CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4773 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2014United States126 Min.
Your rating: 0
10 10 votes
The Fault In Our Stars (2014) | දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ…

එයාගේ නම.. ඔගස්ටස්. ආදරේට කිවුවේ ගස් (Guz) කියල. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. අපි මේ ලෝකෙට එනවා යනවා. එන්න හා යන්න ලේසි කියමුකෝ හැබැයි ඔය දෙක අතර තියෙන ජීවිතය කියන දෙය ගෙවාගන්න තමයි බොහොම අපහසු. බොහොම බාදා කම්-කටොලු බොහොමයක් එනවා. ඒවා නිසා හිතෙන්නෙම දමලා ගහලා යන්න. අද ලෝකයේ එහෙම කරන මෝඩයන් නැතුව නෙමෙයි ඕන තරම් ඉන්නවා, ඒක හපන් කමක් ද? මම නම් හිතන්නේ නැහැ, බොහොම දෙනෙක් මගෙත් එකක් එකග වේවි. හැබැයි ජිවිතයේ අමාරුව දැනෙන්න අපේ දෙමව්පියන් කියනවා වගේ ලොකු වන්න ඕනේ, අත්දැකීම් ලබන්න ඕනේ… අත්දැකීම් ලබන්න නම් කලක් ජිවත් වෙන්න වෙනවා නේ හැබැයි ඔබට තරුණ වියේම “ඔන්න දැන් යන්න කාලේ හරි, මේ තරම් දවසක් ජිවත් වෙන්න පුළුවන්” කිව්වොත්. විනාසයි නේද ?

හේසල්, ඒ කියන්නේ මම. යාන්තම් ජිවිතයේ ලස්සන දකින්න ලෝකය ලස්සන කරන්න ජිවත් වෙන මම ජිවත් වෙන්නේ මහා බරක් එක්ක, ඒ බර තමයි පිළිකාව. මිතුරන් නැහැ අනික් තරුණ තරුණියන් කරනා විනෝද කෙලී සෙල්ලම් උරුම නැහැ. බොහොම පැත්තකට වුන ජිවිතයක් තමයි ගෙවන්නේ. ගස් කියන්නේ මැරෙන්න බලාගෙන ඉන්න තරුණයෙක් නෙමෙයි, හැබැයි ඔහුටත් මැරෙන දවසක් නම් වෛද්‍ය විද්‍යාව ලබාදීලා තියනවා. ඔහුගේ අරමුණ මේ ඔකොම එකක් සතුටෙන් ඉන්න. විනෝද වෙන්න හැබැයි නරක හැටියට නම් නෙමෙයි. නමුත් ජීවිතය විදින්න. ඉන්න ටිකේ හොදින් ඉන්න එක, ඔහුට නෙමෙයි අපි කොයි කාට වුනත් හොඳයි නේ.. අපි දෙන්නා ඔහොම දෙලොවක ජීවිතය ගෙවනකොට දෙමව්පියන් සුදානම් නැහැ මේක අපිට තනියම දරාගන්න දෙන්න. ඔවුන් අපි දෙන්න යොමු කරනවා උපකාර කණ්ඩායමක් වෙත, දැකලා ඇතිනේ රවුමට ඉදගෙන තමුන්ගේ දුක සතුට බෙදාගන්නා කණ්ඩායම්. එහෙම එකකදී ඔන්න අපි දෙන්නා ඔවුනොවුන් හමුවෙනවා අහම්බයෙන්….. එතෙකින් මම කතාවේ නවතින්නම් හැබැයි අවසානය පුදුම ලස්සන ආදරයක්, ජීවිතය ගැන පාඩමක්, ආදරේ කියාදුන්නු ජිවිතයට ආදරේ ගෙනත් දුන්නු හදවතක්, අනිවාර්යයෙන්ම ඔබේ ඇසට කදුලක්… ඔබත් ගැහැණු ළමෙක් නම් ඔබත් ඔගස්ටස් කෙනෙක්ව ප්‍රර්ථනා කරාවි….

