CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3411 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 30, 2023India132 Min.
Your rating: 0
8.5 6 votes
Gurudev Hoysala (2023) | “යක්ෂයෙක් වැනි ආරක්ෂකයෙක්”

IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් සහ ගූගල් පරිශීලක මනාප 97%ක් ලබා ගන්න සමත් වෙලා තියනවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vijay Naagendra විසින්..ඒ වගේම නිෂ්පාදන සමාගම වෙන්නේ KRG Studios කියන සමාගම..ඊට අමතරව මේ ෆිල්ම් එකේ මියුසික් ඩිරෙක්ටර් විදියට කටයුතු කරලා තියෙන්නේ ගිය වසරේ නිකුත් වුණ ජනප්‍රිය කන්නඩ චිත්‍රපටයක් වන Kantara (2022) චිත්‍රපටය සංගීතයෙන් හැඩ කරපු B.Ajaneesh Loknath විසින්..ඉතින් Kantara එකේ වගේම මේ ෆිල්ම් එකෙත් BGM අතින් ලොකු දෙයක් කරන්න Ajaneesh Loknath ට හැකි වෙලා තියනවා කිව්වොත් නිවැරදියි..ඒක ෆිල්ම් එක බලද්දි ඔයාලටත් තේරුම් යයි..ඊට අමතරව මේ ෆිල්ම් එකේ නමේ ඉදන්ම ඔයාලට දකින්න ලැබෙන වචනයක් තමයි HOYSALA (හොයිසලා) කියන්නේ..ඒක ෆිල්ම් එකෙත් තැන් කීපෙකම කියනවා..ඉතින් කෙටියෙන් මේ හොයිසලා කියන වචනේ ගැන කිව්වොත් හොයිසලා කියන්නේ කන්නඩ රාජවංශයක්..ඉතින් ඒකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අමතර කරුණක් විදියට ඔලුවේ තියාගන්න..

චිත්‍රපටියේ Cast එක ගැන බැලුවොත්, මේකේ ප්‍රධාන චරිතය වෙන ගුරුදේව්ගේ චරිතයට පණ පොවන්නේ කන්නඩ සිනමාව තුළ DAALI කියන අනුවර්ත නාමයෙන් හදුන්වන Dhananjay විසින්..මේක Dhananjay ගේ 25 වෙනි චිත්‍රපටය විදියට තමයි එළිදැක්වුණේ..මෑතක් වෙනකන්ම Dhananjay ට බොහෝ දුරට ලැබුණේ දුෂ්ඨයගේ චරිතය.. ඒත් දැන් Dhananjay ප්‍රධාන නලුවා විදියට නිකුත් වුණ චිත්‍රපට සියල්ලගෙන්ම පාහේ තමන් කන්නඩ සිනමාව තුළ ඉදිරියේදි දැවැන්තයෙක් වන බවට ඉඟි පල කරලා තියනවා කිව්වොත් නිවැරදියි..මොකද මේ ෆිල්ම් එකෙත් ප්‍රේක්ෂකයන්ට සුපුරුදු පරදිම Dhananjay ගෙන් සුපිරි රංගනයක් දැක බලා ගන්න ලැබිලා තියනවා.. Dhananjay ට අමතරව මේ චිත්‍රපයේ,

Amrutha Iyengar ගුරුදේව්ගේ බිරිද ගංගා ලෙසත්,
Naveen Shankar බලී ලෙසත්,
Prathap Narayan නානා ලෙසත්,
Mayuri Nataraj භූමි ලෙසත්,
Anirudh Bhat රවී ලෙසත්,
B. S. Avinash ධාදා ලෙසත්,
Achyuth Kumar ASI සම්පත් ලෙසත්,

රංගන දායකත්වය ලබා දීලා තියනවා..

