CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2295 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 0 [With Ads]
My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 03, 2003Thailand108 Min.
Your rating: 0
9.3 8 votes
My Girl (2003) | මගේ 2 වසරේ කෙල්ල

මේක 2003 වසරේ තිරගත වෙච්ච Romance/Comedy ගණයට අයත් වෙන එහෙමත් නැත්තම් coming-of-age romantic ‍ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 51ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටිය IMDB දර්ශකයේ 8ක් වැනි ඇති විශාල අගයක් ලබා ගැනීමට සමත්වෙලා තියනවා. මේ ටිකම හොඳටම ප්‍රමාණවත් මේක කොයිතරම් නම් අපූරූ සුන්දර චිත්‍රපටියක්ද කියලා ඔළුවෙන් ලස්සන චිත්‍රයක් ඇඳගන්න. ඇත්තටම මේ චිත්‍රපටිය බලද්දි මම මගේ ළමා කාලයට නැවත ගියා. උදේට ඉස්කෝලේ යනකොට නැඟිටනකොට තිබුන යුද්ධේ, යාළුවෝ එක්ක රණ්ඩු කරගත්තු, ගහගත්තු, සෙල්ලම් කරපු හැමදේම හරිම සුන්දරව නැවත මගේ මතකයට ආවා. ගැනු ළමයි සම්බන්ධ දේවලුත් ආවා. හැබැයි මේ චිත්‍රපටියේ තරම් නම් හදවත උණුවෙන, දුරදිග ගිය දේවල් නම් වුනේ නෑ. තාමත් අමතක කරන්නම බැරි කෙනෙක් නම් හිටියේ 1 වසරේ.

හරි, එහෙනම් මම කතාව ගැන කෙටියෙන් කියන්නම් වැඩිය spoil නොකර,
ජේබ්, බැන්කොක් වල වැඩ කරන තරුණ වයසේ කඩවසම් කොල්ලෙක්. දවසක් ජේබ්ගේ අම්මා දුරකථන ඇමතුමකින් ජේබ්ට දෙයක් කියනවා. මේත් එක්ක ගෙදරින් දුරස්වෙලා නගරේ රස්සාව කරන ජේබ් ගෙදර එනවා. ජේබ්ගේ තාත්තා කරණවෑමියෙක්, අම්මා ටිකක් වස ගෙදර ගෘහනියක්. ආයේ තමන්ගේ ගමට එනවත් එක්ක මේ කොල්ලට තමන්ගේ පුංචී ළමා කාලය ගැන හරිම සුන්දර මතකයන් සිහියට එනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ… නොයි නා කියන්නේ මේ ජේබ්ගේ පුංචී කාලේ හොඳම මිතුරිය. නොයි නා ලස්සන හුරුබුහුටි විසේකාර කෙල්ලෙක්. ඒකට ජේබ්… හා පැටියෙක් වගේ හරිම අහිංසකයි. වෙලාවකට මුව පැටියෙක් වගේ, ඔහේ බලාන් ඉන්නවා. දෙන්නා නිතර එකටමයි ඉන්නේ, දුවන්නේ පනින්නේ සෙල්ලම් කරන්නේ, ඉස්කෝලේ යන්නේ හැමදේම එකට. මේ හේතුව නිසාම ජේබ්ගේ ඉස්කෝලේ යාළුවෝ නිතර මිනිහට කෙනෙහිලිකම් විහිළු තහලු වගේ දේවල් කරනවා කෙල්ලෙක් එක්ක ඉන්න හින්දා. මේ කාරණා නිසා ජේබ්ට ගමේවත් ඉස්කෝලෙවත් කිසිම පිරිමි යාළුවෙක් හිටියේ නෑ. සෙල්ලම් කරන්න හිටියේ නොයි නයි එයාගේ ගැහැණු යාළුවෝ ටිකකුයි. දවසක් ජේබ් තමන්ට ඉන්න මේ හොඳම එකම යාළුවා එහෙමත් නැත්තම් යාළුවෙකුටත් වඩා එහා ගිය සම්බන්ධයක් තියන මේ සුන්දර නොයි නට කරන එක නොහොබිනා වැඩක් නිසා නොයි නගේ හිත හොඳටම පෑරෙනවා. මේ නිසා කෙල්ල ඇස් දෙකත් රතු කරගෙන කඳුලුත් පුරවන් ජේබ් දිහා දැඩි කලකිරීමකින් මොහොතක් බලාගෙන ඉන්නවා. දෙදෙනාගේම ජීවිත වල තීරණාත්මක හා සංවේදීම මොහොත ලියවැන්නේ මෙතැන් සිටයි.

තවත් කතාව මම ඔයාලට කියන්න යන්නේ නෑ. මේක අනිවාර්-යෙන්ම බලන්න. මඟ ඇරගන්න එපා. මම හිතනවා අපි හැමෝටම child-hood love එකක් ජීවිතේ කොතනැකදි හරි තියෙන්න ඇති කියලා. එයාලව අපිට අමතක කරන්න හරිම ලේසියි, ඒ වුනත් ඒ මතකය අපේ ඔලු වල මැකෙන්නේ නැතුව සදාකාලිව සුන්දරව තියනවා. මේ චිත්‍රපටියෙන් ඒ බව උපරිමයෙන්ම බොහොම අපූරුවට අපිට පෙන්වනවා.

My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baiscopelk)
IMDb 8 /10 2,303 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Idhu Enna Maayam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (HDRip)
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fearless (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust vs Love (2019) Sinhala Subtitles

(1) comment

  • Niroshan September 11, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published