CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3025 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2024India
Your rating: 0
9.1 12 votes
Kalvan (2024) | “මර උගුල”

Kalvan (2024) Sinhala Sub

Kalvan (2024) Sinhala Subtitle

Kalvan (2024) Sinhala Subtitles

2024 අප්‍රේල් 4 වෙනිද නිකුත් වුන මේ tamil සලරුව අයත් වෙන්නේ Comedy / Drama / Adventure කියන Genre එකට.. එතකොට මේකේ ධාවන කාලය පැය 2යි මිනිත්තු 22ක්‌ දක්වා දිව යනව.. එතකොට අධ්‍යක්ෂණය කරල තියෙන්නේ P V Shankar කියන අධ්‍යක්ෂකතුමා විසින්.. ප්‍රධාන චරිතය ගැන නම් මං අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ නේ..

G V ප්‍රකාශ් කුමාර් කියන්නේ Multi Talented කොල්ලෙක්.. එයා දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායන ශිල්පියෙක්, ඒවගේම හඬකැවීම් ශිල්පියෙක්, තව දක්ෂ නළුවෙක් කියලත් අපි හැමෝම දන්නවනේ.. මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්ගේ පැත්තෙන් ගත්තම නම් කොල්ලා සුපිරි මැච් එකක් ගහලා තියෙන්නේ.. ඉස්සරහට එන්න තියෙන ශිව කර්තියන්ගේ, ධනුෂ්ගේ, සූර්යාගේ වගේම තෙළිගු, හින්දි ෆිල්ම් ටිකකත් එයා Composer විදිහට වැඩ කරනවා.. ෆිල්ම් වලට එනකොට, මොන කරුමෙකටද මන්ද පොරට සෙට් වෙන්නෙම හරි අමුතු පිටපත්.. අවුලක් නෑ ඒවගේ අමුතු රහක් තියෙනවා.. ඒත් කරුමෙ ඒවා එකක්වත් බ්ලොක් බාස්ටර් හිට් වෙන්නැති එක.. ගොඩක් ඒවා ෆ්ලොප්, සමහර ඒවා Average.. කොහොම හරි මේකත් අදායම් අතින් නම් අති අසාර්ථක උනා.. හැබැයි ෆිලුමේ ගන්ඩ දෙයක් නෑ කියන්නම බෑ.. මුල් පැයට බැන්නත් අග පැයට නම් බනින්න බෑ.. මොකද අවසානේ ලස්සනට තිබ්බ 🔥

ෆිලුමේ මුල් පැය නම් ඔහේ කොමඩි වලින් එහෙම ඇදගෙන ගියත් දෙවනි පැයේ නම් Thrill එකක්‌ එක්ක වැඩේ ගියා.. ඒවගේම ලස්සන පණිවිඩේකුත් දීලා තිබුන ෆිලුමෙන්.. ගොඩක්ම කේස් එක තියෙන්නේ ඉතින් අලි ඇත්තු එක්ක තමයි.. වෙනසකටත් එක්ක එකේ පොඩි ගතියක් තියෙනවා.. මේ ටයිප් ෆිල්ම්ස් බලන අයට සෙට් වෙන භාණ්ඩයක් වෙයි.. බලන්නකෝ එහෙනම්..

Cast

G. V. Prakash Kumar – කෙම්බරාජු නොහොත් කෙම්බා ලෙසින්

Bharathiraja – සීයා ලෙසින්

Ivana – බාලාමනී ලෙසින්

Dheena – සූරී ලෙසින්

G. Gnanasambandam – බාලාමනීගේ පියා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

කෙම්බරාජු එහෙමත් නැත්තම් කෙම්බා කියන්නෙ කාත් කවුරුත් නැතුව අනාථයෙක් වගේ හැදුන කොල්ලෙක්..කෙම්බරාජුගේ හීනේ තමයි වන සංරක්ෂණ නිලධාරියෙක් වෙන එක.. ඒක නිකන් කරන්න බෑ.. වැඩේට ලක්ෂ දෙකක්‌ ඕන වෙනවා.. එතකොට කෙම්බරාජු එක්ක මෙයාගේ යාලුවත් ඉන්නවා, එයත් අනාථයෙක්..කෙටියෙන්ම කියනවා නම් මේ දෙන්නා හොරු.. හොරු කියන්නෙ බැංකු අනම් මනම් කඩන කම්බ හොරු නෙවෙයි.. ඔය ගමේ ගේකට දෙහෙකට පැනල රුපියල් 100ක්‌ 200ක්‌ යකඩ, පිත්තල බඩුවක් එහෙම උස්සන පොඩි හොරු.. මෙයාල හොරු කියලා ගමම දන්නවා ඒ නිසා හැමසැරේම මාට්ටුත් වෙනවා.. ගම්මු දන්න නිසා මේ ගමේ හොරකම් කරන්න බැරි නිසා කෙම්බා එයාගේ යාලුවත් එක්ක වෙන ගමක හොරකමේ යනව.. එහෙදි හොරකම් කරන්න යන ගේකදී කෙල්ලෙක් මෙයාලව පොලිසියට අල්ලලා දෙනවා.. වැඩේ කියන්නෙ කොල්ලට මේ කෙල්ල ගැන හිතක් පහල වෙනවනේ.. කෙල්ල තමයි “බාලාමනී”.. එයා නර්සින් ඉගෙනගන්න ගමන් ඉන්නේ.. බාලා දවසක් කෑම්ප් එකකට වැඩිහිටි නිවාසෙකට යනව.. අපේ කෙම්බරාජුත් මේ කෙල්ල පස්සෙන් එහෙට ගිහින් එහෙ වැඩක් පලක් කරගෙන ඉද්දි, මෙතනදී බාලාමානී එක සීයා කෙනෙක් එක්ක වැඩියෙන් හිතවත් වෙනවා.. කෙම්බරාජුට හිතෙනවා ඒ කාත් කවුරුත් නැති සීයව නීතිය මාර්ගයෙන් එයාගේ භාරකාරිත්වයට අරගෙන බලා කියාගන්න.. ඉතින් මෙයා ඔට්ටු වෙලා ඒකත් කරනවා.. යාළුවා හිතන්නේ මෙයා සීයව බලාකියාගන්න ගත්තේ කෙල්ලව සෙට් කරගන්න ඕන නිසා කියලා.. ඒක යාළුවා ඇහුවම කෙම්බා කියනවා,අලියෙක් ගහලා කෙනෙක් මැරුනොත් ඒ පවුලෙ ඉතුරුවෙලා ඉන්න අනික් නෑදෑයන්ට රජයෙන් රුපියල් ලක්ෂ 4ක වන්දියක් දෙනවා කියලා..

මෙතනින් තමයි මේ ෆිලුම පටන් ගන්නේ 🔥

අනාථයෙක් වෙච්ච කෙම්බා සීයව බලාගන්න ගත්තේ මොකක් හරි ප්ලෑනකටද?

ෆිලුම බලලම දැනගන්නකො එහෙනම් ♥️

Kalvan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.1 /10 730 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guru (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
12 Strong (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Breath (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Last Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published