CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4786 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 26, 2024India181 Min.
Your rating: 0
9.2 57 votes
Kalki 2898-AD (2024) | සිංහල උපසිරැසි සමඟ

 

ඔන්න කාලෙකට පස්සෙ හැමෝම බලන් හිටපු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවේ. ප්‍රභාස්, අමිතාබ් බච්චන්, කමල් හාසන්, දීපිකා පදුකෝන්, දිශා පඨානී, බ්‍රහ්මානන්දන් ආදී ජනප්‍රිය නළු නිළිකැලක් මෙහි රංඟනයෙන් දායක වෙනවා. සයන්ස් ෆික්ශන් චිත්‍රපටයක් වන මෙය නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 1100 සීමාව පසු කරන්නටද මේ දැවැන්ත නිර්මාණය සමත් වෙනවා.

ඔයාලා මේ චිත්‍රපටය බලන්න කලින් නරඹන්න සහ දැනගන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනවා.

1) Bujji & Bhairava පළමු කොටස් දෙක නරඹන්න ඕනේ. මොකද මේ කොටස් දෙකෙන් පස්සෙ ඉදලා තමයි ෆිල්ම් එක ඇරඹෙන්නේ. බුජ්ජි කවුද භෛරවා කවුද, ඒ අය හම්බවුනේ කොහොමද, බවුන්ටි හන්ටර්ස් කියන්නෙ කවුද, යුනිට්ස් කියන්නෙ මොනවද, කොම්ප්ලෙක්ස් එක කියන්නෙ මොකක්ද, ඒකට යන්න පුළුවන් කොහොමද, මොන වගේ පරිසර තත්වයක්ද තියෙන්නේ කියන දේවල් මේ කොටස් දෙකෙන් තමයි හඳුන්වලා දෙන්නේ.

2) මහාභාරතය සහ කුරුක්ෂේත්‍ර යුද්ධය ගැන අවබෝදයක්. කල්කි චිත්‍රපටය මහාභාරතය හා සම්බන්ධව ගොඩක් තැන් ගලන් යනවා. ඒ නිසා ඔයාලට මේකෙ දෙබස් එහෙම ඇඟට වදින්න නම් මේ යුද්ධය ගැන අවබෝධයක් තිබීම වටිනවා.
ඒ වගේම අශ්වත්තාමා, අර්ජුනා, කර්ණා, ක්‍රිෂ්ණා වගේ චරිත ගැන දැනුමත් අවශ්‍ය වෙනවා.

එහෙනම් විනාඩි 4කින් කර්ණා , පාණ්ඩවයින් ගැන කෙටියෙන් අවබෝධයක් ගන්න මේක බලන්න.

 

අශ්වත්තාම ගැන පැහැදිලි කිරීමක්.

 

කර්ණාගේ මරණය

 

 

මේ ටික බැලුව නම් ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් චරිත ගැන. ඉස්සර සර්ණවාහිණියෙ ගිය මහාභාරතේ බලල තියෙනවා නම් ඔයාලට මේක අවබෝධ කරගන්න ගොඩක් ලේසියි.

ෆිල්ම් එක පටන් ගන්නෙම අර්ජුනගේ වැඩිමහල් පුත් අභිමන්‍යුගෙ මරණය ගැන පවසමින් සහ අශ්වත්තාමා, උත්තරාගේ(අභිමන්‍යුගෙ බිරිඳ) ගැබේ සිටින ළමයා විනාශ කරන්නට කරන පහර දීමකින්.

ඊට පස්සෙ ෆිල්ම් එක පටන් ගන්නේ මේ කුරුක්ෂේත්‍ර යුද්ධයට වසර 6000කට පසුව සමයෙන්. (2898 AD) ඉතිං මේ යුගයේ කොම්ප්ලෙක්ස් කියලා එකක් තමයි පාලනය කරන්නේ. මේ කොම්ප්ලෙක්ස් එක ඇතුලට සාමාන්‍ය අයට යන්න බැහැ. යන්න නම් යුනිට්ස් මිලියනයක් ගෙවන්න ඕනේ. සාමාන්‍ය ජනයාට කිසිම සැප සම්පතක් නැහැ. සේරම කොම්ප්ලෙක්ස් එක ඇතුලෙ විතරයි තියෙන්නේ. ගහක් කොලක්වත් නෑ.

මේ කොම්ප්ලෙක්ස් එක පාලනය කරන්නේ සුප්‍රිම් යස්කින් කියන වසර 200ක පමණ වන කෙනෙක්. ඔහු සාරවත් ගැහැණු ළමයි යොදාගෙන Project K කියලා පරීක්ෂණයක් කරනවා. කවුරුත් දන්නෙ නෑ මේ මොකක්ද කියලවත්.

භෛරවා කියන්නේ බවුන්ටි හන්ටර් කෙනෙක්. මොහුගේ ඉලක්කේ කොහොම හරි කොම්ප්ලෙක්ස් එකට යන එක.ඔහු ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න සූදානම් කෙනෙක්. ඔහු සටනට දක්ෂ කෙනෙක්, නමුත් ඔහුට වටේටම ණය කෙනෙක්.

බුජ්ජි කියලා කියන්නේ කලින් කොම්ප්ලෙක්ස් යානයක කන්ට්‍රෝලර් එකක්. නමුත් යම් සිද්ධියක් නිසා දැන් භෛරවා ළඟ ඉන්නේ.ඉතිං මේ බුජ්ජියි භෛවරවයි එකතු වෙලා කොම්ප්ලෙක්ස් එකට පැනගන්න ගහන ගේමක් අතරෙ තමයි ,
නොයෙකුත් දේවල් ඉස්මතු වෙන්න ගන්නේ. ෂම්බාලා කියලා තැනක්. “අම්මා” කියලා කෙනෙක්. උපදිනවා කියලා විශ්වාස කරන දෙවි කෙනෙක්. ආයෙමත් අශ්වත්තාමාගේ මතු වීමක්.

ඉතිං මේ දේවල් ගැන දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ගීත සේරමත් උපසිරැසි ගන්වලා ඇත්තේ.
ආහ්, කල්කි කියලා කියන්නේ විශ්නු දෙවියන්ගෙ 10 වන, ඒ කියන්නෙ අවසාන අවතාරයට.

Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 7.6 /10 43,390 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nag Ashwin
Director

Cast

Amitabh Bachchan isAshwatthama
Ashwatthama
Prabhas isBhairava
Bhairava
Deepika Padukone isSUM-80
SUM-80 "Sumathi"
Kamal Haasan isSupreme Yaskin
Supreme Yaskin
Shobana isMariam
Mariam
Pasupathy isVeeran
Veeran

Similar titles

Nenjuku Needhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jan.E.Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Map That Leads to You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2067 (2020) Sinhala Subtitles | Watch Online
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shivantha August 23, 2024 Reply

    Inside Out 2 (2024) oka one

  • Nuwan October 20, 2024 Reply

    ❤️👌

Leave a Reply to Shivantha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published