එහෙනම් අපි යමු චිත්‍රපටයට පාදක වෙලා තියන කතාව පැත්තට..ඉතින් මම කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන ගුරුදේව් කියන්නේ අවංක වගේම සෑහෙන්න තද පොලිස් නිළධාරියෙක්..ඉතින් මේ ගුරුදේව්ට කමිෂනර් කැදවීමක් කරලා විශේෂ කේස් එකක් භාරදෙනවා..ඒ තමයි අතුරුදහන් වුණු SI භාර්ගව්ගේ කේස් එක..ඉතින් මේ කේස් එක භාරගත්ත ගුරුදේව් භාරගව් රාජකාරි කරපු Athini වල තියන පොලිස් ස්ටේෂන් එකට මාරුවීමක් අරගෙන අලුත් ඉන්ස්පෙක්ටර් විදියට වැඩ භාරගන්න යනවා..ඉතින් මෙහෙම භාර්ගව්ගේ අතුරුදහන් නඩුවේ වැඩ කටයුතු කරගෙන ඉද්දි සල්ලි වලට ඕන ජරා වැඩක් කරන්න පුලුවන් විදියේ හිතක් තියන Athini පොලිස් ස්ටේෂන් එකේ SHO එහෙමත් නැත්තන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිළධාරියා වුණු සම්පත් රාත්‍රි මුර සංචාරයකදි නිකරුනේ සැක කරලා රවී සහ භූමි කියලා විවාහ වෙන්න හිතන් ගමෙන් පැනලා යන ජෝඩුවක් පොලිස් ස්ටේෂන් එකට අරගෙන එනවා..ඉතින් පහුවදා උදේ ස්ටේෂන් එකට ගුරුදේව් මේ දෙන්නගෙන් විස්තරේ අහගන්නවා..එතකොට දෙන්නම කියන්නේ දෙන්නම අනාථයෝ දෙන්නගේ කැමැත්තෙන් සාමූහික විවාහ උත්සවයක් තියන තැනකට ගිහිල්ලා විවාහ වෙන්න යනවා කියලා..ඒත් සම්පත්ගේ වැඩේ නිසා දෙන්නට ඒක මග ඇරෙනවා..ඉතින් මේකට තරහා ගියපු ගුරුදේව් සම්පත්ට කියනවා එයාගේ වියදමින් ඒ දෙන්නව විවාහ කරවන්න කියලා..ඔන්න ඔහොම භූමියි රවීයි පොලිස් ස්ටේෂන් එකේදිම විවාහ වෙනවා..ඒත් ගුරුදේව් හිතන්න නැතුව ඇති මේ විවාහය කවදාවත් ගමක්ම අවුලවලා දායි කියලා..මොකද මේ විදියට ගුරුදේව්ටත් බොරු කියලා රවී විවාහ කරගෙන තියෙන්නේ ගමේ වංශවතෙක් වුණු ධාදගේ දුවව..ඉතින් මේක කුලභේදෙකට හැරෙන්න වැඩි කාලයක් ගියේ නෑ..කොහොමින් කොහොම හරි මේ හරස් ප්‍රශ්නය මැද්දට ගුරුදේව් මැදි වෙන්නේ ගුරුදේව් මේ දෙන්නව විවාහ කරපු නිසා..ඉතින් මේක වංශාධිපතිත්වය ඉහට ගහලා තියන ධාදටයි ධාදගේ පුතා වුණු නානටයි, නානගේම මල්ලි වගේ ඉන්න බලීටයි ගුරුදේව්ව යහතින් නොතියන්න තරම් ලොකු හේතුවක් වෙනවා..ඔන්න ඔහොමයි මේ කතාවට පාර කැපෙන්නේ..ඉතින් මේ ප්‍රශ්නෙට මැදි වුණු ගුරුදේව් කොහොාමද මේක විසදන්නේ කියලා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

කුලවාදේ ගැන කියවුණ නිසා කීයටවත් හිතන්න එපා වෙදා අපි දකින සුපුරුදු කුලවාද පදනම් වුණු චිත්‍රපටිවල වගේ ගම් දෙකක් අතර සටනක් කියලා..මේක කොහෙත්ම ඒ වගේ කතාවක්නම් නෙවෙයි..මොකද මේක ඉස්සර තිබ්බ විවිධත්වයෙන් පැත්තකට ගිහින් කන්නඩ සිනමාව තුළත් KGF වයිබ් එක පස්සේ පන්නන්න හදන සිනමාවක් නිර්මාණය වෙන්න යන වෙලාවක කන්නඩ සිනමාවෙන් කතා නොවුන කතාවක් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න උත්සාහ දරපු ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්..ඒ වගේම බොහෝ දෙනා අකමැති පොලීසිය ගැන සුභවාදී ප්‍රතිරූපයක් ප්‍රේක්ෂක හිත්තුල ඇති කරන්නත් මේ ෆිල්ම් එකෙන් උත්සාහ දරලා තියනවා කියලා ෆිල්ම් එක බලන් යද්දි ඔයාලට තේරෙයි..

Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 7.5 /10 436 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vijay N
Director

Cast

Similar titles

Pokemon Detective Pikachu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
118 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman/Batman: Public Enemies (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan July 5, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published