CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4089 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 13, 2025United Kingdom127 Min.
Your rating: 0
9.7 66 votes
The Gorge (2025) | අද්භූත දුර්ගයේ අභිරහස

කාලෙකින් හොඳ sci-fi ෆිලුමක් බැලුවේ නැද්ද? ඒ එක්කම හොරර් වයිබ් එකත් තියෙන ඇක්ෂනුත් තියෙන ඒ අස්සේ ආදර කතාවකුත් තියෙන ෆුල් පැකේජ් එකක් බලමුද? මම මේ අරගෙන එන්නේ Apple TV ඔස්සේ උණු උණුවෙම ඊයේ නිකුත් උන The Gorge කියන සුපිරි ෆිලුමයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක මහත්මයා නිසාම මේක එනකන් ඇහැ ගහගෙන හිටියේ. ඔයාලා ආසාවෙන් බලපු Sinister (2012), Soctor Strage (2016), Deliver Us from Evil (2014), The Black Phone (2021) වගේ ගුණාත්මක නිර්මාණ ගෙනාපු Scott Derrickson මහත්මයා තමයි මේ ෆිලුමත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ.

Sci-Fi | Horror | Action යන කාණ්ඩයන්ට මේ චිත්‍රපටය හොඳ විචාරක පැසසුම් එක්ක 82%ක ගූගල් පරිශීලක මනාපත් Rotten Tomatoesහි 64%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. ප්‍රධාන චරිත විදියට Tpm Gun: Maverick (2022), Fantastic Four (2015) යන නිර්මාණ තුලින් හමුවූ Miles Teller ලීවයි කේන් ලෙසත්, ජනප්‍රිය සුරූපී නිළි Anya Taylor-Joy ඩ්‍රාසා ලෙසත්, Alien චිත්‍රපට මාලාවේ එලන් රිප්ලි ලෙස අතිශය ජනප්‍රියවූ Sigourney Weaver බර්ත්ලමිවු ලෙසත්, රංගනයෙන් දායක වෙනවා.

ලීවයි කේන් කියන්නේ හිටපු මැරීන් සෙබළෙක් මෙන්ම අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්. එයාගේ දක්ෂකම නිසාම ලොව හොඳම ස්නයිපර්වරු 5 දෙනා ඇතුලේ ලීවයිත් ඉන්නවා. හැබැයි මෙයා කාත් කවුරුවත් නැතුව, තනියම අරමුණක් නැතුව කුළී භටයෙක් විදියට තමයි ඉන්නේ. ලීවයි මෙහෙම ඉද්දි දවසක් හමුදා ලොක්කෙක් මෙයාට අතිශය රහසිගත මෙහෙයුමක් දෙනවා. ඒක කොච්චර රහසිගතද කියනවනම් ලීවයිට යන්න තියෙන්නේ කොහෙද, කරන්න තියෙන්නේ මොනාද කියලවත් එයාට හරියට දැනගන්න දෙන්නේ නෑ. කොහොමින් හරි තමන්ගේ රාජකාරිය කරන්න ලීවයිට යන්න වෙන්නේ ඉන්න තැනවත් හරියට නොදන්න රටක තියෙන විශාල දුර්ග මාර්ගයක තියෙන මුර පළකටයි. ඉතිං මෙතන කලින් වැඩ කරපු කෙනා යන්න කලින් ලීවයිට ජිවීතේට අහපු නැති අමුතුම තාලේ උපදෙස් මාලාවක් දෙනවා. අන්න එතකොට තමයි ලීවයිට තේරෙන්නේ මේක තමන් හිතපු විදියේ රාජකාරියක් නෙමෙයි කියලා. ලීවයිට ලැබෙන උපදෙස් මොනවද? මේ දුර්ග මාර්ගයට මුර පළක් ඕන වෙන්නේ ඇයි? ඒවට උත්තර ඔයාලා මේක බලලම දැනගන්න.

වැඩි විස්තර කියලා ඔයාලගේ කුතුහලය නැති කරන්න ඕනනෑනේ. කෝකටත් කියලා ඔයාලා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා හිටියනම් මේකට තවත් කැමති වෙයි කියලා මම හිතනවා.

The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6.8 /10 7,951 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boonie Bears: Homeward Journey (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insidious: The Last Key (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bird Box (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hitman: Agent Jun (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Shyamila February 18, 2025 Reply

    Good film. Thank you.

  • Dinel March 5, 2025 Reply

    Thanks 🩷

  • SHASHI March 7, 2025 Reply

    good wrk thanx \m/

Leave a Reply to Dinel Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published