The Defects (2025) TV Series | S01 Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි. අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට් එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.
දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.
The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.
ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…
ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.







