CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2482 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+

Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Aug. 25, 2023United States105 Min.
Your rating: 0
9.2 10 votes
Vacation Friends 2 (2023) | යමුද ආතල් කුඩු වෙන ට්‍රිප් එකක්? | 18+

මේ චිත්‍රපටය 2023 අගෝස්තු මස 25 දින Hulu සහ Disney+ ඔස්සේ නිකුත් කරන ලද, Comedy | Buddy | Adventure ගණයට අයත් පට්ට ආතල් ෆිල්ම් එකක්. මේකේ පලමු චිත්‍රපටය වන Vacation Friends (2021) සදහාත් බයිස්කෝප්වාසී සහෝදරෙක් සබ් කරලා තියනවා. නමුත් ඒක බලපු නැති කෙනෙක්ට උනත් කිසි අවුලක් නැතුව මේක බලන්න පුළුවන්. කතා දෙක අතර ලොකු සම්බන්ධයක් නෑ. ඒත් පලවෙනි එකත් මිස් කරගන්න එපා. මොකද ඒකත් පට්ට ම ආතල්.

කතාව පැත්තට හැරුනොත් ඔන්න මාකස් සහ එමිලි කියලා කපල් එකක් ඉන්නවා. මුන් හරි නෝමල් කපල් එකක්. මුන්ගේ යාලුවෝ වෙන තව කපල් එකක් ඉන්නවා රොන් සහ කයිලා කියලා. මුන් ඩබලනෙ වැඩේ. මුන් දෙන්නා ඇවිල්ලා පිස්සු කුජීත වැඩ කරන, යන යන තැන ආතල් ගන්න, පිස්සුම ඩබලක්. තනිකරම ආතල් කුඩු. ( මේ කපල් දෙක එකිනෙකාට මුන ගැහෙන හැටි පලවෙනි ෆිලුමේ තියනවා ) හැබැයි මුන් ටික සෙට් වෙන්නෙ කොහෙහරි ට්‍රිප් එකක් යද්දි විතරයි.

මාකස්ටයි එමිලිටයි තියනවා එයාලගෙම කියලා පොඩි ඉදිකිරීම් සමාගමක්. ඉතින් මෙයාලට අවස්තාවක් ලැබෙනවා “කිම් වේයි” කියලා ලොකු කොරියන් කම්පැනියකින් කරන හෝටලයක් හදන ප්‍රොජෙක්ට් එකකට අතගහන්න. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මාකස්ට භාරදෙනවද නැද්ද ගැන කතා කරගන්න ඕන නිසා මේ වැඩේට මීටින් එකක් තියනවා කැරිබියන් දූපත් වල. ඉතින් ඒ මීටින් එකට යන්න ඕන නිසා, මීටිමට සතියකට විතර කලින් නිවාඩුවක් ගතකරන්නත් එක්ක මුන් දෙන්නා කැරිබියන් වලට යන්නයි හදන්නෙ. ඒ ට්‍රිප් එකට එන්න කියලා රොන්ටයි කයිලාටයිත් ආරාධනා කරනවා. හැබැයි රොන්ලාට කියන්නෙ නෑ මේක අස්සෙ ලොකු බිස්නස් වැඩකුත් තියනවා කියලා. මොකද උන් පිස්සු කෙලලා වැඩේ අල කරයි කියලා. ඉතින් මුන් සෙට් එකට මොන වගේ ආතල් වලට මූණ දෙන්න වෙයිද කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න ම වෙනවා.

ඉතින් චිත්‍රපටය පටන් ගන්නේ මුන් දෙගොල්ල කැරිබියන් වලට යෑම සදහා එයාපෝට් එකට එන සීන් එකකින්. ඔන්න ඉතින් එතන ඉදන් ආයෙ එක දිගටම නන්ස්ටොප් සුපිරි ආතල් එකක් තමයි යන්නේ. මේකෙ සිද්ද වෙන්නේ අපි කිසිසේත්ම නොහිතන විදිහේ අහබු ආතල්. තනිකරම පිස්සු කොර වෙන හිටිහැටියේ සිද්දවෙන ආතල් සිද්දි ටිකක් එක්ක තමයි කතාව ගලාගෙන යන්නෙ. කිසිම කම්මැලි කමක් නැතුව හොදට හිනාවෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ ඕං. ඒක නිසා මේක මිස් කරගන්නවා එහෙම නෙවෙයි ඕං. මේකෙ රොන් ලෙස රඟපාන්නෙ අපි කවුරුත් දන්නා කියන රෙස්ලින් ශූරයා ජෝන් සීනා. මූ නං දෙනවා ආතල් ටිකක් ආයෙ කියලා වැඩක් නෑ. මේකෙ කතාකරන වචන නම් ටිකක් සැරයි. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

ඉතින් මම මේක කරන්න හිතන් හිතපු සබ් එකක් නෙවෙයි. විමා සහෝ අහලා තිබ්බා ඊලගට මේකට සබ් එක කරමුද කියලා. විමා සහෝ කරපු ඉල්ලීම අහක දාන්න නොහැකි නිසා, බැරි බැරි ගාතේ අමාරුවෙන් සබ කෙටුවා. උපසිරැසි පරිවර්තනයට මම තවම අලුත් නිසා මාත් තවම මේ වැඩේට හුරුවෙන ගමන් ඉන්නේ. ඉතින් කිව්වත් වගේම මේකට සබ පරිවර්තනය කරන්න පට්ටම ගේමක් දෙන්න උනා. නොතේරෙන තැන් බොහොමයක් තිබුනා. කතාවේ රසයට හානිවෙන්නැතුව සබ කරන්නත් එපැයි. ඒ නිසා සමහර දෙබස් වලින් කතාවේ අර්ථයට හානියක් වෙලා තියනවා නම් මම ඇත්තටම සමාව ඉල්ලනවා. දවස් හයක් හතක් නිදිමරාගෙන තමයි සබ් එක ටයිප් කලේ.

හරි එහෙනම් කෙසේ හෝ ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට බොහොම ස්තූතියි. “මෙම සලරුව කරමුද සහෝ” කියලා වැඩේට සෙට් කරපු ඇඩ්මින් මඩුල්ලේ විමා සහෝටත් බොහොම ස්තූතියි.

ආතල් කුඩු වෙන ට්‍රිප් එකක් යන්න ආස නම් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. ආතල් ඇත්තෝ නරඹත්වා… ඒස්වා…පුහ්…!!!

    Vacation Friends Complete Collection
  1. Vacation Friends (2021)
  2. Vacation Friends 2 (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුදර්ශන (king suu) (Baiscopelk)
IMDb 5.3 /10 6,814 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Clay Tarver
Director

Cast

Similar titles

Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luca (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill ’em All 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret Sets a Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kavindu November 28, 2023 Reply

    film ekata kalin me post eke aithikarayata thanks karnawa.. Sub eka kotapu ekkenata thank u saho.. Ube post eke anthima wachana tika waduna hithatama..adarei

Leave a Reply to Kavindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published