවේ වික්ටර් නම් කම්පැනි ටවුන් එකේ ජීවත් වෙන ජෝඩුවක්. කතාවට අයිති කාල සීමාව ගැන හරියටම සදහන් වෙන්නෙ නැහැ. නමුත් මේක 1950-60 කාලයට සමාන තේමාවක් තමයි අදින පළදින විදිහ, විශේෂයෙන්ම වාහන වලින් දැකගන්න ලැබෙන්නෙ. මේ දෙන්නට අමතරව මේ අසල්වැසි කොටසේ තවත් හුග දෙනෙක් ඉන්නවා. මේ හැමෝම සැමියන් හා බිරින්දෑවරු. පිරිමි අය හැමදේම උදේට වික්ටරි ප්‍රොජෙක්ට් කියන රහසිගත මෙහෙයුමක වැඩ කරන්න යද්දී, ගැහැණු අයට පැවරෙන්නෙ ගෙදර වෙලාවට කෑම බීම හදන්න, ගෙදර පිරිසිදුවට තියාගන්න වගේම තමන්ගෙ සැමියන්ව හොදින් බලාගන්න එක. හැබැයි මේ අයට අඩුම තරමේ තමන්ගෙ සැමියන් කරන රස්සාව මොකක්ද කියලවත් දැනගන්න අවසර නැහැ. ඒ කිව්වේ මේ අය කොයි තරම් එකට ආදරෙන් කාලේ ගත කලත් එයාලවත් සීමා වෙලා තියෙන්නෙ.

ඉතිං ඔය සීමාව වරක් ‘මාග්‍රට්’ කියලා ගෑණු කෙනෙක් බිදිනවා. නිකන් නෙවෙයි එයාගෙ පුතා එක්ක. මේ නිසාම මාග්‍රට්ගෙ ලමයව අතුරුදහන් කරලා, එයා මේ ජන සමුහයට තර්ජනයක් වේවි කියලා හිතාගෙන එයා ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න පටන් ගන්නවා. මේ සීමා බිදිල්ල එතනින් නවතින්නෙ නැහැ. ඇලිස් කරන්නෙත් ඒ දේමයි. එයාටත් මාග්‍රට්ට වගෙ අමුතු හීන, අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. මේ ජන සමූහයටත් ඉන්නවා දොස්තර කෙනෙක්. එයත් පිරිමි කෙනෙක් නිසා ඇත්තම නොකියා කරන්නෙ බොරු රෝග විනිෂ්‍යයක් කරන එක. ඒත් ටිකෙන් ටික රහස් හෙළි වෙද්දී නිතරම වෙන්නෙ නොවිසඳූනු ප්‍රශ්න තව තවත් එකතු වෙන එක.

මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් කෝකටත් කියලා පුර්ව ප්‍රචාරක පටය බලලම කැමති එකක් ද කියලා තීරණය කරන්නකො. හැබැයි චිත්‍රපටයෙ කතාව ඉවර වෙන්නෙ නොවිසදුනු ප්‍රශ්න ගොඩක් එක්කමයි. දෙවැන්නක් ආවොත් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙයි. නාවොත් නම් කරන්න දෙයක් නෑ.

Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමර සම්පත් (Baiscopelk)
IMDb 6.2 /10 43,314 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Olivia Wilde
Director

Cast

Similar titles

Sabotage (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangubai Kathiawadi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Random Acts of Violence (2019) Sinhala Subtitles
Insidious: The Last Key (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Famous Five and the Valley of Dinosaurs (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Santhoshathinte Onnam Rahasyam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Boy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nimesh November 2, 2022 Reply

    Black Adam movei Eka danne kawadda

Leave a Reply to Nimesh Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published