John Green නම් තරුණ ලේඛකයා අතින් ලියවුන The Fault in Our Stars නම් කෘතිය ඇසුරෙන් ඔහු වැනිම තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන Stuck in Love (2012) හි අධ්‍යක්ෂක Josh Boone පුළුල් තීරණය ගෙනා The Fault in Our Stars කතාවයි. මේ වෙනවිට IMDB මීටරයේ 8.3 ක වගේ ඉහල අගයක් ලබාගත්ත මේ සිනමා පටය පාදක වෙන ග්‍රන්ථයත් විශාල වශයෙන් අලෙවි වුන ග්‍රන්ථයක්. චිත්‍රපටය අති සාර්ථක මිලියන 226 කඩයිමක් ලොව පුරා පසු කරන්නේ මිලියන 12 වගේ සුළු මුදලක වියදමෙන්. ඔක්සිජන් ටැංකියක් සමඟ ජිවිතයට පොර බදන ඇය වෙනුවෙන් Divergent (2014) හි රංගනයෙන් දායක වූ සුරූපී (හප්පේ ඉතින් නේ ? ) Shailene Woodley නම් තරුණ නිළිය බොහොම හැගුම්බර රංගනයක නිරත වෙන විට ඇය හා ආදරය බෙදාගන්නා ගස් ලෙස එක්කාසු වෙන්නේ තරුණ නළු Ansel Elgort. මොවුන් දෙදෙනාට අමතරව Nat Wolff, Laura Dern, Sam Trammell හා තවත් විශාල තරුණ හා මහලු නළු නිලි පිරිසක් කදුළු හා මුසුවුන මේ ආදර අන්දරය අපි වෙත ගෙන එන්න මහන්සි වෙලා තියනවා. ඒ වගේම මේකේ එක දර්ශනයක් තියනවා හේසල් ඔගස්ටස් එක්ක බංකුවක වැඩිවෙලා ඉන්නවා. කවුරුහරි කෙනෙක් ඒ බංකුවත් හොරකම් කරලා කියල ආරංචියි ? අවසාන වශයෙන් කියන්නේ තියෙන්නේ මේ චිත්‍රපටය සිනමා ශාලා ආක්‍රමණය කල සතියේ වැඩිම අදායම උපයන්න සමත් වුනා ඒ 48,002,523 වගේ විශාල මුදක්, හැබැයි අන්තර්ජාලයේ වැඩියෙන්ම කැපිලා පෙනුනේ වෙනත් දෙයක්. ඒ සිනමා පටය නරඹා පැමිණි ප්‍රේක්ෂකයන් දැක්වූ අදහස්. බොහොම දෙනෙක් John Green තිත්ත කුණුහරුප භාවිතයෙන් වර්ණනා කොට තිබුනා, ඒ ඔවුන්ගේ හිත පෑරුන නිසා, ඔවුන් කදුළු සාගරයක ගිල්වූ නිසා, ඒ වගේම සිනමාපටය අවසානයේ තිබෙන ගීතයටත් සිංහල උපසිරැසි ගණවල තියනවා මෙතනින් ගිහින් බලාගන්ට ඇහැකියි. සිනමාපටය අවසානයේ තියනවා මේ සින්දුව ඒකටත් උපසිරසි එක්කලා. ඉතින් එහෙමනම් ඔබත් සුදානම් නම් දශකයේ ආදර කතාව නරඹන්න ඔවුන් හා හැඟුම්බර වන්න,

The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7.7 /10 376,537 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Josh Boone
Director

Cast

Shailene Woodley isHazel Grace Lancaster
Hazel Grace Lancaster
Ansel Elgort isAugustus Waters
Augustus Waters
Laura Dern isFrannie Lancaster
Frannie Lancaster
Sam Trammell isMichael Lancaster
Michael Lancaster
Willem Dafoe isPeter van Houten
Peter van Houten
Lotte Verbeek isLidewij Vliegenthart
Lidewij Vliegenthart
Ana Dela Cruz isDr. Maria
Dr. Maria
Randy Kovitz isDr. Simmons
Dr. Simmons

Similar titles

World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Can Be Heroes (2020) With Sinhala Subtitles
Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Swim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Train (2022) Sinhala Subtitles | “අධිවේගයේ ක්‍රියාදාමය” | සිංහල උපසිරැසි සමඟ
Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(5) comments

  • Vikum January 25, 2023 Reply

    Download karanna baane 😓

    • Cinesubz January 25, 2023 Reply

      ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

  • Vikum January 25, 2023 Reply

    Download ba
    😓

    • Cinesubz January 25, 2023 Reply

      ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

  • Niroshan November 9, 2024 Reply

    😐♥️🌟

Leave a Reply to Vikum Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published